කොරෝනා ආසාදිත මව බිහිකළ බිළිඳාට අසාදිත නෑ

කොවිඩ් – 19 වයිරසය ආසාදිත මවකගෙන් අලුත උපන් බිළිඳාට වයිරසය ආසාදනය වී නොමැති බව කොළඹ – නැගෙනහිර රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ප්‍රියන්ත කරුණාරත්න අද දින තහවුරු කළේය.

මෙම මවට පසුගිය 21 වැනිදා සිදු කළ පීසීආර් පරීක්ෂණයෙන් පසුව කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූ බව වෛද්‍යවරයා පැවසීය.

පසුගියදා මෙම ගර්භණී කාන්තාව ඩුබායි සිට ශ්‍රී ලංකාවට පැමිණි තිබූ අතර ඇයව කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමුකර තිබිණි.

වෛද්‍යවරුන් ඇතුළු 35 දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයකින් සමන්විත පිරිසක් විසින් දරු ප්‍රසුතිය සිදුකරනු ලැබීය.

මෙම දරු ප්‍රසුතිය විශේෂිත අයුරින්, සිසේරියන් සැත්කමක් සිදුකර වයිරසය පරිසරයට මුදාහැරීම අවම වන ලෙස සිදුකිරිම විශේෂත්වයක් විය.

මේ වන විට මව සහ අලුත උපන් දරුවා යහපත් සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන බව රෝහල් වෛද්‍ය අධ්‍යක්ෂකවරයා පැවසීය.

Leave A Reply

Your email address will not be published.

fourteen + nine =