ලංකාපුර, පස් හැවිරිදි දැරියකට කොවිඩ් 19 ආසාදනයවෙයි

පොලොන්නරුව ලංකාපුර ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් තවත් කොරෝනා රෝගියෙකු අද (03) හමු වූ බව පොලොන්නරුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය ඩබ්ලිව්.කේ.ඩබ්ලිව්.එස්.කුමාරවංශ පවසයි

ඒ රෝගියා ලංකාපුර ඊයේ හඳුනාගත් සිවිල් ආරක්‍ෂක භටයාගේ පස් හැවිරිදි දියණිය බවද කුමාරවංශ මහතා පවසයි.

සිවිල් ආරක්‍ෂ භටයාට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව හඳුනා ගැනීමෙන් පසු ඔහුගේ බිරිඳ සහ දියණිය පී.සී.ආර් පරීක්‍ෂණ සඳහා යොමුකර පොලොන්නරුව මහ රෝහලේ කොවිඩ් 19 සැකකටයුතු අය රඳවා තබන වාට්ටුවක නේවාසිකව සිටි අතර එම පරීක්‍ෂණ වාර්තාවලින් දැරියට කොරෝනා වයිරසය ආසාදිතවී ඇති බව තහවුරුවී ඇතැයි වෛද්‍ය කුමාරවංශ ප්‍රකාශ කළේය.

ලංකාපුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් මේ වනවිට හමුවී ඇති කොරෝනා රෝගීන් ගණන 12ක් බවවාර්තා වෙයි

මේ වන විට මෙරටින් කොවිඩ් ආසාදිතයන් 2824 දෙනකු හඳුනාගෙන ඇති අතර ඉන් 2517 දෙනකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ. තවමත් රෝහල්ගතව සිටින ආසාදිතයින් ගණන 296 කි.

Leave A Reply

Your email address will not be published.

three × two =