විනාශ කළ පුරාවස්තු වෙනුවෙන් නීතිය ඉදිරියට

 

දෙවන බුවනෙකබාහු රජතුමාගේ රාජ සභා මංඩපය ලෙස සැලකෙන පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් ස්ථානයක් විනාශ කිරීම සම්බන්ධයෙන් මේ වනතුරුත් නීතිය කියාත්මක නොවීම සම්බන්ධයෙන් ජාතික භික්ෂු පෙරමුණ හා ප්‍රදේශවාසීන් එක්ව උද්ඝෝෂණ ක්‍රියායාමාර්ග කිහිපක්ද ගෙන ඇති අතර පසුගිය 22 වනදා පෙත්සමක්ද අත්සන් තැබීය. නමුත් මේ ක්‍රියාමාර්ග හමුවේ ද තවමත් අදාල පුරාවස්තු විනාශකිරීමට නියෝග නිකුත් කල කුරුණෑගල මහ නගරසභාවේ නගරාධිපතිවරයාට හෝ අනෙකුත් බලදාරීන්ට නීතිය ක්‍රියාත්මක වී නොමැත. එම වරදකරුවන් හට නීතිය ක්‍රියාත්මක කරන ලෙසට අධිකරණමය ක්‍රියාමාර්ගයකට යාම වෙනුවෙන් පළමු පියවර ලෙස 23 වනදා කුරුණෑගල පොලිස් පරීක්ශක වෙත ලිඛිත පැමිණිල්ලක් බාර දීම සිදු විය.

මේ වෙනුවෙන් මූලික වෙමින් ක්‍රියාකරණ ජාතික ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රීක් අපේක්ෂක ධර්මප්‍රිය දිසානායක ‘ලංකා’ අප සමඟ මෙසේ අදහස් දැක්වීය.

” පුරාවස්තුවකට හානි කිරීම කියන්නෙ ඇප නොලබන වරදක්. එහෙම තියෙද්දිත් මෙතනදි අදාල වරදකරුවන්ට දඩුවම් ලැබිල නෑ. ඒ නිසා අපි තීරණය කළා අධිකරණමය ක්‍රියාමාර්ගකට යන්න. එහි පළවෙනි පියවර විදියට තමයි පහුගිය 23 වෙනිදා අපි කුරුණෑගල පොලිසියේ පැමිනිල්ලක් දැම්මේ. මොකද වරදකරුවන් අත්තඩංගුවට ගන්න කියන නියෝගය මීට දවස් කීපයකයට කලින් මේ සම්බන්දයෙන් නිකුත් වුණු කමිටු වාර්තාවෙත් තියෙනවා. ඒ නියෝගය තමයි ක්‍රියාත්මක කරන්න කියල අපි ඉල්ලන්නේ. අනික මේ නගරාධිපති වරයා මෙවැනි ක්‍රියාවක් කරපු පළවෙනි අවස්තාව නෙවෙයි.”

– වරුණ උදේශ් ජයසිංහ

Leave A Reply

Your email address will not be published.

19 − 19 =