‘චොකා මල්ලී’ පාර්ලිමේන්තු එන්න ඉල්ලයි

මරණ දඬුවම නියම වී වැලිකඩ බන්ධනාගාරයේ සිටින හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයකු වන ප්‍රේමලාල් ජයසේකර හෙවත් ‘චොකා මල්ලී’ අගෝස්තු 20 වනදා පැවැත්වෙන පාර්ලිමේන්තුවේ මංගල සභා රැස්වීමට සහභාගී වීම සඳහා බන්ධනාගාර අධිකාරියෙන් අවසර ඉල්ලා ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග අනාවරණය කරයි.

මෙම ඉල්ලීම බන්ධනාගාර මූලස්ථානය වෙතින් අධිකරණ අමාත්‍යංශය වෙත යොමුකර ඇති අතර, අධිකරණ අමාත්‍යංශයෙන් ලැබෙන අනුමැතියට අනුව ප්‍රේමලාල් ජයසේකරට පාර්ලිමේන්තු යාමට අවසරය ලැබෙනු ඇත.

සිය දඬුවමට එරෙහිව අභියාචනාවක් ඉදිරිපත් කිරීම නිසා රිමාන්ඩ් සැකකරුවකු ලෙස සැලකෙන බවත්, ඔහු රිමාන්ඩ් සිර මැදිරියක තිබෙන අතර බන්ධනාගාරයේ දැඩි ආරක්ෂාව සහිත ස්ථානයක ඔහු රඳවා සිටීයි.

මරණ දඬුවම නියමවූ ප්‍රේමලාල් ජයසේකර හෙවත් ‘චොකා මල්ලී’ අවසන් වූ මහ මැතිවරණයෙන් රත්නපුර දිස්ත්‍රික්කයෙන් මනාප 142,037ක් ලබා එහි දෙවන ස්ථානයට තේරී පත්විය.

Leave A Reply

Your email address will not be published.

18 − seven =