මෝදිගේ භාරතීය ජනතා පක්ෂයට විශිෂ්ට ජයක්

72

දින ගණනාවක් පැවති ඉන්දීය මහ මැතිවරණයේදී ආසන 340 කට වැඩි සංඛ්‍යාවක් දිනාගනිමින් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂය මේ වනවිට විශිෂ්ට ජයක් හිමිකරගෙන තිබේ.
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ලෝක් සභාවේ ආසන 543 න් භාරතීය ජනතා පක්ෂය ආසන 345 ක් හිමිකරගෙන ඇති බවයි. 
රාහුල් ගාන්ධිගේ කොංග්‍රස් පක්ෂයට ආසන 91 ක් හිමිව ඇති අතර, වෙනත් පක්ෂ අතර ආසන 106 ක් බෙදී ගොස් තිබෙනවා. 
ඉදිරියේ දී මෙම ප්‍රතිඵලවල සුළු වෙනස්කම් සිදුවිය හැකි බවයි ඉන්දීය මාධ්‍ය සඳහන් කළේ.
ලෝක් සභාවේ ආසන 542 සඳහා අපේක්ෂකයෝ 8,000ක් ඉදිරිපත්ව සිටියේය.ඔවුන්ගේ තීන්දුව අද දහවල් වනවිට ප්‍රකාශයට පත් කෙරෙනු ඇත.

Previous articleඥානසාර හිමිට පළමු දානය තිලංගගෙන්
Next articleමේ සැකිල්ල පුර්ණ දේහයක් කරමු

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here