මිනිසා හා පාරිසරික සත්වයා අතර සදාකාලික අරගලය- “මොබිඩික්” ලියූ හර්මන් මෙල්විල්

ධවල තල්මසා සමග මිනිසා හා පාරිසරික සත්වයා අතර පවතින සදාකාලික අරගලයේ ඛේ‍දවාචකය “මොබිඩික්” ඔස්සේ ලොවට කියූ හර්මන් මෙල්විල්.

(හර්මන් මෙල්විල්- 1819-1891- නම් වූ බ්‍රිතාන්‍යය සහ  ඇමරිකා(ද්විත්ව පුරවැසි) ලේඛකයාගේ 201 වන ජන්ම සංවත්සරය පසුගිය අගොස්තු 01 වනදාට යෙදුනි. එය වෙනුවෙන් ඔහුගේ විශිෂ්ට ම කෘතිය හා ඔහු පිළිබඳව වූ කෙටි ආවර්ජනය .)
1891 අගෝස්තු පළවෙනිදා නිව්යොර්ක් හි දී හර්මන් මෙල්විල් උපත ලබන්නේ ආනයන අපනයන වෙළද ව්‍යාපාරයක් පවත්වාගෙන ගිය වෙළෙන්දකුගේ පවුලේ තුන්වැන්නා ලෙසය.
ඔහු පාසලේදී එතරම් දක්ෂ සිසුවෙකු නොවෙමින් ගැටවරවියට එළඹෙන විටම නැව් නැගී ලෝකය බලන්න ගිය වෙනස් අදහස් ඇති යෞවනයකු විය.
සුප්‍රකට බොස්ටන් තේ සාදය ලෙසින් හදුන්වන රතු ඉන්දියානුවන් ලෙසින් වෙස් වළාගත් ඇමරිකානුවන් බොස්ටන් වරායේ නවතා තිබූ බ්‍රිතාන්‍යය තේ නැව් වල තිබූ තේ මුහුදට හැලූ කණ්ඩායමේ ප්‍රබලකු වූ සිය සීයා මෙන්ම යොවුන් වියේ සිටම විප්ලවකාරී ගති පෙන්වූ මෙල්විල් නැව් රස්සාව තුළ ලද දැනුමද කරදරද අපමණයි. ඒ නමුත් තුලින්ම ලද අත් දැකීම් ඇසුරින් යළි සියරට ගියපසු ඔහු ලියූ විශිෂ්ට ග්‍රන්ථ පහා නිසා ඔහු ලෝකය්‍ෙ නමගිය ලේඛකයකු බවට පත් විය.
ඇමරිකාවේ නව සාහිත්‍යයේ පුරෝගාමියකු බවට ඔහු පත්වන්නේ ඔහුගේ මේ ලිවීම නිසාය.
මේ කතා අතර ඔහු ලියන මොබිඩික් නොහොත් ධවල තල්මසා ගේ කතාව ඔහුගේ විශිෂ්ට ම කෘතිය සේ සැළකේ.
විශ්ව සාහිත්‍යයේ විශිෂ්ට ම නවකතා දහය නම් කරන ලෙස වරක් ලොව විශිෂ්ට සාහිත්‍යය වේදියකු වූ සමරසෙට් මෝව් ගෙන් කරන ලද ඉල්ලීම අනුව ඒ විශිෂ්ට පොත් දහය අතරට මොබිඩික් ද ඇතුල් කර එය දහය ඔහු විසින් නම් කර ඇත. ඇත්ත වශයෙන් එය විශිෂ්ට ග්‍රන්ථයකි.


කලබලකාරි ලෝක සංචාරයක යෙදුණු ඔහු ඇවුලුම්‍ බිලීකරුවකු ලෙස තල්මස් දඩයමේ යන නැවක කරන ලද සේවය හා ලද අත් දැකීම් , මොබිඩික් කතාව ලිවීම සඳහා පාදක වූ බව ඔහු පවසා ඇත..
නැව් රස්සාවෙන් පසු ව සිය රට පැමිණි ඔහුට එම අත්දැකීම් ඇසුරින් ලියන්නට කියා ලැබුණු ආරාධනා අනුව ඔහු නවකතා පහක් ම ලිවීම සිදු කරයි .
ශ්‍රේෂ්ඨ ලේඛකයෙකු තුළ අනිවාර්යයෙන්ම දක්නට ලැබෙන විචාර බුද්ධිය හා සෘජු ආත්ම භාෂණය,සමාජ අසාධාරණයට එරෙහි වීමේ ගති ලක්ෂණ හොඳින් පිහිටා තිබූ මෙල්විල් එම ගුණාංග සිය කෘතීන් හරහා ද විද්‍යාමාන කරමින් සිය නවකතාකරණයෙහි මෙතැන් පටන් යෙදෙයි.
ලෝක සංචාරයෙන් ලද දැනුම හා අත්දැකීම්‍ ඇසුරින් ලියූ ඔහුගේ සියලුම කෘතීන් අතිශය සාර්ථක වූ අතර පසු කාලීනව ලෝක සම්භාවනාවට පාත්‍ර වූ මොබිඩික් නව කතාව ඔහුගේ ජීවිත කාලය තුළ දී නම් ඒ තරම් සාර්ථක නවකතාවක් ලෙස මහජනතාව පිළිගත්තේ නැත .නමුත් ඔහුගේ මරණින් පසු ඔහුව “උට්ටානය” කරන ලද්දේ ද මොබිඩික්මයි.


මොබිඩික් නව කතාව ඉතා දීර්ඝ නවකතාවකි පරිච්ඡේද එකසිය තිස් පහකින් සමන්විත විශාල කෘතියක් වූ එය එම කළ තල්මසුන් පිළිබඳව අධ්‍යයනය කිරීමට තරම් වටිනා විශාල දැනුම් සම්භාරයක් සහිත කෘතියක් විය .එහෙත් මෙය සිංහලට අනුවර්තනය ගනු ලැබූ සිරිල් සී පෙරේරා මහතා එම දීර්ඝ වාර්තාමය සටහන් මෙම අනුවර්තනය තුළින් තුළින් ඉවත් කර සංස්කරණය කර අපට ඉදිරිපත් කර ඇත .නමුත් එය පාඨක රසවින්දනයට බාධා නොවන ලෙසට ඉතා කදිමට සිදු කිරීමට ඒ මහතා සමත් වී ඇත .
සොබා දහමට සතා සීපාවාට හා පරිසරයට අසීමිතව ආදරය කළ මෙම මහා ලේඛකයා සිය හදවතේ පැන නැගී මිනිසා සහ සතුන් අතර පවතින අනවතර ගැටුම නිසා හට ගත් ශෝකයෙන් ලියූ මෙම නව කතාව ඔහුගේ මරණින් වසර ගණනකට පසු ව ලෝකයේ ඉතාම අගය කරන කතාව බවට ද පත් විය.
මිනිසා හා සොබාදහම අතර පවතින ගැටුම ද ධර්මය හා අධර්මය අතර පවතින ගැටුම ද පිළිබඳව නිරන්තරයෙන් සංවේදි වු ඔහු එම ගැටුම දුටුවේ දෙවියන් වහන්සේ හා මිනිසා අතර පවතින ගැටුමක් ලෙස ය. සිය බලය හා තණ්හාව නිසා මිනිසා ගහ කොළ සතා සිව්පාවා හා සමස්ත පරිසරයම තම අණසකට යටත් කර ගන්න දරණ උත්සාහය හා එසේ යටත් කර ගෙන සිදු කරන විනාශය පිළිබඳ ව නිරන්තරයෙන් ම තමාගේ විරෝධය පළ කරමින්, මෙයට එරෙහිව සටන් කළ හා එයට එරෙහිව සිය පෑන මෙහෙය වූ මොහු, එම විරෝධය මොබි ඩික් හෙවත් ධවල තල්මසා නමි වූ විශිෂ්ට කතාව තුළට ගොනු කරයි.
මෙම නව කතාව රචනා කිරීමෙන් පසුව ඔහු පූර්ණ පරිවර්තනයකට පත් වූ බව ද මිනිසා ගේ කෑදරකම හා සොබා දහමට එරෙහිව ඔහුගේ ක්‍රියාකාරකම් පිළිබඳව හට ගත් සිත්තැවුල නිසා ඇති වූ මානසික ආතතිය මෙම කෘතිය පළ වීමෙන් පසු තරමක් දුරට සංසිඳුණු බවත් ඔහු පවසා ඇත .එසේ කියා ඇත්තේ ඒ ඔහු දීර්ඝ කාලයක සිට කෑදර මිනිසා සොබා දහමට එරෙහිව ගෙන යන අරගලය සියැසින්ම දුටු නිසා ය .
මොබිඩික් නව කතාව දිව යන්නේ ප්‍රධාන චරිත දෙකක් හරහා ය .ඒ තල්මසකුගේ ප්‍රහාරය නිසා තමාගේ පාදයක් අහිමි වුණු තල්මස් මරන්නෙකු වූ මිසර ජාතික කපිතාන් වරයෙකු වූ අහාබ්‍ හා මුහුදේ ඇති හිම කන්දක් මෙන් විශාල මොබි ඩික් නම් විශාල තල්මසා ය.


නොදැමුණු ,කෘර, සතා සීපාවා පිළිබඳව කිසිදු ලතක් තෙතක් නැති ,සොබා දහම පිළිබඳව කිසිදු සංවේදී බවක් නැති පලිගැනීම එකම අරමුණු කරගත් කපිතාන් වරයා හා තමා මැරීමට එන බෝට්ටුවලට පහරදී නැව් වලට පහර දී නැවියන් මරා දමන නම ඇසූ පමණින් නැවියන් තැතිගන්වන එක විට මුහුදු කීපයකම දක්නා ලද අවතාරයක් බඳු අතිශයින් ඥානවන්ත තල්මස් රාජයා අතර සටන ඉතා කදිමට මෙම පොත තුලින් ඉදිරිපත් කරන කතුවරයා අවසානයේදී සොබාදහමට එරෙහි වන මිනිසාගේ කාලකන්නි ඉරණම ඉතා හොඳින් ගෙන හැර දක්වයි.
මිනිසාට පාලනය කළ නොහැකි වන තරමට සොබා දහම ආපසු මිනිසාට පහර දීමට පටන් ගන්නේ මිනිසාගේ ම නොයෙක් විනාශකාරී ක්‍රියාවන් නිසා ම බවත් සොබා දහම යනු ආරක්ෂා කර ගෙන එය සමඟ සාමයෙන් විසිය යුතු අනිවාර්ය වැදගත්ම අංගය ලෙසත් මිනිසුන් අවබෝධ කරගත යුතු යැයි යන අදහස පෙරදැරි කරගෙන ම මෙල්විල් නිරන්තරයෙන් සිය ලේඛන කාර්යයන් සිදු කර ගෙන ගොස් ඇත .


ධවල තල්මසා, මිනිසා හා සොබාදහාම අතර පැවති අරගලය ඉතා කදිමට විවරණය කරන අතර ම ඒ ඔස්සේ සොබා දම පාලනය කිරීමට ඇති අයිතිය ද ප්‍රශ්න කරන මෙම කදිම ග්‍රන්ථය ලාංකීය පාඨකයන් අතරට ගෙන ආ සිරිල් සී පෙරේරා මැති තුමාගේ සේවය ද අගය කරමින් හර්මන් මෙල්විල් ගේ 201 වෙනි ජන්ම සංවත්සරය ද සිහි කරමින් මේ පොත නැවත කියවමු .
සොබා දහමට මහත් සේ ආදරේ කළ මෙම මිනිසා සිය ලෝක සංචාර හරහා දුටු තොරතුරු ඇතුලත් කරන ඇතුළත් කරනු ලැබ ලියනු ලැබූ නවකතා වන “ටයිපි”,”ඔිමෝ”,”මාඩ්‍”,”රෙඩ්‍ බර්න්” “සුදු කමිසය”, යන නවකතාද ඔහුගේ විශිෂ්ටම නවකතාව වන මොබිඩික් ද පසු ව ලියැවුණු “පියෙරි”නවකතාවද “පියාසා” නම් වූ කෙටි කතා සංග්‍රාහය ද ඓතිහාසික නවකතාවක් වූ “විශ්වාසවන්ත මිනිසා” නම්‍ වූ ග්‍රන්ථය ද ලොව පුරා මහාත් සේ ජනප්‍රිය වූ ග්‍රන්ථයන් ය .ඔහුගේ ජීවිතයේ අවසාන කාලයේ දී ලියා පළ කළ “බිලී බඩ්” නැමති නවකතාව පළ වූයේ ඔහුගේ මරණයෙන් පසුව ය .
මෙල්විල් නවකතා වරයෙකු පමණක් නොව දක්ෂ කවියකු ද විය. එමෙන් ම විශිෂ්ට නිර්මාණශීලී ලිපි හා විවාදාත්මක රචනාවන් හි යෙදුණු ලේඛකයෙකි.
සොබා දහමට හා සතා සීපාවාට අසීමිත ලෙස ආදරය කළ මෙම මිනිසා එම හැඟීම නිසා ම ලියන ලද ලොව අති සාර්ථක නවකතාවක් ලෙස සම්භාවනාවට පාත්‍ර වූ “මොබිඩික්”සියවස් දෙකක් ගිය පසු ද ඔහු ගේ නාමය සාහිත්‍ය ලෝකය තුළ සදානුස්මරණීය කිරීමට සමත් ව ඇත.
-ලලිත් රවීන්ද්‍ර බෝපිටිය

Leave A Reply

Your email address will not be published.

eighteen + three =