ආයිබොවන්ඩ මහින්ද,

මැදමුලන රාජදානියෙ මහ රජානො හැටියට  කිරුළු දරන් ඉන්න තමුන්නැහැ කුරුණෑගල රාජදානියෙ බුවනෙක රජ්ජුරුවොත් එක්ක ගුස්ති අල්ලන්ඩ පටන් අරන් තියෙන ගතියක් පේනවා. තමුන්නැහැට හැමදාම ඊරිසියා කොරන ප්‍රොතිගාමී දේසද්‍රෝහියෝ මොන හරුප කිව්වත්, කුරුණෑගල රාජදානියෙ පළවෙනි රජ්ජුරුවොය කියන ඔය බුවනෙකයගෙ නම ඉතිහාස පොතෙන් මකල නොදැම්මොත් ඒක රට-දැය-සමයට පණටත් වඩා ප්‍රේම කොරන මැදමුලනෙ රණසූරයා වන ඔහේගෙ තේජසට ලොකු හානියක් වෙනවා සිකුරුයි.

මහාවන්ස පොත කටපාඩමින් වුණත් කියන්ඩ ඇහැකි තමුන්නැහැ ටක්කෙටම කිව්වා වගේ ඔය බුවෙනකයා කියන හාදයා හරිම පීචං වැඩ කොරපු පොරක් වෙන්ඩ ඕනා. අපේ රටේ සීගිරි අප්සරාවියො වගේ රුවැත්තියන් ඉද්දි අර මුසල්මානු ළඳක් අඹුකොමට තියා ගත්ත එකම වුණත් හොඳටෝම ඇති ඔය යෝදයගෙ නම ඉතිහාසයෙන් කුරුටුගාලා දාන්ඩ.  ඔබතුමාව නගාහිටුවන්ඩ හමාපු මහින්ද හුළඟට ෆුල් ඩම් එක දාලා බල-සක්තිය සපයපු මාලනීලා., ගීතලා., ඕසදීලා., දමයන්තිලා වගේ දේසප්‍රේමී සුරූපියන් ලව්වා ඔය බුවනෙකයා දේශීය කාන්තා පරපුරට කරපු නවනිංගිරාවට විරුද්දව ලොකු මාද්දිය සන්දර්සනයක් පවත්තන්ඩ ඇහැකිනං ඒක ජනාදිපතිවරණ සමයෙ ඇතුගල්පුරයෙදිම නටවපු සාෆි දොස්තරගෙ පැලෝපීය සමයමටත් වඩා නැඟල යනව ෂුවර්.

ඔය කියන බුවනෙකයා යනු පොල් ලී මඩුවෙ චන්දරයාගේ කොලුවා වගට ජොන්ස්ටන් පඬිතුමා අයිතිහාසික රහසකුත් එළිදරව් කොරල තිබුණෙ එතනෝල් විජ්ජාවට අමතරව එතුමා පුරාවිජ්ජා චක්කරවර්තියෙක් බවත් තහවුරු කොරමින්.

ඇතුගල්පුරේ වත්මන් පුරපති දූරන්දර තුසාර සංජීවයන්ගෙ මයිලයකටවත් අත තියන්ඩ දෙන්නෙ නැති වගට රාජපක්ස උරුමය රැකීමේ වියාපාරයේ පෙරමුණේ රාලයෙක් වෙන ජොන්ස්ටන් මහා සෙනවි පොරකාසයක් කොරල තිබුණා. ඔය කියන බුවනෙකයා යනු පොල් ලී මඩුවෙ චන්දරයාගේ කොලුවා වගට ජොන්ස්ටන් පඬිතුමා අයිතිහාසික රහසකුත් එළිදරව් කොරල තිබුණෙ එතනෝල් විජ්ජාවට අමතරව එතුමා පුරාවිජ්ජා චක්කරවර්තියෙක් බවත් තහවුරු කොරමින්. ජොන්ස්ටන් මහා සෙනෙවි දොඩන බස් සත්තනං බුද්ද සාසනෙයි., සඟිස්කුරුතියයි දෙකේම මහාබාරකාරයා වගේම රටයි, ජාතියයි දෙකත් බේරාගන්ඩ ඕනෑම එකක් පරදුවට තියලා හටන් කොරනවාය කියන තමුන්නැහැ පත්කොරපු අර විද්වත් කමිටුව ලව්වා දැන් මුන්නැහැට කොරන්ඩ  තියෙන්නෙ පුරාවිද්දියා කන්තෝරුව දොරකඩ තියෙන පරණවිතාන මහැදුරුතුමාගෙ ප්‍රොතිමාව බේරේ වැවට ඇදල දම්මලා ජොන්ස්ටන් ශ්‍රීමතානන්ගෙ පිළිරුවක් එතන තැම්පත් කොරවන එක විතරයි.

හැබැයි මහින්ද සෑර් මෙතැන පොඩි පළහිලව්වකට තියෙන්නෙ එදා රාජපක්ස රාජ සබාව සුරකින මුරදේවතාවුන් වගේ පෙනී උන්නු මහා සඟරුවන මෙදා බුවනෙක රාජ සබාව වෙනුවෙන් හඬ නඟන්න පටන් අරං තියෙන එකයි. එදා ඔහෙලට මහා සවියක් වුණ බොදු බලයෙ බලකණුව හෙවත් ගලගොඩඅත්තේ ඤාණසාර උන්නාන්සෙ බොහොම සැරෙන් වදාරා සිටියේ ගෝඨා ගැන තියපු බලාපොරොත්තු අත අරින්ඩ සිද්ද වෙන බවයි. ඒ වගේම හෙළ බොදු සවියේ සබාපති බුදුගල ජිනවංස හිමිපාණනුත් මේ අපරාදය කොරපු උන්ට දඬුවම් කොරන්න කියලා ගෝඨට ලියුන් කඩදාසියකින් දැනුං දුන්නලු. රටයි, ජාතියයි රකින්න කියල ඇවිත් තමුන්නැහැලා කොරන විගඩම් උහුලන්ඩ බැරුව පහුණු කාලෙ දිගින් දිගටම හඬ නගපු ආචාර්ය ඕමල්පේ සෝබිත නායක හාමුදුරුවන් වගේම වනවාසි රාහුල හිමිපාණනුත් අයිතිහාසික උරුමයන්ට කරන මෙවැනි නරුම වැඩ ගැන ඉතාම සංවේගයෙන් අදහස් දක්වන හැටි අපි දැක්කා.

අවසරේකින් තොරව පන්සල් බිමක වැසිකිළි වළක් හාරනවටත් දඬුවම් දීමට පසුබට නොවන ජාතික උරුමයේ ආරක්සකයො ලී අට්ටාලයක් උඩ තනපු රාජ සබාවක් කාබාසිනියා කොරපු උන්ට විරුද්දව නීතිය කිරියාත්මක කොරන්ඩත් තුනෙන් දෙක වැටෙනකං බලා ඉන්නවාද කියලයි හුදී ජනතාවනං පුරස්න කොරන්නෙ මහින්ද මහත්තයෝ…

 

විශ්වමිත්‍ර

Leave A Reply

Your email address will not be published.

two × two =