ලංකාපුර පුද්ගලයන් 90 ක් ස්වයං නිරෝධායනයට

ලංකාපුර ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් ඊයේ(02) අලුතින්ම හමුවූ කොරෝනා රෝගියාගේ ආශ්‍රිතයින් ලෙස පවුල් 19කට අයත් පුද්ගලයන් 90 දෙනෙකු සිය නිවෙස්වල ස්වයං නිරෝධායනය සඳහා යොමුකර ඇතැයි පොළොන්නරුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ, වෛද්‍ය ඩබ්ලිව්.කේ.ඩබ්ලිව්.එස්.කුමාරවංශ අද(03) පැවැසීය.

මෙම පිරිස පී.සී.ආර්.පරීක්‍ෂණ සඳහා යොමු කිරීමට පියවර ගෙන ඇති අතර ඊයේ හමුවූ මෙම රෝගියා සිවිල් ආරක්‍ෂක භටයෙකු වෙයි.

පොළොන්නරුවෙ, ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්තව රාජකාරී කරන සිවිල් ආරක්‍ෂක භටයාට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතිබව පී.සී.ආර්පරීක්‍ෂණවලින් ඊයේ(02) දිනයේ තහවුරුකරගෙන තිබුණි.

එම සිවිල් ආරක්‍ෂභටයාගේ බිරිඳ සහ දියණිය දැනට පී.සී.ආර් පරීක්‍ෂණ සඳහා යොමුකර පොළොන්නරුව මහ රෝහලේ කෝවිඩ්-19 සැකකටයුතු අය රඳවා තබන වාට්ටුවක නේවාසිකව සිටියි.
මේ අතර ඊයේ (02) දින මෙරටින් හඳුනාගත්මුළු ආසාදිතයින් ගණන 7 කි. මෙරට සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් ගණන 2822 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Leave A Reply

Your email address will not be published.

4 × two =