නීතියේ ආධිපත්‍යය ‘ඩෝ – සර්’!

‘ඩෝ-සර්’ ගේ අනුගාමිකයන් විසින් ඩෝසර් කළ බවට චෝදනා එල්ල වී ඇති කුරුණෑගල රාජසභා මණ්ඩපයට මේ ලියන මම ගියේ නැත. චෝදනා එල්ල වන ආකාරයට ‘ඩෝ-සර්’ ගේ අනුගාමිකයන් විසින් එහි පුරාවිද්‍යාත්මක වටිනාකම විනාශ කර දමන්නට‌ පෙර ද මා එහි ‌ගොස් නැත. මෙසේ පාපොච්ඡාරණය කිරීමෙන් පසු, මේ ලිපිය කියවීමේ කිසි තේරුමක් නැති බවටත්, කිසිදු විශ්වාසනීයත්වයක් නැති ලිපියක් බවටත් ඔබ නිගමනයකට පැමිණෙනු ඇත.
එහෙත් මෙහි ඇති එකිනෙකට පරස්පර කතා එකතුව කියවීම ඔබට ඇතැම් විට වැදගත් වනු ඇත. එසේම ලිපිය ආරම්භයේදී ‘ඩෝ-සර්’ යන්න භාවිත කළේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට බවත්, සමාජ මාධ්‍යයේ එහෙ-මෙහෙ වූ ඒ නිර්මාණශීලී වචනය මෙතැන්ට අන් කිසිදු තැනකටත් වඩා ගැළපෙන බවත් කිව යුතුය.
පසුගිය 27 දා කුරුණෑගල, මාවතගම ප්‍රදේශයේ පැවැති මැතිවරණ ප්‍රචාරක රැස්වීමකදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් පුරවැසියෙක් මෙසේ විමසීය.
 

ඕක රාජධානියක් නෙමෙයි, හෝටලයක්.’

‘ජනාධිපතිතුමා, අපේ රාජධානිය ඩෝසර් කරපු එක ගැන ඔබතුමා මොකුත් කිව්වෙ නෑ නේද ?’
ජනාධිපතිවරයා සහභාගි වන ප්‍රචාරක රැස්වීමකට පැමිණි ඔහු, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාක්ෂිකයෙකු හෝ ගෝඨාභය රාජපක්ෂ පාර්ශ්වයේ ආධාරකරුවෙකු ලෙස හැඳින්වීමට හැකියාව තිබිණි. එහෙත් ඊට වඩා ඔහු හැඳින්වීමට සුදුසු වචනය පුරවැසියෙකු යන්න ය. ඔහු තමන්ගේ ප්‍රශ්නය කෙලින්ම ජනාධිපතිවරයාට යොමු කළේය.
පසුගිය නොවැම්බර් 16 දා පැවැති ජනාධිපතිවරණයේදී ලක්ෂ හැටනවයක ජනතාවක් විශ්වාස කළ ආකාරයට ම, කොන්ද පණ ඇති ජනාධිපතිවරයා ඒ ප්‍රශ්නයට කෙලින් උත්තරයක් දුන්නේය.
‘රාජධානිය කිව්වෙ බුවනෙකගෙ හෝටලයද. මම නාගරික සංවර්ධන අධිකාරිය බලන දවස්වලත් කිව්වා, ඕක  පවරගන්න කියලා. ඕක රාජධානියක් නෙමෙයි, හෝටලයක්.’
ජනාධිපතිවරයාගේ තීන්දුව එසේ ය. එපමණක්ද, අගමැතිවරයා ද පවසා තිබුණේ ඔය කියන තරම් වටිනාකමක් එහි නැති බව ය. බුවනෙකබාහු රජුගේ බිසෝවරුන්ගේ ජාතිය ගැන ද අගමැතිවරයාගේ පාර්ශ්වයෙන් අදහස් දක්වා තිබිණි.
‘අලුතින් හදපු එකක් කියනවා. සමහරු කියනවා එහෙම මණ්ඩප්පයක් තිබුණෙ නෑ කියලා, එහෙම ඒකක් ඉතිහාස පොත්වල කොහෙවත් නෑ කියලා. එතුමට භාර්යාවන් ගොඩාක් හිටියා කියලත් කියනවා. මං හිතන්නෙ මුස්ලිම් භාර්යාවකුත් හිටියලු.’
කොහොමත් බලය ලබාගැනීම වෙනුවෙන් ඒ ජාතියෙන් වැඩකරන්නට සමත් අගමැතිවරයා, මෙහිදී ද මුස්ලිම් භාර්යාවක් යන්නෙන් මොකක්දෝ එකක් ජනතාවට කියන්නට උත්සාහ කරයි. ආචාර්ය ඊ.ඩබ්ලිව්.අදිකාරම් 1958 වසරේදී සිළුමිණ පුවත්පතට මේ ගැන මෙසේ ලියා ඇත.
‘දියසේන රජු තමන් යැයි කියන පුද්ගලයෙක් මට අංගොඩ මානසික රෝහලේදී හමු විය. ඔහු ඇවිදින්නේද රජෙකු මෙන් මහේශාක්‍ය ලීලාවෙනි. ඔහු කතා කරන්නේද රජෙකු මෙන් ය. ඔහු හිනාවුණත් ඒ් ආඩම්බරයෙන් ය. ඇත්තටම දියසේන කියා රජ කෙනෙකු නැති බවත්, ඒය මිත්‍යා කතාවක් බවත් කියාදෙන්නට ගියහොත් ඔහුගෙන් ඇතිපදම් කුණුහරුප අහගන්නට හැකිය. ඒ කියන්නේ ඒය පිස්සුවකි. බෙහෙත් කොට සනීප කළ යුතු තදබල පිස්සුවකි. මේ ජාතිවාදය, ආගම්වාදය කියන්නේත් ඒ වගේ ය. ඇත්තටම නැති දෙයක් ඇතැයි කියා හිතාගෙන ඒ් වෙනුවෙන් මැරෙන්නට දඟලන්නේය. අනුන් මරන්නට හදන්නේය.’
අගමැතිවරයා මෙහිදී උත්සාහ කරන්නේ තමන් විසින් පෝෂණය කළ මේ ජාතියේ ඔළු සහිත ජනතාවගෙන් ඇත්ත වසන් කරන්නට ය. ඒත් පුරවැසියන් ඇත්ත තේරුම් ගනිමින් සිටී. ජනාධිපතිවරයාගෙන්, ඔහුගේ තැනකදී කෙලින් ප්‍රශ්න කරන්නේ ඒ නිසා ය.

“මයිල් ගහකට අත තියන්න දෙන්නෙ නෑ” 

කෙසේ හෝ ජනාධිපති‌ගෙන්, අගමැතිගෙන් පසු කැබිනට්ටුවේ ප්‍රබල ඇමැතිවරයකු වන, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මේ ගැන කියන කතාව ගැළපිය යුතුය.
‘මම දිස්ත්‍රික් නායකයා වෙලා ඉන්නකම් නගරාධිපතිතුමාගෙ මයිල් ගහකට අත තියන්න කිසිම කෙනෙකුට ඉඩතියන්නෙ නෑ කියලා මම කියන්න කැමැතියි.’
මේ කුරුණෑගල රජසභා මණ්ඩපය ඩෝසර් කිරීමේ චෝදනාව එල්ල වී ඇත්තේ කුරුණෑගල මහ නගර සභාවේ නගරාධිපතිවරයාට ය. ඔහු ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමැතිවරයා සමග එකට කන – බොන, ජොගින් කරන, පක්ෂ මාරු කරන, සියල්ලට ඉන්නා අයෙකි. ඉහත කී දියසේන රජ කතාව මෙන්ම ජොන්ස්ටන් ප්‍රනාන්දු මේ කතාවෙන්, ඔහු අපේක්ෂා කරන ජාතියේ ඡන්දදායකයන්ට, පාක්ෂිකයන්ට සාර්ථක පණිවුඩයක් ලබාදෙන්නේය. එනම් ඔ්නෙ ඒකක්, මම ඉන්නවා උඹලට කියන පණිවුඩයයි.
ඒය හරියටම මේ වගේ ය. පුත්තලම් දිස්ත්‍රික්කයට පොදුජන පෙරමුණෙන් තරග කරන අපේක්ෂකයෙකුගේ යතුරු පැදි සවාරියක් ගැන සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රබල විවේචනයක් එල්ල විය. හෙල්මට් නොමැතිව, යතුරු පැදිවල අංක තහඩු නොමැතිව, මාර්ග නීති උල්ලංඝනය කරමින්, පොලිස් රථවාහන අංශ නිලධාරීන් සිටින ස්ථානයක ඔහු මේ වැඩේ කළේය. ඉන්පසු ඔහුගේ මේ වැඩේට අදාළ ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ ඇතිපදම් ඒහෙ-මෙහෙ විය. විවේචනවල බලයට වඩා ඔහුට ඡන්දය දෙන පුත්තලමේ පාක්ෂිකයන්ට ඔහුගේ මේ චණ්ඩිකම වැදගත් විය. ඔහු ඒ් සවාරියට යොදාගත් යතුරුපැදියේ වර්ගය, පොලිසියට කොකා පෙන්වීම ගැන කතාබහක් ඇති විය. තමන්ට පොලිසියට ඒරෙහිව කරගන්නට බැරි දේ කරන කෙනා වීරයෙකු විය. ඒහෙත් අපේක්ෂකයාට ‌ඒහෙම වුණාට, ඒ පාක්ෂිකයන්ට පොලිසිය ඒහෙම නොකරන බව තේරෙන විට ආතල් හමාර ය.
ජොන්ස්ටන් ප්‍රනාන්දුලා දිගටම දිනන්නේ ය. ජොන්ස්ටන්ගේ හයිය ගත් නගරාධිපති මාධ්‍ය ඉදිරියේ සැර කතාවක් කළේය. ජොන්ස්ටන්ගේ හයිය විතරක් ද, ජනාධිපතිගේ හයිය, අගමැතිගේ හයිය, තවත් මොන හයියක්ද ?
‘මේක ගණිකා මඩමක්. මේක ගබ්සා මධ්‍යස්ථානයක්. දෙවැනි බුවනෙකබාහු රජතුමා ඒස්ලොන් බට දැම්මද, ලංවා යකඩ කම්බි දැම්මද. කිසි ලෙසකවත් මේක රාජධානියක් නෙමෙයි. …….’
නගරාධිපතිවරයා නිදොස් කොට නිදහස් වී හමාර වගේ ය, වැඩ සිදුවන්නේ. විත්තිකරුවා තීන්දුව ලබාදෙන්නේය. නිකොලයි මැකියාවෙලී විසින් තමන්ගේ ‘බලය’ කෘතියේ ලිව්වාක් මෙන් බලය ලබාගැනීම සහ බලය පවත්වාගෙන යෑම වෙනුවෙන් ඕනෑම  මට්ටමක දෙයක් මෙහි සිදු වේ. ඒ අතරම ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුව වැනි ඒජන්තවරුන් මෙසේ අනාවරණය කරන දේ ලේසියෙන් බොරු යැයි කිව හැකිද?
‘අපි හිතුවා ගෝඨාභය වගේ මිනිහෙක් ආවහම ඇත්ත වශයෙන්ම මේ ප්‍රශ්නෙ විසඳෙයි කියලා. දැන් අපිට ආරංචියි, අගමැතිතුමාට කියනවලු හාමුදුරුවරුන්ට කියලා මේක පොඩ්ඩක් නිවැරදි කරන්න කියලා.’
ඥානසාර භික්ෂුව වැන්නන් පසුගිය කාලයේ කළ-කී දෑ වල හැටියට ඔහුට සුදු හුණු ගාන්නට කිසිදු අවශ්‍යතාවක් නැත. එහෙත් බලය හුවමාරු වන ආකාරය සහ බලයේ පැවැත්ම ගැන ඉඟි බිඟි පාන මේ කතා ද තරමක් වටී.
දේශපාලන බල පන්තියේ නඩු තීන්දුව මෙසේ ලියැවෙන විට ය, පෙර කී පුරවැසියා ජනාධිපතිවරයාට තම ප්‍රශ්නය යොමු කරන්නේ. ඔහු ජනාධිපතිවරයාට කියන්නේ ‘අපේ රාජධානිය’ කියා ය. ඒ කියන්නේ මෙහි පෙනුමට හෝ රාජධානි ගතියක් තිබී ඇත. පෞරාණික ගතියක් තිබී ඇත. ඒහෙම කියන විට කෙනෙකුට මෙහෙම ද කිව හැකිය.
‘ඔය මනුස්සයා කවුද. සාමාන්‍ය මනුස්සයෙක්නෙ. බීලා කියවන්න ඇති. ඔය මනුස්සයා දන්න පුරාවිද්‍යාව… බ්ලා බ්ලා…’

එහෙම නම් මේ කියන්නේ කුමක්ද ?

 

‘කුරුණෑගල රාජධානි සමයට අයත් ගොඩනැගිල්ලක් පිහිටා තිබුණා කුරුණෑගල නගරයේ. බුවනෙක හෝටලය ලෙසයි ඒක පවත්වාගෙන ගියේ. ඒ ගොඩනැගිල්ල ඇත්තටම රාජසභා ශාලාව විදිහට තමයි විශ්වාස කරන්නෙ. කුරුණෑගල නගරයේ තියෙන පුරාවස්තුවලින් හොඳටම ආරක්ෂා වී තිබෙන ගොඩනැගිල්ලත් ඒක. කුරුණෑගල කාලෙටම අයිති ඒ්කෙ ඉදිරිපස කොටසක් පසුගිය 06 වැනිදා විනාශ කරලා තිබුණා. මේ සම්බන්ධයෙන් අපි කුරුණෑගල පොලිසියට පැමිණිල්ලක් කළා. නමුත් පොලිසිය ඒ් අවස්ථාවෙ ක්‍රියාත්මක වුණේ නෑ. ඉන්පසුව පෙරේදා රාත්‍රියෙ හදිසියේම බුල්ඩෝස් කරලා, මේ පැරණි ගොඩනැගිල්ල විනාශ කරලා තියෙනවා. අපි ඒ ගැනත් පොලිසියට පැමිණිලි කළා. නමුත් මේ දක්වා ක්‍රියාත්මක වුණේ නෑ. අදාළ වැරදිකරුවන් නීතියේ රැහැනට ගන්න කියලයි අපි පොලිසියෙන් ඉල්ලීම් කළේ. අපේ අමාත්‍යංශෙ ලේකම්තුමා මට උපදෙස් දුන්නා, මේ සම්බන්ධයෙන් විමර්ශනය කරන්න වහාම කමිටුවක් පත්කරන්නත්, පොලිස්පතිතුමාට පැමිණිලි කරන්නත් කියලා. ඊට අමතරව මේ අවස්ථාවෙත් මේ සම්බන්ධයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මේ විනාශ කළ ස්ථානයේ පර්යේෂණ සිදුකරමින් සිටිනවා.’


පසුගිය 17 දා මේ කතාව කිව්වේ පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්, ආචාර්ය සෙනරත් දිසානායක ය. නිල වශයෙන් අදාළ ස්ථානය ආරක්ෂා කිරීමේ වගකීම සහ බලය හිමි දෙපාර්තමේන්තුවේ ඉහළම පුටුවේ හිමිකාරයා ඔහු ය. අර බීමත්, සාමාන්‍ය මනුස්ස කතාව ඔහුට කියන්නට නොහැක. අධ්‍යක්ෂ ජනරාල්වරයා කියන කතාවෙන් කාරණා දෙකක් තහවුරු වේ. මෙය කුරුණෑගල රාජධානි සමයට අයත් ගොඩනැගිල්ලකි. අවස්ථා දෙකකදී ඒය විනාශ කිරීම සම්බන්ධයෙන් පොලිසියට දැනුම් දී ඇත. කුරුණෑගල පොලිසියේ ඉහළ නිලධාරියෙක් මෙවැනි පැමිණිල්ලක් ලැබී ඇතැයි තහවුරු කළේය. ඒ් සම්බන්ධයෙන් ගත් පියවර මොනවාදැයි විමසීමේදී ඔහු පැවසුවේ විමර්ශන ක්‍රියාත්මක බව පමණක් ඔහුට දැනට පැවසිය හැකි බවකි. තමන් මෙවැනි ප්‍රකාශයක් කළ බවක් තමන්ගේ නමින් පළනොකරන ලෙස කරන ලද ඉල්ලීම හේතුවෙන් ඔහුගේ නම සඳහන් කළ නොහැකිය. ලිපිය ආරම්භයේදී වගේම, ඒයින් ද ලිපිය පිළිබඳ ඔබගේ විශ්වාසය බිඳේ නම්, සමා වී තවත් ටිකක් ඉදිරියට යන්නැයි ඉල්ලා සිටිමි.

දේශපාලන තීන්දුව ලියැවීමෙන් පසු
ඇත්තටම දේශපාලන තීන්දුව ලියැවෙන්නේ ඉන්පසුව ය. දේශපාලන තීන්දුව ලියැවීමෙන් පසුව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා පසුගිය 21 වැනිදා පැවැති මාධ්‍ය හමුවකදී මෙසේ කිව්වේය.
‘විනාශ කරපු ගොඩනැගිල්ල අපි පරීක්ෂා කළා. මම දැක්කා මේක තුන්වැනි පරාක්‍රමබාහුට සම්බන්ධයි කියලා ඒක දේශපාලනඥයෙක් කියනවා. නමුත් බුවනෙකබාහුට සම්බන්ධයක් ගැන පමණයි අපි දන්න ජනප්‍රවාදයේ තියෙන්නෙ. බුවනෙකබාහු රජුට සම්බන්ධ බව කියන ඒකත් ජනප්‍රවාදයක්. කොහෙවත් මහාවංශයේවත්, වෙනත් කිසිදු ලිඛිත සාක්ෂියකවත් සඳහන් වෙන්නෙ නෑ මේක බුවනෙකබාහුට සම්බන්ධයි කියලා.’

අධිකරණ තීන්දු කෙසේ වෙතත්, දේශපාලන තීන්දු මේ ආකාරයට ලියැවෙන රටකි, මේ. උදාහරණයක් ලෙස ඒ පාරේම යන බවට සැක කළ හැකි යෝෂිත රාජපක්ෂගේ ගල්කිස්සේ ඉඩම පිළිබඳ නඩුව දැක්විය හැකිය. ගල්කිස්ස, මිහිඳු මාවතේ පිහිටි ඉඩමක අයිතිය සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය මගින් මේ නඩුව පවරා ඇතත්, පසුගිය 23 දා පැමිණිලි පාර්ශ්වය නඩුවට ආවේ නැත. අඩු තරමේ පොලිසියේ පහළ නිලධාරියෙක් හෝ එව්වේ නැත. විත්ති පාර්ශ්වය නියෝජනය කරන යෝෂිත රාජපක්ෂගේ නීතිඥයන් අධිකරණයෙන් ඉල්ලා සිටියේ පැමිණිල්ල නැති නිසා නඩුව ඉවත දමන ලෙස ය. ඒය හරියටම උදයංග වීරතුංග ලංකාවට පැමිණි ගමන් අත්අඩංගුවට ගැනීමෙන් පසු, ඔහුට ඇප ලබාගන්නට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉඩදුන්නා වගේ ය.

“විත්තිය රිමාන්ඩ් කිරීමෙන් පැමිණිල්ල සතුටු වෙනවා”

කොළඹ, කොටුව මහේස්ත්‍රාත් රංග දසනායක ඒ් වෙලාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මෙසේ කිව්වේය. ‘පොදු දේපොළ පනත යටතේ වරදක් සිදු කර ඇති බවට වසර පහක් තිස්සේ විශාල ලේඛන සංඛ්‍යාවක් ගොනු කරමින් වරෙන්තු ලබාගෙන, දැන් පොදු දේපොළ පනත අදාළ නැති බව කියනවා. මෙය ගැටලු සහගතයි වගේම අසාමාන්‍යයි. සහකාර පොලිස් අධිකාරීවරයාගේ සහතිකය අධිකරණයට ඉදිරිපත් නොකිරීම පැමිණිල්ල හිතාමතා කරන්නක්ද යන්න සොයාබැලිය යුතුයි. රුපියල් දාහක් සොරකම් කළ පුද්ගලයන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අදාළ ලිපිගොනු ඉදිරිපත් කරනවා. ඒත් ඩොලර් මිලියන හතක වංචාවක් සම්බන්ධයෙන් ඒ විදිහට කටයුතු කරන්නෙ නැහැ. නීතිපති දෙපාර්තමේන්තුවේ හැසිරීමත් මෙතැනදි ගැටලුසහගතයි.’ මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් අධිකරණයේ පෙනී සිටි නිලධාරියාගෙන් විමසූ විට ඔහු පවසා තිබුණේ තමන් සීඅයිඩීයට අනුයුක්ත වී මාසයක් පමණක් බවයි. සීඅයිඩීය නිසි පරිදි ලේඛන ඉදිරිපත් කර නොමැති නිසා උදයංග වීරතුංගට ඇප ලබා දෙන ලෙසයි, ඔහුගේ නීතිඥවරුන් අධිකරණයේදී දිගටම ඉල්ලා තිබුණේ. මහේස්ත්‍රාත්වරයා විසින් මේ හාස්‍යජනක හැසිරීම විවෘත අධිකරණයේ දී විවේචනය කර තිබුණේ මෙසේ ය.
‘ඇතැම් නඩුවලදි විත්තිය රිමාන්ඩ් කිරීමෙන් පැමිණිල්ල සතුටු වෙනවා. ඇතැම් නඩුවලදි විත්තියට ඇප ලැබීමෙන් පැමිණිල්ල සතුටු වෙනවා.’
පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා වගකීම දරන ස්ථානයක් විනාශ කිරීම සම්බන්ධයෙන් වන සිදුවීමේදී පැමිණිලි පාර්ශ්වය නියෝජනය කිරීමේ නිල වගකීම ඔහුට පැවරේ. එහිදී ඔහු මෙසේ පරස්පර ප්‍රකාශ සිදුකරන්නේ නම්… වාසිය යන්නේ කාටද? උදයංග වීරතුංගට වගේම ය.
මේ කතාවලින් පසු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව භාර ඇමැතිවරයා ලෙස අගමැතිවරයාට පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ පාර්ශ්වයෙන් මේ සිදුවීම සම්බන්ධයෙන් සකස් කරන ලද වාර්තාවක් භාරදුන්නේය. මේ විනාශයට වගකිවයුත්තන්ට ඒරෙහිව නීතිමය පියවර ගතයුතු බවක් ඒහි සඳහන් වේ. ඒහෙත් ඒම වාර්තාවේ මෙසේ ද සඳහන් ය.
 දාගැබක ගලක් ගැලෙව්වත් ප්‍රශ්නයක් නැත. ගල සුරක්ෂිත නම්

‘ගොඩනැගිල්ලේ ඉදිරිපස කොටසේ හානි සිදුවී ඇත්තේ පියස්සේ කොටසකට සහ ජනෙල්වලට වන බැවින් ඒම කොටස් පුරාවිද්‍යාත්මකව සංරක්ෂණය කිරීමේ හැකියාව ඇත. මුළුමනින්ම විනාශ වී ඇති පිටුපස කොටසේ දැව බාල්ක සහ ගඩොල් ඇතුළු ගොඩනැගිලි ද්‍රව්‍ය සුරක්ෂිතව ඇත. ඒම නිසා මීට පෙර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් විස්තරාත්මක ලෙස වාර්තාගත කර ඇති නිසා සහ සංරක්ෂණ සැලසුම් සකස් කර ඇති නිසා ඒම පැරණි කොටස නැවත යථාවත් කිරීමේ හැකියාව පවතී.’
ඒසේ නම් පුරාවිද්‍යා රක්ෂිතයකට අනවසරයෙන් ඇතුළු වී, ගහක අත්තක් කපන පුද්ගලයෙකුට ඒරෙහිව නීතිමය පියවර ගත හැකිද? ඒය කඩිනමින් යථාවත් වේ. ඒ් වෙනුවෙන් වියදමක් දරන්නට සිදුවන්නේද නැත. ඒ් විතරක්ද, දාගැබක ගලක් ගැලෙව්වත් ප්‍රශ්නයක් නැත. ගල සුරක්ෂිත නම් ගැටළුවක් නැත. ඊට හේතුව ඒ්වා පුරාවිද්‍යාවෙන් විස්තරාත්මක ලෙස වාර්තාගත කර තිබීම ය.
අධ්‍යක්ෂ ජනරාල්වරයා, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සම්මානිත මහාචාර්ය ටී.ජී.කුලතුංග, කුරුණෑගල අතිරේක දිස්ත්‍රික් ලේකම් ජී.ඒ.කිත්සිරි, මධ්‍යම සංස්කෘතික අරමුදලේ වැඩ බලන සංවර්ධන අධ්‍යක්ෂ සුමේධා මාතොට, බුද්ධශාසන-සංස්කෘතික සහ ආගමික කටයුතු අමාත්‍යංශයේ පුරාවිද්‍යාඥ ප්‍රසාද් රණසිංහ යන වියත් පිරිසගේ දායකත්වයෙන් සකස් කළ මේ වාර්තාවේ තවත් විශේෂ කාරණයක් සඳහන් ය.
‘විනාශයට වගකිව යුතු ආයතන හෝ පුද්ගලයන් මගින් සංරක්ෂණය සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ලබාගැනීම.’
එසේ කළ හැකි නම්, පුරාවිද්‍යා රක්ෂිතයක ගසක් කැපූ විටත්, දැව සංස්ථාවෙන් ගසේ වටිනාකමත්, පුරාවිද්‍යාවෙන් ඒහි ඔවුන්ට අදාළ වටිනාකමත් තක්සේරු කොට අයකර ගත හැකි යැයි තෙනෙකුට තර්ක කළ හැකිය. සාමාන්‍ය ජනතාව ඒසේ කළ විට රක්ෂිත බන්ධනාගාරගත කිරීම අනිවාර්ය ය. පැමිණිල්ල වන්නේ මේ වාර්තාව සකස් කළ මහත්වරුන්ගේ පාර්ශ්වයම ය.

“නීතිය ක්‍රියාත්මක කරන ආයතන සියල්ල නීතිය උල්ලංඝනය කරලා”

මේ ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨයෙකු වන ජාතික කෞතුකාගාරයේ හිටපු අධ්‍යක්ෂ සහ කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි අධ්‍යයන ආයතනයේ හිටපු අධ්‍යක්ෂ, මහාචාර්ය සිරිනිමල් ලක්දුසිංහ මේ කතාව ගැන මෙසේ කියයි. ඔබ ඉහත කරුණු සමග මෙය ද ගලපා ගත යුතුය.
‘කුරුණෑගල රාජසභා මණ්ඩපය කඩා දැමීමේ සිදුවීමට අදාළ නීතිය ක්‍රියාත්මක කරන ආයතන සියල්ල නීතිය උල්ලංඝනය කරලා තියෙනවා. නීතියේ ආධිපත්‍ය සමානව ක්‍රියාත්මක නොවීමේ විහිළුව මෙතැනදි කැපී පෙනෙනවා. සංස්කෘතික විෂය භාර ඇමැතිවරයා වන අගමැති මහින්ද රාජපක්ෂ, පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් සෙනරත් දිසානායක, පොලිසිය ඇතුළු සියලු දෙනා මෙම සිදුවීමට වගකිවයුතු පාර්ශ්ව ආරක්ෂා කිරීමට මැදිහත් වී වෙලා තියෙනවා. මෙහිදී මුලින්ම කළ යුත්තේ අදාළ විනාශය කළ පාර්ශ්වය අත්අඩංගුවට ගෙන, ඒ් සම්බන්ධයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් වාර්තාවක් කැඳවීමයි. ඉන්පසු දෙවනුව සැකකරු සමග අදාළ වාර්තාව අධිකරණයට ඉදිරිපත් කළ යුතුයි. කවර තත්ත්වයක් යටතේ හෝ පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත ස්ථානයකට හානි කළ පුද්ගලයෙකු අත්අඩංගුවට නොගෙන, මෙසේ විවිධ හේතු දක්වමින් ඔහුට හෝ ඒම පිරිසට නිදහසේ සිටින්නට ඉඩ දීම කිසිසේත්ම අනුමත කළ නොහැකියි.

මට දැනගැනීමට ඇති ආකාරයට කුරුණෑගල ප්‍රාදේශීය පුරාවිද්‍යා නිලධාරියා සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට දැනුම් දී ඇතත්, ඉන් ඒහාට කිසිදු නීතිමය කටයුත්තක් සිදුවෙලා නෑ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ඇතුළුව මේ සම්බන්ධයෙන් සොයාබලන්න පත් කළ පිරිස මේ පිළිබඳව සකස් කොට අගමැතිවරයාට භාරදුන් වාර්තාවේ හානියට අදාළ වන්දි සහ ඒය නැවත ඉදිකිරීමට යන වියදම, හානි කළ පුද්ගලයන්ගෙන් අයකර ගැනීමට යෝජනා කර තිබීම හාස්‍යයට කරුණක්. ඒය කළ යුත්තේ අධිකරණ ක්‍රියාමාර්ගයකින් පමණයි. කෙහොම වුණත් මුලින්ම සිද්ධියට සම්බන්ධ අය අත්අඩංගුවට ගත යුතුයි. ඊටපසුවයි අධිකරණ ක්‍රියාමාර්ග සඳහා යොමුවිය යුත්තේ.’
මහාචාර්යවරයා පෙන්වා දෙන ආකාරයට මෙහිදී නීතියේ ආධිපත්‍ය දේශපාලන තීන්දු ඉදිරියේ හෑල්ලුවට ලක්වෙමින් තිබේ. මේ පුරාවස්තු කතාවට අදාළ නීතිය ගැන ද සඳහන් කළ යුතුය.

‘ශ්‍රී ලංකාවේ පුරාවස්තුවලට අදාළව 1940 අංක 09 දරන පුරාවස්තු ආඥා පනත සහ 1998 අංක 24 දරන පුරාවස්තු (සංශෝධන) පනත වැදගත් වේ. පුරාවස්තු ආඥා පනතේ 48 වැනි වගන්තිය අනුව 1815 මාර්තු මස 2 වැනි දිනට පෙර ඉදිකර ඇති හෝ ඉදිකර ඇතැයි විශ්වාස කෙරෙන යම් ඉදිකිරීමක් සහ පුරාවස්තු ආඥා පනතේ 16 වැනි වගන්තිය යටතේ ඓතිහාසික ස්මාරකයක් වශයෙන් ගැසට් නිවේදනයකින් ප්‍රසිද්ධ කරන ලද ඉදිකිරීම් සහ පනතේ 17 වැනි වගන්තිය යටතේ ගැසට් නිවේදනයකින් ප්‍රසිද්ධ කරන ලද යම් ගසක් පුරාවිද්‍යා ස්මාරකයක් වශයෙන් හදුන්වයි. එය පසුව 1998 අංක 24 දරන පනතින් අවුරුදු සියයකට නොඅඩු කාලයක් පැවතී තිබෙන හෝ පැවතී තිබෙන්නේ යැයි විශ්වාස කරනු ලබන යනුවෙන් සංශෝධනය වී ඇත.’
මතක තබාගන්න, අවුරුදු සියයකට නොඅඩු කාලයක් පැවතී තිබෙන්නේ යැයි විශ්වාස කරන දේවල් ද පුරාවස්තු ලෙස පනතේ සඳහන් ය. ඒනම් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ලිඛිත සාක්ෂා කතාව අදාළ ද? මහාචාර්ය සිරිනිමල් ලක්දුසිංහ පෙන්වා දෙන ආකාරයට ලිඛිත සාක්ෂි වැදගත් වන්නේ යම් ස්ථානයක ඉදිරි පර්යේෂණ කටයුතු, ඒනම් කාලය නිර්ණය කිරීම වැනි කරුණු සඳහා ය.
ආඥා පනත යටතේ,  චූදිතයෙකු වූ කිසිම තැනැත්තෙකු ඇප මත මුදා නොහැරියි 

1998 අංක 24 දරන පුරාවස්තු සංශෝධන පනතේ 4 වැනි වගන්තිය යටතේ පුරාවස්තු ආඥා පනතට ඇතුළත් කරන 15 ආ වගන්තිය අනුව යම් පුරාවස්තුවක් ඕනෑකමින්ම විනාශ කරන, හානියට පත් කරන, විරූපී කරන හෝ අයුතු ලෙස වෙනස් කරන, නැතහොත් එහි යම් කොටසක් ඕනෑකමින් පළුදු කරන යම් තැනැත්තෙකු මේ ආඥා පනත යටතේ වරදකට වරදකරු වන අතර, මහේස්ත්‍රාත්වරයෙකු ඉදිරියේ පවත්වන ලඝු නඩු විභාගයකින් පසු වරදකරු කරනු ලැබූ විට රුපියල් පනස්දහසකට නොවැඩි දඩයකට හෝ අවුරුදු දෙකකට නොඅඩු අවුරුදු පහකට නොවැඩි සිර දඬුවමකට හෝ එකී දඬුවම් දෙකටම යටත් කළ හැකිය. ඒසේම ඒහි ම 15 ඇ වගන්තිය දක්වන පරිදි අපරාධ නඩුවිධාන සංග්‍රහ පනතේ හෝ වෙනත් යම් ලිඛිත නීතියක කුමක් සඳහන් වුවද, මේ ආඥා පනත යටතේ වරදකට චෝදනා ලැබූ හෝ චූදිතයෙකු වූ කිසිම තැනැත්තෙකු ඇප මත මුදා නොහැරිය යුතුය යනුවෙන් දක්වා ඇත. එනම් වෙනත් අපරාධ වැරදි මෙන් නොව මෙම පනත යටතේ චෝදනා ලැබූ හෝ චූදිතයෙකු වන තැනැත්තෙකුට නඩුව අවසාන වනතුරු ඇප ලබාදීමට ශ්‍රී ලංකාවේ කිසිදු අධිකරණයකට අධිකරණ බලයක් නැත.

යම් ඉදිකිරීමක් හෝ ස්ථානයක් හෝ අයිතමයක් පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති පුරාවස්තුවක් බවට පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් යම් ලේඛනයක් අත්සන් කර නිකුත් කෙරේද, අදාළ ඉදිකිරීම හෝ ස්ථානය හෝ අයිතමය පුරාවස්තුවක් ලෙස බැලූ බැල්මට සාක්ෂියක් වශයෙන් එය පිළිගැනේ. ඒ් කියන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව නිල වගකිවයුත්තා ය. හරියටම උදයංගගේ නඩුවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වගේ ය. යෝෂිතගේ නඩුවේදී පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය වගේ ය. දැන් සිදු වී තිබෙන්නේ ඒ් වගකිව යුතු ආයතනය කුරුණෑගල රාජසභා මණ්ඩපය ඩෝසර් කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් ඒකිනෙකට පරස්පර ප්‍රකාශ සිදු කිරීමත්, අත්තනෝමතික ලෙස විත්තිකරුවන් ආරක්ෂා කිරීමේ යෝජනා ඉදිරිපත් කිරීමත් ය.
දේශපාලන තීන්දුව ගත් පසු, නීතියේ ආධිපත්‍ය ‘ඩෝ-සර්’ ය. අඩු තරමේ මෙහි විශ්වසනීයත්වය පිළිබඳ තීන්දුව ඔබ ස්වාධීනව ගන්න !
-ශාලික විමලසේන

Leave A Reply

Your email address will not be published.

4 × three =