උසස් පෙළ සිසුන් වෙනුවෙන් ‘SLT ALkuppiya’

ජාතික දුරකථන හා සන්නිවේදන සේවා සැපයුම්කරු වන ශ්‍රී ලංකා ටෙලිකොම්, ශ්‍රී ලාංකීය සිසු පරපුරේ අධ්‍යාපන කටයුතු නංවාලීම සඳහා වන ඩිජිටල් සවිබලගැන්වීම් සේවා යටතේ, Crayons Education (Pvt) Ltd. සමාගමට අයත් අ.පො.ස. උසස් පෙළ ඉලක්ක කළ ALKuppiya වෙබ් අඩවිය සමග සහයෝගීතා ගිවිසුමකට එක්ව තිබේ. මේ යටතේ SLT broadband සේවා භාවිත කරන පාරිභෝගිකයන් හට AL Kuppiya වෙබ් අඩවිය වෙත පිවිසීම සඳහා LMS Max සහ ඛඵී ඛසඑැ ලෙස විශේෂ ඬේටා පැකේජ දෙකක් හඳුන්වා දී තිබේ.

www.alkuppiya.lk වෙබ් අඩවිය වෙත පිවිසීමේ දී LMS Max පැකේජය වෙතින් රුපියල් 490.00කට 100 GB ඬේටා සහ LMS Lite පැකේජයෙන් 30 GB ඬේටා රුපියල් 195.00කට ලබා ගත හැකි ය. SLT Broadband portal, SLT Selfcare APP එක සහ 1212 අංකය ඇමතීමෙන් මෙම විශේෂ පැකේජයන් සක්‍රිය කරගත හැකිය.

උසස් පෙළ සිසුන් ඉලක්ක කළ දුරස්ථ අධ්‍යාපන ක්‍රමවේදයක් ලෙස ක්‍රියාත්මක AL Kuppiya සමඟ එක් වීමෙන් සිසුන්ට පහසු ස්ථානයක සිට දවසේ ඕනෑම වේලාවක පිවිසෙමින් අධ්‍යාපන කටයුතු සිදු කර ගත හැකි වේ. අධිවේගී SLT බ්‍රෝඞ්බෑන්ඞ් අන්තර්ජාල සබඳතාවක් හරහා සිසුන්ට කිසිදු බාධා වීමකින් හෝ අපහසුතාවකින් තොරව අඛණ්ඩව අධ්‍යාපන කටයුතු සිදු කර ගැනීමේ අවස්ථාව හිමි වේ. www.alkuppiya.lk වෙබ් අඩවිය වෙත පිවිසීමෙන් හෝ play store හරහා එහි mobile APP එක ලබා ගනිමින් AL Kuppiya සේවාව ලබා ගත හැකි අතර, ක්‍රෙඩිට් කාඞ්, Mcash, FriMi හෝ බැංකු මුදල් හුවමාරුවක් හරහා අදාළ ගාස්තු ගෙවීමේ හැකියාව පවතී.

Crayons Education (Pvt) Ltd. වෙනුවෙන් එහි අධ්‍යක්ෂ නවීන් කල්හාර යද්දෙහිගේ සහ SLT වෙනුවෙන් එහි ප්‍රධාන අලෙවි නිලධාරී ප්‍රභාත් දහනායක යන මහත්වරුන් මෙම ගිවිසුම අත්සන් කෙරිණ. මෙම ගිවිසුම, ඩිජිටල් යටිතල පහසුකම් හා සේවා සලසමින් ශ්‍රී ලාංකීය ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කරලීම උදෙසා වන  SLT මෙහෙවර තුළ තවත් කැපීපෙනෙන සන්ධිස්ථානයකි.

SLT ප්‍රධාන අලෙවි නිලධාරී ප්‍රභාත් දහනායක මහතා අදහස් දක්වමින් “නව්‍යකරණයෙන් පිරිපුන් ීඛඔ සන්නිවේදන හා තාක්ෂණ සවිබල ගැන්වීම් සේවා යටතේ අපේ රටේ දරු පරපුරේ අධ්‍යාපනික අවශ්‍යතා සපුරාලන්න අප නිරන්තරයෙන් කැපව සිටිනවා. සිසුන්, අධ්‍යාපන ආයතන හා අධ්‍යාපනය පිළිබඳ බැඳුණ සියලුම පාර්ශ්වයන් සමඟ කටයුතු කරමින් උගත්, බුද්ධිමත් හා නිර්මාණශීලී අනාගත පරපුරක් බිහිකිරීම අපේ අරමුණ” යැයි පැවසීය.

Leave A Reply

Your email address will not be published.

1 × 4 =