ලොව පුරා කොවිඩ්19 මරණ වලින් හතරෙන් එකක් ඇමෙරිකාවේ

කොරෝනා වයිරසය හේතුවෙන් ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වන මරණ සංඛ්‍යාව ඊයේ (29) වන විට 150,000 පසු කළේය.
මේ අතර ‘කොවිඩ්-19’ වයිරසය හේතුවෙන් සෑම මිනිත්තුවකදීම ඇමෙරිකා එක්සත් ජනපදයේ පුද්ගලයකු මරණයට පත්වන බව රොයිටර් පුවත් සේවය ඊයේ රාත්‍රී වාර්තාකළේය.

‘කොවිඞ්–19’ හේතුවෙන් ලොව ඕනෑම රටකින් වාර්තා වන වාර්තා වන වැඩිම මරණ ගණන මෙන්ම ලොව සමස්ත වයිරස ආසාදිත මරණ ගණනින් හතරෙන් එකකට ද මෙම මරණ ගණන සමාන වෙයි.

මේ වනවිට ගෝලීයව වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිත මරණ ගණන 660,997කි. ඇමෙරිකාවෙන් වාර්තා වන වයිරස ආසාදිත මරණ ගණන එයින් 23%කි.

ඇමෙරිකාවෙන් පසුගිය දින 11 කාලයේදී වයිරස ආසාදිත මරණ 10,000 ඉක්මවා වාර්තා වූ අතර ජූනි මාසයෙන් පසු ඇමෙරිකාවෙන් වේගයෙන්ම මරණ වාර්තා වූ දින 11 ලෙස ද එම දින සැලකේ.

ඇමෙරිකා එක්සත් ජනපදයෙන් බදාදා දිනයේදී නව කොරෝනා වයිරස ආසාදිත මරණ 1,461ක් වාර්තා විය. පසුගිය මැයි මස 27 වැනිදාට පසු ඇමෙරිකාවෙන් දිනක් ඇතුළත වාර්තා වැඩිම මරණ ගණන ද එය යි. ඇමෙරිකාවෙන් මැයි 27 වැනිදා වාර්තා වූ වයිරස ආසාදිත මරණ ගණන 1,484කි.

Leave A Reply

Your email address will not be published.

eight − 2 =