“අපේ භාෂාවෙන් අදහන්න ඔිනෑ චරිතය ‘ස්ටීව්‍ ජොබ්‍ස්'”

ඇපල්, ලෝක ඉතිහාසය ත්‍රළ අවස්ථා තුනක දී ප්‍රධාන සංඥා රෑපී මෙවලම වූ අතර එහි ප්‍රධාන දෙකක් ඉතිහාසයට එක්ව ඇති අතර එකක් වර්තමානයේ තාක්ෂණික මෙවලමක් ලෙසින් ලොවම වෙලාගෙන ඇති විලාසිතවක සාර්ථක සංඥාව බවට පත් වී තිබේ.
ආදම්‍ හා ඒවා කෑ තහනම් ගසේ ගෙඩිය වූ ඇපල් හා නිව්ටන්ගේ හිස මතවැටි ඇපලය ඉතිහාසයට එක් වූ ප්‍රසිද්ධ ඇපල් ගෙඩි දෙකය.
ලොවේම ප්‍රබලම තාක්ෂණික මෙවලම් නිපදවා ලොවම සිය වසගයට ගත් අඩක් කෑ අනෙක් ඇපල් ගෙඩිය ස්ටීව්‍ ජොබ්ස්ගේ ය.


අප්‍රහතිහත ධෛර්යයකින් යුතුව සිය අරමුණ ජයග්‍රහණයකින් කෙළවර කිරීමට වෙර දැරූ මිනිසුන් අතර විශිෂ්ඨයෙකි, ඇපල් නිර්මාතෘ ස්ටීව්‍ ජොබ්‍ස්.
ස්ටීව්‍ ජොබ්‍ස් අපේ භාෂාවෙන් කීවොත් අදහන්න ඔිනෑ චරිතයකි. හිපියෙක් ලෙස තරුණ කල අයාලේ ගිය අපූරු නිර්මාකරුවා වයස විසිහත වන විට කෝටිපතියකු විය. ඒ ඔහු නිරන්තර අලුත් අලුත් දෑ සොයා යාම ⁣සදහා, සිය මොළය වෙහෙස කර සොයා ගත් පරිඝනක ලොවේ විප්ලවීය සොයා ගැනීම් නිසාමය.
ස්ටීව්‍ ජොබ්‍ස් පරිඝණක ලෝකයේ නියම වැඩකරුවායි, නියම නිර්මාණකරුවායි. ඔහුගේ ව්‍යාපාරික ප්‍රතිවාදියා වූ බිල් ගේට්ස් ට වඩා ශ්‍රෙෂ්ඨ වූ නිර්මාණශීලි මැවුම් කරුවායි.
ඔහුගේ මේ අපූරු ජිවිතය හා සබැදි කතාව හරි රසවත්ය. ගතහැකි දේ බොහෝය. බාල තරුණ මහලු මේ කාටත් ගත හැකි ආදර්ශ ද බොහෝය.


වෝල්ටර් අයිසැක්සන් අතින් ලියැවෙන ස්ටීව්‍ ජොබ්‍ස් ගේ චරිතාපදානය මහින්ද හත්තක නම් අප කෘතහස්ත ලේඛකයා විසිතුරු රටා මවනා අපූරු වියමනන් ලෙසිනි අප වෙත පිරිනමයි.
කියවා විදිය යුතු ලොව අග්‍රගණ්‍ය නිර්මාණකරුවා, වත්මන් පරපුරේ සිහින නිර්මාකරුවා සමග ඒ ජීවන සැරිය හා මේ පොත තුලින් අප එක්වෙමු.
ස්ටීව්‍ ජොබ්‍ස්, මියගියත් ජීවත්වන අති දුර්ලභ මිනිසකු වන අතර ඔහු ඇදහීමක් තරම් වූ පුලුල් වූ ජිවයක් තිබූ පුද්ගලයකු ද විය.
මහින්ද හත්තක මේ අපූරු මිනිසා අප වෙත සිය ලයාන්විත අනුවාදය ඔස්සේ රැගෙන එන්නේ මොන තරම් අපූරුවට ද?!!”
අපූරු මිනිසෙක්
වෝල්ටර් අයිසැක්සන්


අනුවාදය- මහින්ද හත්තක
ප්‍රකාශනය- විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය
-ලලිත් රවීන්ද්‍ර බෝපිටිය

Leave A Reply

Your email address will not be published.

twelve − three =