යතුරුපැදියෙන් වැඩ දැමු සනත් නිශාන්ත ගැන පොලීසිය සොයයි

පුත්තලම දිස්ත්‍රීක්කයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් තරඟ වදින හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත සහ සිය ආධාර කරුවන් විසින් පසුගියදා හිස් ආවරණ නොමැතිව යතුරු පැදි වළ නැගී ප්‍රචාරන කටයුතුවල නිරතවීම පිළිබද වැඩබලන පොලිස්පතිවරයා විසින් වාර්තාවක් කැඳවා තිඛේ.

පසුගිය දින දෙක තුළ සමාජ මාධ්‍ය හරහා මෙම සිදුවීම පිලිබඳ විශාල විවේචන හා ප්‍රශ්න කිරීම් දැකගන්නට ලැබුණු අතර එම ප්‍රශ්න කිරීම් ඉලක්ක වී තිබුනේ ජනාධිපති වරයා, රජය හා පොලිසියයි.

මේ අතර වැඩබලන පොලිස්පතිවරයා විසින් මෙම වාර්තාව ඉල්ලා ඇත්තේ වයඹ පළාත භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් වන අතර අදාල සිද්ධිය සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරිමට කටයුතු කිරීමට සැරසෙන බව වාර්තාවේ.

සනත් නිශාන්ත විසින් මෙලෙස සිය ආධාරකරුවන් පිරිසක් සමග යතුරු පැදිවල නැගී හිස් ආවරණ නොමැතිව ගමන් කරන අයුරුත් ඒ අසලම පොලිස් නිලධාරින් ද සිටින ඡායාරූප කිහිපයක් පසුගියදා සමාජ මාධ්‍ය තුල හමුවාමාරු විය.

Leave A Reply

Your email address will not be published.

18 − thirteen =