CID හිටපු අධ්‍යක්ෂ ශානි අත්අඩංගුවට !

වැඩ තහනමට ලක් කර සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර අද (31) පෙරවරුවේ කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ගිනිඅවි සම්බන්ධ සිදුවීමක් පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකළ විමර්ශනයක සාක්ෂි සැඟවීමේ චෝදනාව ඔහුට එල්ල කර ඇත. මීට පෙර ද අවස්ථා ගණනාවකදී ඔහුව අත්අඩංගුවට ගැනීමට උත්සාහ කළද, ඒවා සාර්ථක නොවීය.
පසුගිය රාජපක්ෂ ආණ්ඩු සමයේ සිදුකෙරුණු විවිධ වංචා, දූෂණ, අපරාධ ගණනාවක් සම්බන්ධයෙන් විමර්ශන මෙහෙයවූ ශානි අබේසේකර, වත්මන් රජයේ ප්‍රබලයින් ගණනාවකගේම දැඩි වෛරයට ප්‍රාත්‍ර වූ අයෙකු බව රහසක් නොවේ. වත්මන් ආණ්ඩුව පත්වූ වහාම ඔහුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ධුරයෙන් ඉවත් කොට, දකුණු පළාත් භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පුද්ගලික සහකාරවරයා ලෙස තනතුර පහළ හෙළමින් ස්ථාන මාරුවක් ලබාදෙන ලදි.

මීට එරෙහිව ජාතික පොලිස් කොමිසමට පැමිණිලි කර ඇතත්, මෙතෙක් එය විභාගයට ගෙන නැත. මේ අතර හිටපු අධ්‍යක්ෂවරයා අත්අඩංගුවට ගැනීමට පෙරම, ඇතැම් මාධ්‍ය ආයතන ඊට අදාළ පුවත් කෙටි පණිවිඩ සේවා මගින් ජනතාව වෙත යවා තිබීම ද විශේෂත්වයකි.

Leave A Reply

Your email address will not be published.

4 × 2 =