“රට විරුවන්ට එල්ල කල ප්රහාරය හෙලා දකිමු”
රැකියා අහමි වූ ජෝර්දානයේ සිටින ශ්රී ලාංකිකයින්ට එරට පොලීසිය විසින් එල්ල කළ කඳුළු ගෑස් ප්රහාරයට විරෝධය පළ කරමින් සහ එම ශ්රමිකයන් වහාම මෙරටට ගෙන්වන ලෙස ඉල්ලමින් අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානය විරෝධතාවයක් පවත්වන ලදී.
ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඉදිරිපිට අද(29) දහවල් පෑවති මෙම විරෝධතාවයට අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානයසමඟ එක්ව ජෝර්දානයේදී කඳුළු ගෑස් ප්රහාරයට ලක්වුවන්ගේ දෙමාපියන් පිරිසක් ද සහබාගි විය.
කොරෝනා හෙවත් කොවිඩ්-19 වසංගත තත්වය හේතුවෙන් සිය රැකියා අහමි වූ ජෝර්දානයේ සිටින ශ්රී ලාංකිකයින්ට එරට පොලීසිය විසින් පෙරෙයිදා (27) කඳුළු ගෑස් ප්රහාරයක් එල්ල වූ අතර එහිදී තරුණියන් පිරිසක් තුවාල ලබා රෝහල් ගතකළේය.
කොරෝනා වසංගත තත්වය හේතුවෙන් මාස පහක පමණ කාලයක සිට ජෝර්දානයේ අල්කාරා ප්රදේශයේ කර්මාන්තපුරයක සේවය කළ 340ක පමණ ශ්රී ලාංකිකයින් පිරිසට රැකියා අහිමි වී ඇති බවට පළ වූ වාර්තා සම්බන්ධයෙන් ඊයේ (27) ජෝර්දානයේ පිහිටි ශ්රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන් පිරිසක් සහ ශ්රී ලාංකිකයින් අතර සාකච්ඡාවක් පැවැත්වී ඇත.
කෙසේ වෙතත් එම සාකච්ඡාවේදී පැහැදිලි විසඳුමක් ලබාදීමට තානාපති නිලධාරීන් අපොහොසත්වීම නිසා උණුස්ම්කාරී තත්වයක් හටගෙන තිබේ.
එම අවස්ථාවේදී ජෝර්දාන පොලීසිය විසින් කඳුළු ගෑස් ප්රහාරයක් එල්ල කර ඇත.
මෙම ඡායාරුපය සුනිල් ලියනගේ ගේ fb යෙන්
ජෝර්දානයේ දී ප්රහාරයට ලක් වූ කාන්තාවකගේ මවක්
ජෝර්දානයේ දී ප්රහාරයට ලක් වූ කාන්තාවකගේ මවක්
අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානය -සමන්මලී ගුණසිංහ