කුවේට් රාජ්‍යය ලංකාව ඇතුළු රටවල් 31ට ගුවන්ගමන් තහනම්

කොරෝනාවෛරස් පැතිරීමේ ඉහළ අවදානමක් ඇතැයි කුවේට් රාජ්‍යය විසින් සලකන ලංකාව ඇතුළු රටවල් 31 ක් වෙත යළි දැනුම් දෙන තෙක් වාණිජ ගුවන්ගමන් තහනම් කිරීමට කටයුතු කර තිබේ.

කුවේට් රාජ්‍යයේ සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (01) නිවේදනය කර තිබේ.

ඉන්දියාව, පකිස්තානය, ඊජිප්තුව, පිලිපීනය, ලෙබනනය සහ ශ්‍රී ලංකාව මෙන්ම චීනය, ඉරානය, බ්‍රසීලය, මෙක්සිකෝව, ඉතාලිය සහ ඉරාකය ද මෙම වාණිජ ගුවන්ගමන් තහනම්කළ රටවල් 31ට ඇතුළත් ය.

අද වන විට කුවේට් රාජ්‍යයෙන් කොරෝනෙවෛරස් රෝගීන් 67,000ක් මෙන්ම මරණ 400 කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී තිබෙන අතර, වෛරසය පැතිරයාම පාලනය කිරීමට මෙන්ම ක්‍රමක්‍රමයෙන් රට විවෘත කිරීමට පස් අදියර සැලැස්මක් පසුගිය මාසයේදී ආරම්භ කෙරුණි.

Leave A Reply

Your email address will not be published.

5 + fifteen =