“මහින්දානන්ද නීතිය සෙල්ලකමට අරන්, ඔහු අත්අඩංගුවට ගන්න”

පසුගිය දිනක හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ විසින් 2011 ලෝක කුසලානය පාවාදීම ගැන අසත්‍ය ප්‍රකාශයක් සිදුකිරීම සම්බන්ධයෙන් ඔහුට නීතිය ක්‍රියාත්මක කරවන ලෙස ඉල්ලමින් සමාජවාදී තරුණ සංගමය විසින් අද (23) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

සමාජවාදී තරුණ සංගමයෙහි ජාතික සංවිධායක එරංග ගුණසේකර අදහස් දක්වමින් පැවසුවේ මීට සති කිහිපයකට පෙර මහින්දානන්ද අළුත්ගමගේ විසින් ලෝක කුසලානය පාවාදීම ගැන සිදුකළ අසත්‍ය ප්‍රකාශය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකරන ලෙස ක්‍රීඩා අමාත්‍යාංශයේ ක්‍රීඩා අධ්‍යක්ෂවරයා හමුවී පැමිණිල්ලක් කළ නමුත් මේ දක්වා ඒ සම්බන්ධයෙන් නිසිපරිදි ක්‍රියාත්මක වීමක් පෙනෙන්ට නොමැති බවයි.

අළුත්ගමගේ ගේ කතාවෙන් ජාතික මෙන්ම ජාත්‍යන්තරවත් රටට අපකීර්තියක් සිදුව ඇති බවත් කිසිදු වෙනසකින් තොරව ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක විය යුතු බවත් එරංග ගුණසේකර සඳහන් කළේ.

මෙහිදී සහබාගි වූ නීතිඥ සුනිල් වටගල පැවසුවේ ආණ්ඩුවට පක්ෂපාතී පාර්ශවයන් විසින් නීතිය උල්ලංඝනය කළ විට ඒ සම්බන්ධයෙන් සාමාන්‍ය පරිදි නීතිය ක්‍රියාත්මක නොවී කාලයේ වැලි තලාවෙන් වැසී යන බවයි.

” අද අපි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ල භාර දුන්නා. පොලිස්පතිතුමාටත් භාර දෙනවා. අපි සතියක් බලනවා. මේ සතිය තුළ නීතියේ ක්‍රියාකාරීත්වයක් නැත්නම් අපි අභියාචනාධිකරණය හමුවට යනවා වහාම මහින්දානන්ද අළුත්ගමගේ ඇමතිවරයාව අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින්.”

මහින්දානන්ද අමාත්‍යවරයා නීතිය සෙල්ලකමට ගෙන ඇති අතර කුරුණෑගල මගුල් මඩුවේ සිද්ධියද මේ හා සමාන බව වටගල කියා සිටියේය.

අපරාධමය වැරදි කළ එම තැනැත්තන් මෙලෙස තවදුරටත් නීතිය ක්‍රියාත්මක නොවී නිදැල්ලේ හැසිරෙන්නේ කෙසේද යන්න පිළිබඳ ඔහු වැඩිදුරටත් විමසා සිටියේය.

Leave A Reply

Your email address will not be published.

18 − six =