විරවංශ සහ ගම්මන්පිල ට වරාය සේවකයන්ගෙන් ‘හු’ සංග්‍රහයක්

කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය විකිණීම වහා නවතා දමන ලෙස බලකරමින් වරාය සේවකයින් විසින් අරඹා ඇති සත්‍යග‍්‍රහය ඇතුලූ විරෝධතා ක‍්‍රියාමාර්ග තවදුරටත් ක‍්‍රියාත්මක කරමින් සිටී. ඒ අනුව අද දින සියලූ වරාය සේවකයින් වැඩවර්ජන ක‍්‍රියාමාර්ගයක් අරඹා ඇති අතර ඊට සමගාමීව වරායේ කන්ටේනර් ප‍්‍රවාහන මාර්ගය (හර්තාල් පාලම) වසා දැමීමට කටයුතු කර ඇත. මෙම පාලම වසා දැමීම හේතුවෙන් කොළඹ වරායේ සිට මීගමුව දක්වා ගමන් ගන්නා මාර්ගය සම්පූර්ණයෙන් අවහිර වී ඇති බවද වාර්තා වේ. නමුත් මෙතෙක් මෙම පර්යන්තය විකිණීමේ ක‍්‍රියාවලිය නවතා දැමීම සඳහා ආණ්ඩුව කටයුතු කර නැත.

මේ අතර අද රාත්‍රී 9.00 පමණ සත්‍යග‍්‍රහය පවතී ස්ථානයට පැමිණි ශ්‍රීලංකා පොදුජන එක්සත් පෙරමුණේ කොළඹ අපේක්‍ෂකයන් දෙදෙනෙකු වන විමල් විරවංශ සහ උදය ගම්මන්පිල ට වරාය සේවකයන් බහුතරයගෙන් හු සංග්‍රහයක් ලැබී ඇත. හු හඬ මධ්‍යයේ වරාය සභාපතිවරයාගේ කාර්යාලයට ගිය විමල් සහ ගම්මන්පිල දෙදෙනා වරාය වෘත්තීය සමිති නියෝජිතයන් හා සාකච්ඡාවට සහබාගි විය. එහිදී මෙම දෙදෙනා පවසා ඇත්තේ තමන් ජනාධිපතිවරයාගේ පණිවිඩයක් පැමිණි බවත් එනම් ලබන 6 වනදා ඡන්දයට පසුදා ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවක් ලබාදීමට පොරොන්දු වන බවයි. එහෙත් සියලු වෘත්තීය සමිති පවසා ඇත්තේ වහාම තමන්ට ලබන 5 වන දාට ප්‍රථම සාකච්ඡාවක් වගේම ලිකිත පොරොන්දුවක් අවශ්‍ය බවයි. එසේ නොවන සමතයකට පත්වීමකට අකමැති බවයි. වෘත්තීය සමිතිවළ එම ප්‍රතිචාරයත් සමඟ විරවංශ සහ ගම්මන්පිල දෙදෙනා සත්‍යග‍්‍රහය තිබෙන පැත්තෙන් පිටව නොගොස් වෙනත් දොරටුවකින් පිටතට ගොස් ඇත.

මේ අතර වරාය නැගෙනහිරි පර්යන්තය විකිණීමට එරෙහිව වරාය වෘත්තීය සමිති විසින් අරඹා ඇති අඛණ්ඩ සත්‍යග‍්‍රහයට සහාය පලකරමින් ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ නියෝජිතයින් ඒ සඳහා සහභාගී විය. ඒ අනුව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය වෙනුවෙන් සමස්ත ලංකා සෞඛ්‍ය සේවා සම්මේලනයේ සභාපති සමන්ත කෝරළේ ආරච්චි, ලංකා ගුරුසේවා සංගමයේ සභාපති ලාල්කුමාර, සමස්ත ලංකා ප‍්‍රවාහන සේවක සංගමයේ ලේකම් සේපාල ලියනගේ, සමස්ත ලංකා දුම්රිය සේවකයින්ගේ පොදු සේවක සංගමය නියෝජනය කරමින් සමරසිංහ යන සහෝදරවරු මේ සඳහා එක් වී සිටියහ. එහිදී සමන්ත කෝරලේආරච්චි පවසා සිටියේ නැගෙනහිර ජැටිය විකිණීමට එරෙහිව වරාය සේවකයින් අරඹා ඇති මෙම අරගලය සඳහා ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සහාය පලකර සිටින බවත් මෙම විකිණීමේ ක‍්‍රියාවලිය පරාජය කිරීම වෙනුවෙන් උපරිම මැදිහත්වීම ලබාදීමට කටයුතු කරන බවත්ය.

Leave A Reply

Your email address will not be published.

2 × 2 =