ලංකා ජාතික විවාද කණ්ඩායම අද හවස 7 ට ලෝක පාසල් ශූරයන්ගේ තරගයේ !

ශ්‍රී ලංකා ජාතික විවාද කණ්ඩායම, ලෝක පාසල් විවාද ශූරතා තරගාවලියේ අවසාන තරගයට සුදුසුකම් ලබා තිබේ. මෙම තරගය අද (02) ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 7 ට කැනඩා කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත ය.
මෙක්සිකෝවේ සිට විසුරුවා හැරෙන මෙම තරගාවලිය කොවිඩ්-19 වසංගත තත්ත්වය නිසා ඔන්ලයින් ක්‍රමයට පැවැත්වේ.
රටවල් 68 ක් නියෝජනය කරමින් ජාතික කණ්ඩායම් මෙම තරගාවලියට සහභාගි වූ අතර, අවසාන පූර්ව තරගයේදී අයර්ලන්තය පරාජයට පත්කරමින් ශ්‍රී ලංකාව අවසාන තරගයට සුදුසුකම් ලැබීය.
කොළඹ, රාජකීය විද්‍යාලයේ ජනුල් ද සිල්වා, ශලේම් සුමන්තිරන්, කොළඹ ජාත්‍යන්තර පාසලේ රාහුල් ද සිල්වා, ජැස්මින් මාර්කන්දු, කොළඹ ආනන්ද විද්‍යාලයේ චනිදු රත්නායක, කොළඹ කාන්තා විද්‍යාලයේ රේහා විමලසේකර ශ්‍රී ලංකා ජාතික විවාද කණ්ඩායම නියෝජනය කරමින් මෙම තරගයට සහභාගි වන අතර, සන්ජිත් ඩයස් සහ කිත්මින හේවගේ මෙම කණ්ඩායමේ පුහුණුකරුවන් ලෙස කටයුතු කරති.
ජාතික විවාද කණ්ඩායමට සුබ පැතුම් !

Leave A Reply

Your email address will not be published.

twelve + 2 =