“ගැටලු පාර්ලමේන්තුවට ගෙන යාමේ සටන අපි කුස්සියෙන්ම පටන් ගත යුතුයි”

රටේ ඡන්ද දායකයන්ගෙන් 56%ක්ම කාන්තාවෝ, පවතින ආණ්ඩුවලින් වැඩියෙන්ම බැට කන ඔවුන් වෙනුවෙන් පෙනී සිටින එකම ව්‍යාපාරය ජාතික ජන බලවේග බව ජාතික ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් කණ්ඩායමේ සුජීවා ගුණසේකර පවසයි.
ඇය මේ අදහස් පල කළේ අද (29) බත්තරමුල්ල, පැලවත්ත ජවිපෙ ප්‍රධාන කාර්යාලයේදී පවතී මාධ්‍ය හමුවකදීය.

“කොරෝනා වසංගතය නිසා අපේ රටෙන් විදෙස්ගත වූ අපේම සහෝදර සහෝදරියන් අද ඒ ඒ රටවල අසරණ වෙලා. විශේෂයෙන් මැද පෙරදිග ඉන්න අපේ කාන්තාවෝ දැඩි ලෙසම පීඩාවට පත්වෙලා. ඔවුන්ට කර කියාගන්න දෙයක් නැතිව අපේ තානාපති කාර්යාල ඉදිරිපිටට ඇවිල්ලා තමන්ගේ දුක කියන්න පටන් අරන්. එහෙම ආපු කාන්තාවන් පිරිසකට ජෝර්දානයේ අපේ රටේ තානාපති කාර්යාලය ඉදිරිපිටදී ජෝර්දාන් පොලීසිය කඳුළු ගෑස් ගසා බැටන් ප්‍රහාරයක්ද එල්ල කරනවා. ඒ ගැන රාජපක්‍ෂ ආණ්ඩුව මේ වනතුරු කිසිදු රාජ්‍යතාන්ත්‍රික ප්‍රතිචාරයක් දක්වා නැහැ. අපි මේ රජයට බලකර කියා සිටිනවා, විදෙස්ගතව අසරණ වී සිටින අපේ රටේ සේවක සේවිකාවෝ ඉක්මනින්ම මේ රටට ගෙන්වලා දෙන්න කියලා. ”

“ලංකාවේ ජනහනයෙන් 52%ක්ම කාන්තාවන්. ඡන්ද දායකයන්ගෙන් 56%ක්ම කාන්තාවන්. නමුත් පාර්ලිමේන්තුවේ අපේ රටේ පීඩිත කාන්තාවන් වෙනුවෙන් නියෝජනයක් නැහැ. ඔවුන්ගේ හඬ නගන්න තරම් ඉන්න අයට වුවමනාවකුත් නැහැ. ඒ අය කරන්නේ පවතින ආණ්ඩුවලට ප්‍රශස්ති ගයන එක විතරයි. අද අවශ්‍ය වන්නේ කාන්තා ගැටලු හඳුනන කාන්තා නියෝජනයක්. මේ රටේ දුක් විඳින කාන්තාවෝ සහ ඔවුන්ගේ ගැටලු පාර්ලමේන්තුවට ගෙන යාමේ සටන අපි කුස්සියෙන්ම පටන් ගත යුතුයි.”

Leave A Reply

Your email address will not be published.

3 × 2 =