ඇසෑම් රයිනෝවන්ට ගංවතුර බලපෑම්

මේ දිනවල ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයට බල පා ඇති අධික ගංවතුර තත්ත්වය නිසා මිනිසුන් 79 දෙනෙකු මේ වන විට මිය ගොස් ඇත. එමෙන්ම ඉන්දියාවේ කසිරංග උද්‍යානයේ ගංවතුරෙන් දුර්ලභ රයිනෝ 8 ක් ඇතුළු වන සතුන් 100 කට වැඩි පිරිසක් පමණ මියගොස් ඇති බවත් බලධාරීහු පවසති.

ඇසෑම් ප්‍රාන්තයේ කසිරංග උද්‍යානය ලෝකයේ විශාලතම අං සහිත රයිනෝ වාසස්ථානය වන අතර එය මේ සියවස ආරම්භයේදී වඳ වී යාමට මුහුණ දුන් සත්ව කොට්ඨාසයකි. මේ වසරේ මෝසම් වැසි නිසා උද්‍යානයෙන් 85% ක්ම ජලයෙන් යටවී ඇත. යුනෙස්කෝ ලෝක උරුම අඩවියක් වන කසිරංග උද්‍යානයේ අං රයිනෝ 2,400 ක් පමණ වාසය කරයි. මෑතක ඇති වූ වර්ෂාව හේතුවෙන් අං සහිත රයිනෝ අට දෙනෙකු දියේ ගිලී ඇති අතර තවත් එකෙක් ස්වාභාවික හේතූන් නිසා පසුගිය මාසයේ මිය ගිය බව එරට මාධ්‍ය වාර්තා කරයි. ඇසෑම් අධික වර්ෂාව නිසා ගම් දහස් ගණනක් ජලයෙන් යටවී තිබේ

සහන් හේවාගමගේ

Leave A Reply

Your email address will not be published.

three + nineteen =