” ශානි හරහා කොහේ ගියත් ” බහුතර බලයෙන් ඔවුන් සමත් !

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර යළිත් රිමාන්ඩ් කෙරුණේ පසුගිය 07 දා ය. ඒසේම ඒම දෙපාර්තමේන්තුවේ මිනීමැරුම් සහ සමූහ මංකොල්ල විමර්ශන අංශයේ ස්ථනාධිපති ධුරය දැරූ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වාට වරෙන්තු නිකුත් කරන ලෙස ද ඒදින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අධිකරණයෙන් ඉල්ලීමක් කරන ලදි. ඒය ඊළඟ නඩු දිනයේදී සලකා බැලීමට තීරණය කෙරිණි. ශානි අබේසේකරට ඒරෙහි මෙම චෝදනාව සම්බන්ධයෙන් මෙතෙක් නීතිපති දෙපාර්තමේන්තුව පාර්ශ්වයෙන් කිසිදු මැදිහත්වීමක් සිදු කර නැති අතර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තව නඩුව මෙහෙයවනු ලබයි.
වැඩතහනමට ලක්ව සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර කොළඹ අපරාධ කොට්ඨාසය මඟින් පසුගිය 31 දා උදෑසන අත්අඩංගුවට ගනු ලැබීය. ඒ පීඩාකාරී ගිනිඅවි සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ විමර්ශනයක සාක්ෂි සැඟවීමේ චෝදනාව මතය. හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ඇතුළු සැකකරුවන් 7කට අදාළව, පීඩාකාරී ආයුධ සන්තකයේ තබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මේ වන විට එම විමර්ශනය ක්‍රියාත්මක වේ. 2013 වසරේදී කොළඹ අපරාධ කොට්ඨාසය මගින්, දැනට මරණ දඬුවම නියම වී සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් ඇතුළු 08 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණේ ගිනි අවි සන්තකයේ තබා ගැනීමේ චෝදනා යටතේය. එම සිද්ධියට අදාළ ගිනි අවි ගම්පහ, කලගෙඩිහේන ප්‍රදේශයෙන් සොයාගෙන තිබිණි.
ඒ සම්බන්ධයෙන් සාක්ෂි ලබා දී තිබූ හිටපු පොලිස් නිලධාරීන් දෙදෙනෙකු, ආයුධ සොයාගත් නිවසේ හිමිකරු සහ ඔහුගේ බිරිඳ යළි අධිකරණය හමුවේ සාක්ෂි ලබාදෙමින්, මීට පෙර ලබා දුන් සාක්ෂි අසත්‍ය බව ප්‍රකාශ කර ඇත. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවසා තිබුණේ ශානි අබේසේකර විසින් අදාළ ස්ථානයට ගිනි අවි ගෙනැවිත් දමා, ඒවා එම ස්ථානයෙන් සොයාගත් බවට අසත්‍ය තොරතුරු නිර්මාණය කර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇති බවයි.
කොළඹ අපරාධ කොට්ඨාසය ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබුණේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර, පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා, එවකට පොලිස් සැරයන්වරයෙකුව සිටි සුගත් මෝහන මෙන්ඩිස් ඇතුළු තවත් නිලධාරීන් පිරිසක් ගම්පහ කලගෙඩිහේන ප්‍රදේශයේ නිවසක දර මඩුවක අවි තොගයක් සඟවා, පසුව එම අවි තොගය අත්අඩංගුවට ගෙන වාස් ගුණවර්ධනට අයත් බවට කරුණු වාර්තා කර, අධිකරණය නොමග හරිමින් අසත්‍ය වාර්තා ඉදිරිපත් කර ඇති බවකි. වාස් ගුණවර්ධනට දැනට දඬුවම් නියම කර ඇති මොහොමඩ් සියාම් නමැති ව්‍යාපාරිකයාගේ ඝාතනයට අදාළ ගිනි අවියත් ඒහිදී පොලිසිය භාරයට ගනු ලැබූ අවි අතර තිබේදැයි මහේස්ත්‍රාත්වරයා මෙහිදී විමසා තිබූ අතර, ඊට පිළිතුරු වශයෙන් කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් අධිකරණයට පවසා තිබුණේ එම ඝාතනයට යොදාගත් ගිනි අවිය එම අවි තොගයේ නොමැති බවයි. එය මෙතෙක් පොලීසිය භාරයට ගැනීමට නොහැකි වී ඇතැයිද ඔවුන් අධිකරණයට දැනුම් දී තිබිණි.
මේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඒවකට සැරයන්, වර්තමානයේ උප පොලිස් පරීක්ෂක සුගත් මෝහන මෙන්ඩිස් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ චමින්ද අතුකෝරල අධිකරණයේදී සඳහන් කර තිබුණේ කොළඹ අපරාධ කොට්ඨාසයට භාරවූ තම සේවාදායකයාගෙන් ප්‍රකාශ ලබාගන්නා අවස්ථාවේ එහි සහකාර පොලිස් අධිකාරිවරයෙකු ඔහුට බලපෑම් කර ඇති බවයි. සැකකරුට මහේස්ත්‍රාත්වරයා හමුවේ රහසිගත ප්‍රකාශයක් ලබාදීමට අවසර දෙන්නැයි නීතිඥවරයා කළ ඉල්ලීමට ද පසුගිය 04 දා අධිකරණයේ අවසරය හිමි විය.
වාස් ගුණවර්ධණ විසින් තමන්ට ඒරෙහි තීන්දුව සම්බන්ධයෙන් ගොනු කර තිබූ අභියාචනයේ තීන්දුව ලබාදීම ප්‍රමාද වූයේ ඒහි විනිසුරුවරයකු ලෙස කටයුතු කළ ප්‍රසන්න ජයවර්ධන මියයෑම හේතුවෙන් ය. ඒම නිසා නැවත නව විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම නඩුවේ කටයුතු ආරම්භ කිරීමට නියමිතව ඇත. ඒ් අතරතුරදී ය, මේ අදිසි සිදුවීම සිදුවන්නේ.
මේ ආකාරයෙන්ම ය, රත්නපුරයේදී 2015 ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු අතර සිදු වූ ඝාතනයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමෙන් පසු මරණ දඬුවම නියම කෙරුණු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර හෙවත් චොකා මල්ලි නඩුව පිළිබඳව වාසුදේව නානායක්කාර හිටපු මන්ත්‍රීවරයා මාධ්‍ය හමුවකදී අදහස් පළකර තිබුණේ. ඔහු කියා තිබුණේ මහාධිකරණය මගින් ලබාදුන් තීන්දුව අවසාන තීන්දුව නොවන බවත්, ඒහි සාක්ෂි සම්බන්ධයෙන් වන ගැටළුව ඉදිරියේදී මතුකිරීමට අපේක්ෂා කරන බවත් ය. පහළ අධිකරණයකින් දඬුවම් ලැබූ චූදිතයකුට, ඒම කීන්දුවට ඒරෙහිව අභියාචනා කිරීමේ අයිතියක් ඇත. ඒහෙත් ඒකම දේ ඒකම ආකාරයට විවිධ හැඩතලවලින් සිදුවන්නේ නම්, ඒහි කුමක් හෝ කතාවක් ඇත.
‘මම මිනීමරුවෙක්. උඹලට හැමදාම මාව ඇතුළෙ තියන්න බෑ ශානි. මං ඒළියට ආවහම මොනවද කරන්නෙ කියලා බලාගනින්.’
හිටපු නියෝජ්‍ය පොලිස්පති, දැනට දඬුවම් නියම කර ඇති වාස් ගුණවර්ධන, ඒවකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරිවරයෙකු වූ ශානි අබේසේකරට තර්ජනය කර තිබුණේ ඒසේ ය. ඒ 2013 ජුනි 10 වැනිදා ය.
2015 වසරේදී පරාජයට පත්ව, 2019 නොවැම්බර් 16 දා නැවත බලයට පැමිණි වර්තමාන ආණ්ඩුව පසුගිය ජනවාරි මාසයේදී ශානි අබේසේකරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ධුරයෙන් ඉවත් කරන ලදි. ඉන්පසු ඔහුව දකුණු පළාත් භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පෞද්ගලික සහකාර ලෙස ධුරයෙන් පහළ තනතුරක පිහිටුවන ලදි. මහින්ද රාජපක්ෂ ජනාධිපති ධුරය දරන කාලයේදී, ඒනම් 2011 දී සිදු වූ දේශපාලන සංවේදී ඝාතන සිද්ධියක් සම්බන්ධයෙන් පසුගිය රජයේ හිටපු ඇමැතිවරයෙකු සමග සිදුකෙරුණු දුරකතන සංවාදයක් මත ශානි අබේසේකරගේ වැඩ තහනම් කිරීම අනතුරුව සිදු විය. දැන් ඔහු රක්ෂිත බන්ධනාගාරයේ ය.
ඊට අදාළ පූර්ව අනාවැකියක් නීතිඥ සංවිධාන ඒකමුතුව නම් සංවිධානයක සභාපති ධුරය දරන නීතිඥ මනෝජ් ගමගේ පළ කර තිබූ බව මාධ්‍ය වාර්තා කර තිබිණි. ඒ, අනාගතයේ බිහිවන පොදුජන පෙරමුණු ආණ්ඩුවක් යටතේ ශානි අබේසේකර සිරගත කරන බවකි.
පසුගිය වසරේ නොවැම්බර් 25 වැනිදා, ඒනම් ජනාධිපතිවරණයෙන් දින නවයකට පසු, ශානි අබේසේකරගේ උපදෙස් මත ආන්දෝලනයට තුඩු දුන් විමර්ශන රැසක් මෙහෙයවූ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා අත්අඩංගුවට ගැනීමට නියමිතව තිබූ බව මාධ්‍ය වාර්තා කළේය. ඊට පෙර දිනයේ, එනම් නොවැම්බර් 24 වැනිදා ඔහු විදේශගත විය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා එම දෙපාර්තමේන්තුවේ රහසිගත ලිපි ගොනු රැසක් ද රැගෙන පළා ගිය බවට ද චෝදනා එල්ල කෙරිණි. ඒවා මගින් ජාත්‍යන්තරය තුළ රටේ කීර්තිනාමය පළුදු කිරීමේ උත්සාහයක ඔහු නිරත වනු ඇති බවට ද අනාවැකි පළ විය. රාජ්‍ය නොවන සංවිධානයක් නිශාන්ත සිල්වාට විදෙස්ගත වන්නට නොව, රටින් පනින්නට උදව් කර ඇති බව ද සඳහන් විය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බෙල්ලන්විල පන්සලේදී පැවසුවේ ‘අර නිශාන්ත සිල්වා කියන නිලධාරියා ජිනීවා පැනලලු‘ යනුවෙන් ය. ජිනීවා බිල්ලෙකු මවා පෑ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව, විපක්ෂයේ සිටියදී ජිනීවා වලට ලියුම් ලියූ බව ද අමතක කළ යුතු නැත. ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර ප්‍රධාන කාර්යාලය පිහිටුවා ඇත්තේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ ය.
නිශාන්ත සිල්වා අපට අනුව ජීවිතාරක්ෂාව පතා විදේශගත වීමෙන් පසු, ඔවුන්ට අනුව රටින් පැනීමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 700 කට පමණ විදෙස්ගත වීම තහනම් කර ඇති බව මාධ්‍ය වාර්තා කළේය. ආගමන-විගමන දෙපාර්තමේන්තුවේ කටුනායක ගුවන් තොටුපොළ කාර්යාලයට මීට අදාළ තොරතුරු යොමු කර තිබේ. මේ අතරවාරයේ ය, පෙර කී ආකාරයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාව සිටි, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකරට ස්ථාන මාරුවක් ලබා දීමට කටයුතු කෙරුණේ. ඒ දකුණු පළාත් භාර නියෝජ්‍ය පොලිස්පති නුවන් වෙදසිංහගේ පෞද්ගලික සහකාර ලෙස ය. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයෙකු, ඊට වඩා එක් උසස්වීමක් ඇති නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ පෞද්ගලික සහකාර කිරීමකි, සිදු වූයේ. මේ කියන නියෝජ්‍ය පොලිස්පති නුවන් වෙදසිංහ කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයාව සිටියදී, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ධුරය දැරුවේ ශානි අබේසේකර ය.
2018 ඔක්තෝබර් 26 වැනිදා මහින්ද රාජපක්ෂ නීතිවිරෝධී අගමැති ධුරයට පත් කෙරුණු ව්‍යවස්ථා කුමන්ත්‍රණයෙන් පසුව ද මේ ආකාරයේම ස්ථාන මාරුවක් කඩිමුඩියේ සිදු කෙරිණි. ඒ නිශාන්ත සිල්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සිට මීගමුව පොලිස් කොට්ඨාසයේ සාමාන්‍ය රාජකාරි සඳහා මාරු කර යැවීමයි.
මහින්ද රාජපක්ෂ ජනාධිපති ධුරය දරන කාලයේ බලය අවභාවිත කරමින් ඔහු සහ ඔහුගේ පවුලේ සමීපතමයන් සෘජුව හා වක‍්‍රව සම්බන්ධ වී කළ බවට සැක කෙරෙන බරපතළ අපරාධ රැසක් විමර්ශනය සිදු කෙරුණේ ශානි අබේසේකරගේ උපදෙස් මත, නිශාන්ත සිල්වා විසින් ය. 2009 ජනවාරි 08 දින දෙහිවල, අත්තිඩියේ ගුවන් හමුදා කඳවුර පෙනෙන මානයේදී සන්ඩේ ලීඩර් පුවත්පතේ ආරම්භකයා මෙන්ම එහි ප‍්‍රධාන කර්තෘවරයාද වූ ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය කිරීම, නේෂන් පුවත්පතේ හිටපු නියෝජ්‍ය කර්තෘ කීත් නොයාර් දෙහිවලදී පැහැරගෙන ගොස් මල්වාන ප‍්‍රදේශයේදී බරපතළ ලෙස පහර දී තර්ජනය කිරීම, රිවිර පුවත්පතේ හිටපු කර්තෘ උපාලි තෙන්නකෝන්ට පහර දීම සහ කැපුම් තුවාල සිදු කිරීම, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී නාමල් පෙරේරාට පහර දීම වැනි සිදුවීම් වලට අදාළ විමර්ශන ඒ අතර විය.

එසේම 2008 – 2009 කාලයේදී නාවික හමුදාවේ කප්පම්කරුවන් පිරිසක් විසින් පැහැරගෙන ගොස් ඝාතනය කරන ලද බවට අධිකරණය ඉදිරියේ නඩු විභාග වන කොළඹ හා තදාසන්න ප‍්‍රදේශ වල තරුණයන් 11 දෙනාගේ ආන්දෝලනාත්මක සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනය කරන ලද්දේද මේ පොලිස් පරීක්ෂකවරයා ය. ත‍්‍රීකුණාමලය නාවික හමුදා කඳවුරේ ගන්සයිඞ් නමින් වෙනම ප‍්‍රදේශයක පැහැරගෙන ගිය තරුණයන් රඳවාගෙන සිටි බවත්, කොළඹ පිට්ටු බම්බුව නම් ස්ථානයේදීද මේ තරුණයන්ට වධ-හිංසා කර ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණය කරගෙන තිබිණි. හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මීට අදාළ පැමිණිල්ල ඉදිරිපත් කර තිබූ අතර, පසුව අනාවරණය වී තිබුණේ ඔහු තමන්ගේ පෞද්ගලික සහකාරවරයා ලෙස කටයුතු කළ නිලධාරියාගෙන් පළිගැනීම සඳහා මේ පැමිණිල්ල කළ බවත්, ඔහුද මේ පැහැරගැනීම් වලට වක‍්‍රව දායක වී ඇති බවත් ය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හිටපු නාවික හමුදාපති ට‍්‍රැවිස් සින්නයියා විසින් ලබාදුන් ප‍්‍රකාශයකද මේ කරුණු සඳහන් කර ඇතැයි මාධ්‍ය වාර්තා කර තිබිණි. දැනට ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී ධුරය දරන අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මේ සිද්ධියේ සැකකරුවන්ට ආරක්ෂාව ලබා දී ඇති බව සාක්ෂි සහිතව කොළඹ, කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණයට දැනුම් දීමෙන් පසු එවකට එහි මහේස්ත‍්‍රාත්වරිය වූ ලංකා ජයරත්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබුණේ සාක්ෂි ඇත්නම් ඔහු අත්අඩංගුවට ගන්නා ලෙසයි. මේ ගැන ප‍්‍රකාශයක් ලබාදෙන්නට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස දැන්වීමෙන් පසු, ඒවකට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ආශිර්වාදය යටතේ විදේශගත වීමටද රවීන්ද්‍ර විජේගුණරත්න කටයුතු කර තිබිණි.

මෙසේ දිගින් දිගටම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු පරීක්ෂණ කණ්ඩායම තමන් පස්සේ පන්නන නිසා එයින් ගැළවීමට රවීන්ද්‍ර විජේගුණරත්න නම් නාවික හමුදා නිලධාරියා ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානි ධුරය අවභාවිතාවේ යෙදවීය. ජනාධිපතිවරයා ප‍්‍රමුඛ ආරක්ෂක අංශ ප‍්‍රධානීන් සහභාගි වන ජාතික ආරක්ෂක මණ්ඩල රැස්වීමේදී පවා මේ ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානියා තමන් අත්අඩංගුවට ගැනීමේ උත්සාහයක් පවතින බව සඳහන් කර තිබුණේ ඒ් අනුව ය. මේ කියන ආරක්ෂක මණ්ඩල රැස්වීම පවත්වා තිබුණේ 2018 නොවැම්බර් 15 දින ය. 16 වනදා පොලිස්පතිවරයාට දුරකතන ඇමතුමක් ලබා දී ඇති ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානියා ඔහුට පවසා ඇත්තේ ආරක්ෂක මණ්ඩල රැස්වීමේදීත් කීමෙන් පසු නිශාන්ත සිල්වා මාරු නොකොට කුමක් කරන්නේද යනුවෙනි. මේ බව මාධ්‍ය වාර්තා කළේය. ඉන්පසු මේ කේලම ජනාධිපතිවරයාගේ කණට ගෙන ගොස් ඇති මාණ්ඩලික ප‍්‍රධානියා, ඒ හරහා පොලිස්පතිට නියෝගයක් නිකුත් කරවා ගත්තේය. මේ හරහා ජනාධිපතිවරයා මෙන්ම ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානියාද සාක්ෂිකරුවන් හා වින්දිතයන් ආරක්ෂා කිරීමේ පනත බරපතළ ලෙස උල්ලංඝනය කර තිබිණි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මීගමුව පොලිස් කොට්ඨාසයේ සාමාන්‍ය රාජකාරි සඳහා මාරු කෙරුණේ ඒ අනුවය. සේවා අවශ්‍යතා මත යැයි පොලිස්පතිවරයාගේ මාරු කිරීම් පණිවුඩයේ සඳහන්ව තිබිණි.
ප‍්‍රධාන පොලිස් පරීක්ෂක නිලයෙන් පහළ ස්ථාන මාරුවීම් පොලිස්පතිවරයාට කරන්නට හැකිය. ඊට ඉහළ මාරුවීම් කළ යුත්තේ ජාතික පොලිස් කොමිසම හරහාය. ඒ ද 19 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ ස්වාධීන කොමිෂන් සභා බලාත්මක කිරීමෙන් පසුවය. ඊට පෙර දේශපාලනඥයන්ගේ වුවමනාව මත නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් වැන්නවුන් පවා මාරු කෙරිණි. ලතීෆ්ව බදුල්ලෙන්, මොණරාගලට, යළිත් බදුල්ලට ආදී වශයෙන් මාරු කෙරුණේ එම දිස්ත්‍රික්ක දෙකේ සිටි දේශපාලනඥයන්ගේ පෞද්ගලික ව්‍යාපාර වලට ඔහුගෙන් එල්ල වූ තර්ජනය නිසා ය.

නිශාන්ත සිල්වා අභියාචනයක් මගින් මෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින්ද තමන්ගේ මේ ස්ථාන මාරුව වහාම අවලංගු කරන ලෙස කොමිසමෙන් ඉල්ලීය. ඒ අනුව වහාම මේ සම්බන්ධයෙන් වාර්තාවක් ලබාදෙන ලෙස පොලිස් කොමිසම පොලිස්පතිවරයාට නියෝගයක් නිකුත් කළේය.
මේ ආකාරයට ආරම්භ වූ සිදුවීම් ජාලයක, තවත් එක් පියවරක් ලෙස ශානි අබේසේකරගේ සිදුවීම හැඳින්විය හැකි බවට නීතිවේදීහු තර්ක කරති. කෙසේ වෙතත් ඒ් වෙලාවේ ක්‍රියාත්මක වූ ජාතික පොලිස් කොමිසම වැන්නක් ඉදිරියේදී නොතිබිය හැකිය. ඊට හේතුව වර්තමාන ආණ්ඩුව විසින් 19 වැනි ආණඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීම සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් මැතිවරණ ප්‍රචාරක කටයුතු අතර ඉදිරියට ගෙනඒ්ම ය. ඔවුන් ඒ් පිළිබඳව ජනතාවට සෘජුව අදහස් පළකර තිබූ අතර, ජනතාවගේ පාර්ශ්වයෙන් ද ඒ මතය බහුතර කැමැත්තෙන් අනුමත කර ඇත. එම නිසා අධිකරණ ක්‍රියාමාර්ග පිළිබඳව බලා සිටිය යුතුය.
අධිකරණ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් වන වැදගත් කරුණක් වන්නේ කුරුණෑගල රාජසභා මණ්ඩප සිද්ධියයි. ඒහිදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පැමිණිලි කර තිබියදී, ඊට අදාළ වගකිවයුත්තන්ට ඒරෙහිව නීතිය ක්‍රියාත්මක වූයේ නැත. ඒ් සම්බන්ධයෙන් දේශපාලනඥයන් විවිධ අදහස් පළකර තිබූ අතර, ඒ් සියල්ලේ වාසිය ගියේ විත්ති පාර්ශ්වයට ය. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පාර්ශ්වයෙන්ද මුලින් දැරූ අදහස වෙනස් කර, පසුව විත්ති පාර්ශ්වයට තරමක් වාසිදායක අදහසක් පළකරනු දැකිය හැකි විය. ඒහිදී නීතියේ ආධිපත්‍යය ද, රාජසභා මණ්ඩපය මෙන්ම ඩෝසර් වූ ආකාරය දැකිය හැකි විය. ඒහෙත් මේ වන විට නීතිපති දෙපාර්තමේන්තුවෙන් වැඩ බලන පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී ඇත්තේ අදාළ නීතිමය කටයුතු කඩිනමින් සිදුකරන ලෙස ය.
ශානි අබේසේකරගේ සිදුවීම හා ඒ ආශ්‍රිත සිදුවීම් සම්බන්ධයෙන් මෙහි කරුණු දැක්වුවද, නීතියේ ආධිපත්‍යය සම්බන්ධයෙන් කුමක් මෙහි ලියූවද, ජනතාවගේ පාර්ශ්වයෙන් අති බහුතර බලයක් ආණ්ඩුවට ලබාදී තිබේ. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට සහ මහින්ද රාජපක්ෂ අගමැතිවරයාට ජනතාව ඉහළම ජනවරමක් ලබාදී ඇත්තේ තමන් වෙනුවෙන් ඔවුන් නිවැරදි තීරණ ගනු ඇතැයි යන විශ්වාසයෙන් ය.
ඒ් අති බහුතර ජනවරමට ජනාධිපතිවරයා, අගමැතිවරයා මෙන්ම සියල්ලන් ගරු කළ යුතුය. තමන් වෙනුවෙන් ඕනෑම නීතියක් ස්ථාපිත කිරීමේ අති බහුතර බලය ලබාදීම යනු, ඔවුන් පිළිබඳව ඇති ජනතා විශ්වාසයේ තරම පිළිඹිබු කෙරෙන්නකි.
-ශාලික විමලසේන

Leave A Reply

Your email address will not be published.

10 − seven =