සාජා ගිය T10 ක්‍රිකට් ඇත්ත සොයන්න කමිටුවක්

වසර තුනකට පෙර එනම්, 2017 සාජාහි පැවැති T10 තරග සඳහා සහභාගී වූ අවිශ්ක ගුණවර්ධන, නුවන් සොයිසා සහ දිල්හාර ලොකුහෙට්ටිගේ පිළිබඳව ක්‍රීඩා අමාත්‍යංශයට මැදිහත් වීමට තිබෙන හැකියාව ගැන සෙවීමට අමාත්‍ය ඩලස් අලහප්පෙරුම විසින් කමිටුවක් නම් කර තිබේ. ත්‍රිපුද්ගල කමිටුවක් වන මෙහි පත් කිරීම් සඳහා ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම් කේ.ඩී.එස්. රුවන්චන්ද්‍ර කටයුතු යොදා තිබේ.

අවිශ්ක ගුණවර්ධන, නුවන් සොයිසා සහ දිල්හාර ලොකුහෙට්ටිගේ වසර තුනක් පුරා ICC චෝදනාවට ලක්ව සිටිති.

ICCය පවසන්නේ සිය දූෂණ විරෝධී නීති සංග‍්‍රහයේ වගන්ති කඩ කිරීම හේතුවෙන් අදාළ තිදෙනාට එරෙහිව තාවකාලික තහනමක් පැනවීමට තීරණය කර තිබෙන බවයි. අදාළ ක්‍රීඩකයන් ‘කිසියම් පුද්ගලයකු’ සමඟ කතාබස් කර තිබෙන බවත්, ඒ සම්බන්ධව තමන් හෝ අදාළ පාර්ශ්ව කිසිවක් දැනුම්වත් කර නොමැති බව ෂක්‍ක්‍ය සිය චෝදනා පත‍්‍රයේ සඳහන් කර තිබේ.

අවිශ්ක ගුණවර්ධන, නුවන් සොයිසා සහ දිල්හාර ලොකුහෙට්ටිගේ වසර තුනක් පුරා ICC චෝදනාවට ලක්ව සිටිති.

එහෙත්, එම T10 තරගාවලියේදී ‘ටීම් ශ‍්‍රී ලංකා’ (Team Sri Lanka) කණ්ඩායමේ පුහුණුකරුවා වූ අවිශ්ක ගුණවර්ධන පවසන්නේ තමාට අසාධාරණයක් සිදුව ඇති බවයි. ඒ සම්බන්ධව ශ‍්‍රී ලංකා ක්‍රිකට් සහ ක්‍රීඩා අමාත්‍යාංශය ද නිහඬතාව රකින බවයි ඔහුගේ අදහස වන්නේ. චෝදනා එල්ල කර මාස 14ක් යනතුරුත් තමා වරදක් කර තිබේ නම් එය ඔප්පු කිරීමට ICC ය අසමත් වූ බවයි ඔහු පවසන්නේ.

2019 වසරේ සම්මත වූ ක්‍රීඩා නීතිය අනුව ක්‍රීඩා වැරැදි සෙවීමේ විශේෂ විමර්ශන ඒකකයට අදාළ ප‍්‍රශ්නය විමර්ශනය කළ නෙ‍ාහැකි බව ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම් රුවන්චන්ද්‍ර පවසා තිබේ. “මේ ප‍්‍රශ්නය අපිට එතෙන්ට ගෙනියන්න බැහැ. මේ චෝදනාව කරලා තියෙන ආකාරය අනුව අපිට ක්‍රීඩා අමාත්‍යාංශයක් විදිහට කොහොමද මැදිහත් වෙන්න පුළුවන් කියන එක හොයන්න ඇමැතිතුමාගේ උපදෙස් පරිදි ත‍්‍රිපුද්ගල කමිටුවක් පත් කළා. එම ත‍්‍රිපුද්ගල කමිටුවේ ප‍්‍රධානියා වශයෙන් ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් අමල් එදිරිසූරිය කටයුතු කරනවා. තවත් නීතිඥයන් දෙදෙනකු එහි සාමාජිකයන් වෙනවා.”යි පත් කළ කමිටුව පිළිබඳව ඔහු සඳහන් කරයි.

බාහිර පාර්ශ්වයක් විසින් කරන ලද චෝදනාවකට අනුව ශ‍්‍රී ලංකා ක්‍රීඩා නීතියේ සම්මත වැරැදි සෙවීමේ විමර්ශන ඒකකයට අදාළ ප‍්‍රශ්නය ගෙන යා නොහැකිව ඇතැයි සඳහන් වේ.

තරගාවලියට සහභාගි වූ දිනේෂ් චන්දිමාල්ගේ නායකත්වයෙන් යුත් ‘ටීම් ශ‍්‍රී ලංකා’ට පිටස්තර කණ්ඩායමක ක්‍රීඩකයන් වූ රමිත් රඹුක්වැල්ල ක්‍රීඩා කිරීම ද යම් කිසි ප‍්‍රශ්නයක් ඇති කරවන්නක් බව චෝදනාවට ලක්ව ඇති පාර්ශ්වය පවසයි. කෙසේ වෙතත්, අදාළ තරගාවලිය පෞද්ගලික ව්‍යාපාරිකයන් විසින් කණ්ඩායම් වෙන්කර ගනිමින් පැවැත්වූවක් වේ. එහිදී ක්‍රීඩකයන්ට ලැබුණු මුදල් ශ‍්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ගෙවා ඇති බව එහි ප‍්‍රධාන විධායක ඈෂ්ලි ද සිල්වා පවසයි. නමුත්, පුහුණුකරුවන්ට කිසිදු මුදලක් එම තරගාවලියක ගෙවා නැති වීමද විශේෂත්වයකි.

නිර්වාණ අනුත්තර

Leave A Reply

Your email address will not be published.

15 − twelve =