දිවයිනේ හේමන්ත රන්දුණුගෙන් CIDයට දිගට හරහට ඇමතුම්

තව්හිද් ජමාත් සංවිධානයට සම්බන්ධ වෛද්‍යවරයකු විසින් මවුවරුන් 4000ක් වඳකර ඇති බවට අමූලික අසත්‍ය පුවතක් වාර්තා කිරීම පිළිබඳව දිවයින පුවත්පතට එරෙහිව අපරාධ විමර්ශනයක් ආරම්භ කිරීමෙන් අනතුරුව දැඩි ලෙස කලබලයට පත්ව සිටින අදාළ පුවත ප්‍රබන්ධ කළ හේමන්ත රන්දුණු නම් “ප්‍රවීණ මාධ්‍යවේදියා” ඊයේ (24) දිනය තුළ අපරාධ පරීක්ෂණ දෙපාර්තුවට දිගින් දිගටම දුරකථන ඇමතුම් ලබාගෙන ඇති බව වාර්තා වේ.

සිද්ධිය ගොඩින් බේරාගැනීමට, යම් සහනයක් ලබාගැනීම සඳහා ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉහළම නිලධාරීන්ව සම්බන්ධ කරගැනීමට දිගට හරහට උත්සාහ දරා ඇතත් ඔහුගේ ඇමතුම්වලට පිළිතුරු දීම පවා අදාළ නිලධාරීන් ප්‍රතික්ෂේප කර ඇති බව සඳහන්.

LNW

Leave A Reply

Your email address will not be published.

8 + 16 =