කුරුණෑගල ගොඩනැගිල්ල කැඩීම – “අවංකවම කරපු වැඩේ හරි”

ආන්දෝලනයට ලක්ව ඇති කුරුණෑගල නගරාධිපතිවරයා විසින් ගොඩනැගිල්ලක් කඩා දැමීමේ ක්‍රියාව නිවැරදි එකක් බවත් එම ගොඩනැගිල්ලට කිසිදු ඓතිහාසික වටිනාකමක් නොමැති බවත් එය කඩාදැමුවායැයි කියා කුරුණෑගල ජනතාවට ගානක් නැති බවත් පොහොට්ටු පක්ෂයේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.

ඔහු මේ බව පැවසූවේ ඓතිහාසික කුරුණෑගල රාජධානියේ ජීවමාන සාක්ෂියක් ලෙස පැවති පෞරානික බුවනෙකබාහු රාජ මණ්ඩපය යැයි සැලකෙන ගොඩනැගිල්ල පසුගිය 14 වනදා රාත්‍රියේ කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණගේ මෙහෙයවිමෙන් ඩෝසර් කර කඩා විනාශ කිරීම සම්බන්ධයෙන් පෞද්ගලික රූපවාහිනී නාලිකාවක පැවති සම්මුඛ සාකච්ඡාවකදී අදහස් දක්වමිණි.

එහිදී ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වන නාමල් රාජපක්ෂ

“මේ කුරුණෑගල සිද්ධිය. මේ මෑත කාලයේ මේ මැතිවරණය අස්සේ සමාජ මාධ්‍ය තුළ. මං හිතන්නෙ මං කුරුණෑගල ගියා කීපවතාවක් ඕකෙන් පස්සෙත්. කුරුණෑගල නම් වැඩි කතිකාවතක් නෑ ඒ සම්බන්ධයෙන් අවංකවම. කරපු වැඩේ හරි. හැබැයි කරපු විදිහ වැරදියි කියන එක මං පිළිගන්නවා. මොකද ඒක කඩන්න තිබිච්ච එකක්. ඒක පුරාවිද්‍යාත්මක වටිනාකමක් තියෙන එකක් නෙවෙයි කියන එක අද පිළි අරන් තියෙනවා.” කඩපු කෑල්ල හරි. කරපු විදිහ වැරදියි.

ඕක ඔයිට වඩා වෙනස් විදියකට කරන්න තිබුණා, පුරාවිද්‍යා නිලධාරීනුත් කැඳවලා. පුරාවිද්‍යා එකටත් ප්‍රශ්න ගණනාවක් තියෙනවා, පසුගිය පාලනය යටතේ නිලධාරීන් බඳවාගෙන නැහැ, ඒ නිසා නිලධාරීන් හිඟයකුත් තියෙනවා. මේ සිද්ධියෙදි ඒ නිලධාරීන් සහ දේශපාලනඥයින් කියන දෙගොල්ලොම මීට වඩා වගකීමෙන් කටයුතු කළා නම් හරි”

නාමල් රාජපක්ෂ එසේ පැවසුවද පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායකගේ සභාපතිත්වයෙන් යුත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ටී.ජී කුලතුංග, කුරුණෑගල අතිරේක දිස්ත්‍රික් ලේකම් ජී. ඒ කිත්සිරි, මධ්‍යම සංස්කෘතික අරමුදලේ වැඩබලන සංවර්ධන අධ්‍යක්ෂ වාස්තු විද්‍යාඥ සුමේධා මාතොට, බුද්ධ ශාසන සංස්කෘතික සහ ආගමික කටයුතු අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ පුරාවිද්‍යාඥ ප්‍රසාද් රණසිංහ යන මහත්ම මහත්මින්ගෙන් සමන්විත අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් පත් කළ කමිටුව මෙම ගොඩනැගිල්ල පුරාවිද්‍යා ගොඩනැගිල්ලක් බවත් මෙය නැවත යතාතත්වයට පත් කළ යුතු බවත් ඒ සඳහා වැයවන මුදල අදාළ අලාභහානිය සිදු කළ පුද්ගලයන්ගෙන් අය කරගත යතුතු බවත් යෝජනා කර ඇත.

Leave A Reply

Your email address will not be published.

17 − 2 =