කොවිඩ් 19 නොසලකා ලෙබනනයට උදවු කිරීමට පැමිණි ලෝකයේ සුන්දරම මිනිසුන්

වෛරස් වසංගත තත්වය නොසලකා ලෙබනනයට උදවු කිරීමට ලෝකයේ සුන්දරම සුන්දර මිනිසුන් පැමිණ ඇත

බො‍‍හෝ මානව හිතවාදී කණඩායමි පැමින ඇත්‍‍තේ ලෙබනනයට කිලෝ මීටර් සිය ගණනක් දුරින් යුත් සයිප්‍රස් රාජ්‍ය යෙනි. දේශීය වශයෙන්ද ජාත්‍යන්තර වශයෙන්ද ප්‍රධාන පෙලේ සංවිධාන 10 ක් බෙිරූටි නගරය විනාශයෙන් පසු පිරිසිදු කිරීමද උන් හිටි තැන් අහිමි ලක්ෂ සංඛ්‍යාත ජනතාවකට උදවු කිරීමටද දිවා රෑ වෙහෙස වෙමින් සිටිත්.
ලෙබනන් ජනතාවට සහයෝගය ලබා දිය හැකි ක්‍රම සොයන අය සඳහා, රට තුළ ක්‍රියාත්මක වන එකී සංවිධාන 10 ලැයිස්තුවක් ලෙස පෙළ ගැසෙමින් අන්තර්ජාලය තුලින් ලෙබනන ජනතාවට මෙි මොහොතේ අත්‍යාවශ්‍ය මොනවද යන්න විස්තර කරමින් සිටී.
විපතට පත් ජනතාව රෝහල් කරා ගෙනයාමෙි ගිලන්රථ සේවා සපයන ප්‍රධාන සැපයුම්කරු ලෙබනන් රතු කුරුසය වන අතර, තුවාල ලැබූවන්ට ප්‍රතිකාර කිරීම සහ සෙවීමේ සහ මුදා ගැනීමේ මෙහෙයුම් සඳහා උතුරු ලෙබනනය, බෙකා සහ දකුණු ලෙබනනයේ සිට බේරූට් දක්වා ගිලන් රථ සපයමින් සිටිත්. ඔබට මෙි සදහා දායකත්වයක් ලබා දිය හැකිය. බ්‍රිතාන්‍ය රතු කුරුස සංවිධානය ද හදිසි අරමුදලක් පිහිටුවා තිබේ.
එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන පිපිරීමෙන් පසු අවතැන් වූ හෝ නිවාස නොමැති අයට ආහාර සපයයි. ලෙබනනය සිය ආහාර වලින් සියයට 85 කට ආසන්න ප්‍රමාණයක් ආනයනය කරන අතර පිපිරුමේ කේන්ද්‍රස්ථානය වන බේරූට් වරාය එම සැපයුම් දාමයේ ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළේය. වරායට දැන් දැඩි ලෙස හානි සිදුව ඇති හෙයින්, ආහාර මිල බොහෝ දෙනෙකුට ළඟාවිය නොහැකි තරමට ඉහළය. ඔබට ඒ සදහා යම් පරිත්‍යාගයන් කළ හැකිය.
Urgent Needs සංවිධානය දුර්වලයන් සදහා ලේ පරිත්‍යාග කරමින් සිටී.
මුදලින් ආධාර කළ නොහැකි පිරිස් බෙිරුටි නගරයට එහි අවතැන් ඡනතාවට සිය අනගි ශ්‍රමයෙන් ඒ සදහා මිල ගෙවන බව මෙම ඡායාරූප අපට කියමින් සිටී.
-උපාලි ජයසිංහ

Leave A Reply

Your email address will not be published.

13 − three =