ජනාධිපතිට එරෙහිව නඩු

161

වසර හයක සිර දඬුවම් නියම කර සිරදඬුවම් විඳිමින් සිටි ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති විසින් පොදු සමාව යටතේ නිදහස් කිරීම සම්බන්ධයෙන් තමන් දැඩි විරුද්ධත්වය පළ කරන බව රාජපක්ෂ රෙජීම පාලනය විසින් අතුරුදහන් කළ  මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳ, සන්ධ්‍යා එක්නැලිගොඩ සඳහන් කරයි. මාධ්‍ය හමුවක් අමතමින් ඇය මේ බව සදහන් කළ අතර  ජනාධිපති සිරිසේන  විසින් කරන ලද මෙම ක්‍රියාව හේතුවෙන් තමන්ගේ මුලික අයිතිවාසිකම් කඩවීමක් සිදු ව ඇති බැවින් ජනාධිපතිගේ මෙම තීන්දුව අභියෝගයට ලක්කරමින් තමන් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පවරන බවත් සදහන් කර ඇත.

එමෙන්ම ජනාධිපතිවරයාගෙන් එම තීන්දුව නිසා තම ජීවිතයට තර්ජනයක් වී ඇති බවත් තමන් මේ ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් සියලු තානාපති කාර්යාල දැනුවත් කරන බව ද ඇය සඳහන් කළාය.

Previous articleදිවයිනේ හේමන්ත රන්දුණුගෙන් CIDයට දිගට හරහට ඇමතුම්
Next articleවිදොදෝට එරෙහිව ජනතාව වීදි බසිති

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here