අසරණව සිටි ජෝර්දානයේ ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට කඳුළු ගෑස්

කොරෝනා වසංගතය හේතුවෙන් රැකියා අහිමිවී ජෝර්දානයේ අතරමංව සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් අතර අද දින නොසන්සුන් තත්වයක් ඇතිව ඇති බව ශ්‍රී ලංකා තානාපති අංශ පවසයි. මෙම සිද්ධිය ⁣ජෝර්දානයේ අල්කරා කැමෙල්වේජ් කාර්මික ප්‍රසේශයේ සිදු වී අති අතර, එහිදී ඇතිවූ නොසන්සුන්තාවය පාලනය කිරීම සඳහා ජෝර්දාන පොලිසිය කඳුළු ගෑස් බාවිතා කර ඇත. එක් ශ්‍රමිකයෙක් විසින් ෆේස් බුක් සමාජ ජාලාවට එක් කර තිබූ වීඩියෝ පටයක ජෝර්දාන් කැරළි මර්ධන පොලීසිය දැක්වේ.

කොරෝනා වසංගතය නිසා රැකියා අහිමි විශාල ශ්‍රී ලාංකිකයන් පිරිසක් ජෝර්දානයේ රැඳවුම් කඳවුරු වල රැඳී සිටින්නේ ශ්‍රී ලංකාවට ආපසු යාමේ අදහසිනි. හදිසියේ රැකියා අහිමි වූ ඔවුන්ගේ සුබසාධනය පිළිබඳ ජෝර්දාන රජයේ අවධානයක් නොමැත. මුදල්, ආහාර හා මූලික අවශ්‍යතා නොමැතිව දැඩි පීඩනයක සිටින ඔවුන්ගේ ⁣බලාපොරොත්තු සුන් වෙමින් යන බව පෙනෙන්නේ ඔවුන්ව ආපසු ගෙන්වා ගැනීම මගහරිමින් සිටින ශ්‍රී ලංකා රජයේ අවධානය ඇත්තේ අගෝස්තු 5 මහවැතිවරණයටය.
රී ලංකා තානාපති කාර්යාලයේ ආරංචි මාර්ග සඳහන් කළේ, ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන් පිරිසක් ඔවුන් සමඟ සාකච්ඡා කිරීම සඳහා අල්කර කැමල්වෙගා කාර්මික වතුයායට ගිය විට, ශ්‍රී ලාංකික කම්කරුවන් 340 කට ආසන්න සංඛ්‍යාවක් නිලධාරීන් වටකර විරෝධතා දැක්වූ බවත්, ගැටලුව සඳහා ඔවුන් වෙත නිශ්චිත විසඳුමක් නොමැති බවත් පවසයි

ජෝර්දාන් පොලිසිය කඳළු ගෑස් පුහාර එල්ල කලේ එක් රාජ්‍ය විරෝධතාකරුවන් විසින් එක් නිලධාරියෙකු නිවාස අඩස්සියේ තබා ගැනීම නිසා ව පැවසේ

කෙසේ වෙතත්, කිසිදු නිලධාරියෙකුට හෝ ශ්‍රී ලාංකික සේවකයෙකුට හානියක් සිදුවී නොමැති බව තානාපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.

ශ්‍රී ලංකා කම්කරුවන්ගේ විෂමාචාර ක්‍රියා හේතුවෙන් ඇති වූ තත්ත්වය පාලනය කිරීම සඳහා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළ බව විදේශ රැකියා කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සහ කාර්යාංශයේ මාධ්‍ය ප්‍රකාශක මංගල රන්දෙනියා මහතා පවසයි. වසංගතය හේතුවෙන් රැකියා අහිමි වීමෙන් මාස පහකට වැඩි කාලයක් තම නේවාසිකාගාරවල සිරවී සිටීම නිසා කම්කරුවන් තානාපති කාර්යාල නිලධාරීන් පිළිබඳ වැරදි වැටහීමක් සහිතව ඇතැයි ඔහු පවසයි.

කෙසේ වෙතත්, තත්වය පාලනය කර ඇති අතර, රැකියා අහිමිවූ ශ්‍රී ලාංකික කම්කරුවන් හැකි ඉක්මනින් ආපසු මෙරටට ගෙන්වා ගැනීමට විදේශ රැකියා කාර්යාංශය පියවර ගනු ඇතැයි එම නිලධාරියා පවසයි.

සමාජ මාධ්‍යජාලා ඔස්සේ වරින්වර ප්‍රකාශ නිකුත් කල ඇතැම් ශ්‍රමිකයන් කියා සිටියේ තමන්ව නැවත ශ්‍රි ලංකාවට ගෙන්වා ගන්නා ලෙසය. විරෝධතා දක්වන ශ්‍රී ලාංකික සංක්‍රමණික කම්කරුවන් පවසන්නේ ඔවුන්ට මාස පහක් තිස්සේ නිසි වැටුප් ගෙවා නොමැති බවත් ඔවුන්ට ලැබෙන්නේ දිනකට ආහාර දෙකක් පමණක් බවත්ය. එබැවින් ඔවුන් හැකි ඉක්මනින් නැවත දිවයිනට ගෙන එන ලෙස ඔවුන් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටී.

www.winddirectionlanka.com

Leave A Reply

Your email address will not be published.

four + 12 =