‘‘මැලේසියාවෙි හිටපු අගමැති නඡීබි රසාක්ට වසර 12 ක සිර දඩුවමක්‘‘

 

මැලේසියානු රාජ්‍ය අරමුදලෙන් ඩොලර් බිලියන ගණනක් සොරකම් කිරීමේ එක් චෝදනාවකට ක්වාලාලම්පූර්හි අධිකරණය විසින් හිටපු අගමැති නජිබ් රසාක්ට වසර 12 ක සිර දඩුවමක් නියම කර තිබේ. එය ඔහුට එරෙහිව ගොනුකොට තිබූ එක් නඩු විභාගයක් පමණි. තව දුෂණ ක්‍රියා පහක නඩු ඇසෙමින් පවතී.
“සාධාරණ සැකයකින් ඔබ්බට පැමිණිල්ල සාර්ථකව ඔප්පු කර ඇති බව මට පෙනී යයි. එබැවින් චූදිතයාන් වැරදිකරුවන් බව මට පෙනී ගොස් ඇති බැවින් චෝදනා හත සම්බන්ධයෙන්ම විත්තිකරු වරදකරු කරනු ඇත, යනුවෙන් මහාධිකරණ විනිසුරු මොහොමඩ් නස්ලාන් මොහමඩ් ඝසාලි ක්වාලාලම්පූර් මහාධිකරණයේදී පැවසීය.


මැලේසියානු ආර්ථිකය වඩාත් පලදායි ලෙස සංවර්ධනය කිරීමෙි අරමුනින් ඇමෙරිකා එක්සත් ඡනපදයේද සහාය සහිතව මැලේසියා සංවර්ධන අරමුදල ( 1MDB) 2009 වසරේදී ස්ථාපනය කරනු ලැබුවේ නජිබ් රසාක් අගමැති ධුරය දරන අවදියේය . 2015 දී ඩොලර් බිලියන 4.5 ක මුදලක් අනීතිකව අරමුදලෙන් ඉවත්කොට පුද්ගලික සාක්කුවලට හරවා ඇතැයි මැලේසියානු හා ඇමෙරිකානු බලධාරීහු චෝදනා නැගූහ.
එසේ අතුරුදන් වූ මුදල් සුඛෝපභෝගී ඉඩකඩම් දේපොළ, පුද්ගලික ගුවන් යානයක්, වැන් ගෝ හා මොනෙට් යන ලෝ ප්‍රකට චිත්‍රශිල්පීන්ගේ නිර්මාණ පමණක් නොව අති සාර්ථක හොලිවුඩ් චිත්‍රපටයක් වන ද වුල්ෆ් ඔෆ් ද වෝල් ස්ට්‍රීට් (Wolf of Wall Street) සඳහා හිටපු අගමැතිවරායා යොදවා යෙදවී ඇති බව පැවසේ.‍‍මෛ අරමුදල් අතුරැදහන් වීම සමිබන්ධයෙන් මැලේසියානු අගමැතිට පරිබාහිරව වග උත්තර කරුවෙකු වූ ඇමෙරිකාවෙි Goldman Sachs බැංකුව ඩොලර් බිලියන ගණනක දූෂණ සිද්ධිය තුළ තමන්ට ඇති සම්බන්ධය සමථයකට ගෙන ඒම සඳහා පසුගිය සතියේදී මැලේසියානු ආණ්ඩුවට ඩොලර් බිලියන 3.9ක් ගෙවීමට එකඟ විය.
මුදල් විශුද්ධිකරණයට අදාළ චෝදනා 21 ක් හා බලය අයුතු ලෙස භාවිතයට අදාළ චෝදනා හතරකට මුහුණ දී සිටින නජිබ් රසාක් එම සියලු චෝදනා ප්‍රතික්ෂේප කරයි.ඔහු සිය දඩුවමට එරෙහිව අභායාචනයක් ඉදිරිපත් කර ඇත. එබැවින් එය ඔහුව අත් අඩංගුවට ගැනීමෙි මොහොත ටික කලකට බල රහිත කර තිබේ.
-උපාලි ජයසිංහ

Leave A Reply

Your email address will not be published.

two + nineteen =