කොවිඩ් 19, මහ මැතිවරණය, සහ ක්‍රීඩකයන් නන්නත්තාර වීම

කොවිඩ් 19 මුළු ලොවටම කළ නස්පැත්තිය සුළු පටු නොවේ..ජන ජීවිතය සහමුලින්ම කණපිට හරවා ඇත.
කෝටි ගණනකගේ ජීවිතද අහිමි කොට තවත් එවැනිම පිරිසකගේ ජීවිත අවදානමේ තැබීමත් හැරුණු කොට ජීවිත ගැට ගසා ගැනීමද දුෂ්කර කොට තිබේ.
කොටින්ම න්‍යෂ්ඨික අවියකට කළ නොහැකි තර්ජනයක් කොව්ඩ් 19 කුඩා වයිරසයට කළ හැකිව ඇත.
ශ්‍රී ලංකාවේද තත්ත්වය බරපතල වුවත් මහ මැතිවරණය නම් මහා ව්‍යසනයෙන් එය වසා දමා තිබේ.
ක්‍රීඩාව පැත්තෙන් බැලුවහොත් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ තත්ත්වයද බරපතලය.
ඉදිරි සැලැස්මක් නොමැති හෙයින් ඔවුන්ගේ පුහුණු කටයුතු අඩාල වී ඇත. දහස් ගණනකට
ක්‍රීඩාව නිසාම පුද්ගලික ආයතන වල ලැබුණු රැකියාද අහිමිව තිබේ. ඔවුන් ඉදිරියටත් සේවකයන් අඩු කිරීමේ පදනමක පිහිටා කටයුතු කිරීම හේතුවෙන් පාසල් වලින් නික්ම යද්දී වෙනදා ක්‍රීඩකයන්ට ලැබෙන රැකියා අවස්ථාද බොහෝ දුරට අහිමි වනු ඇත.
මාස් හෝල්ඩින්ග්ස් ආයතනයේ සේවය කළ සිය ගණනක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ද මෙසේ රැකියා අහිමි වූ පිරිසට ඇතුළත්‍ ය.ක්‍රීඩකයන් සදහා වැඩිම රැකියා අවස්ථා ලබා දුන් ආයතනය එයයි.
ජාතික සංචිතද නොමැති නිසා පෝෂණ දීමනාද නැත.
පුහුණුකරුවන්ද, විනිසුරුවරුන්ද, තරඟ තීරක වරුන්ද ,ලකුණු සටහන් කරුවන්ද ක්‍රීඩකයන්ට අමතරව මෙම ව්‍යසනයෙන් පීඩාවට පත් වූවන් අතර වෙති.
මෙම බලපෑම වැඩි හරියක් දැනෙන්නේ ක්‍රිකට් ක්‍රීඩාවේය.
පාසල් පුහුණුකරුවන් විශේෂිතය.
ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ රැකියා අහිමි කිරීම තුළ ඉදිරියේ පැවැත්වීමට නියමිත වෙළෙද සේවා ක්‍රිකට් තරගාවලියද කණ්ඩායම් නොමැතිව ඇණ හිටින තත්ත්වයක පවතී.
ඕස්ට්‍රේලියාවේ තරඟ වැදීම සදහා සෑම වසරකම එහි යන සියයකට ආසන්න ක්‍රිකට් ක්‍රීඩකයන්ද නන්නත්තාර වී තිබේ.
කතා කළ හැකි මෙවැනි පැති ඕනෑතරම් තවත් තිබියදී මෙහි සදහන් කළේ ක්‍රීඩාව පැත්ත පමණි.
මේ පැත්තද අපේ මාධ්‍ය කතා කරනු දැකිය නොහැකි වීම කනගාටුවට කරුණකි.
මැටිවරණ ප්‍රෝඩාවට වෙන් කරන ඉඩ නිසා එහි වෙනත් දෙයකට ඉඩක් නොමැත.
තත්පර 30 ක රූපවාහිනී දැන්වීමකට මොවුන් ලක්ෂ පහේ සිට පහලොව දක්වා වියදම් කරන බව බොහෝ දෙනා නොදනිති.( දිනකට ප්‍රචාරය වන ගණන මේ ගණනින් වැඩි කර බලන්න.ජනතාවට සේවය කරන්න මොවුන් කරන වියදම කොපමණක් දැයි ඔබටම ගැණනය කළ හැක.)
ඇතැම් නම ගිය ක්‍රීඩකයන්ද වේදිකාවටත් නැග මොවුන්ට කඩේ යද්දී අඩු තරමින් අද ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා පුහුණුකරුවන්, විනිසුරුවන්, ලකුණු සටහන් කරුවන් මුහුණ දී ඇති අභාග්‍යසම්පන්න ඉරණම ගැනවත් කතා නොකරති.
වැඩි හරියක් ඇසෙන්නේ සුරoගනා කතාය.
අප රටේ කලා කරුවන්ද එසේමය..කලාව හා කලාකරුවන් ගැන හැර ඔවුන්ද දේශපාලන වේදිකාවේ කතා කරන්නේ වෙනත් පුහු කතාය..අද කලාකරුවන්ද මුහුණ දී ඇත්තේ මෙවැනිම ඉරණමකටය..
මේ සියල්ල 225 කගේ සුඛ විහරණය සදහා වන බලු පොරයකින් වැසී ඇත. අපි අගෝස්තු 5 තෙක් ඉවසමු..
ඉන් පසුවත් තවත් අවුරුදු ගණනක් ඉවසා සිටින්නට පුරුදු වෙමු.
ඒ 5 දායින් පසුවත් ක්‍රමය ක්‍රමයම වන නිසාය…!
මේ අපේ ආශික්ලන්තයයි..!

-රන්ජන් පරණවිතාන fb පිටුවෙන් 

Leave A Reply

Your email address will not be published.

five × 3 =