ඉන්දියාවේ වැඩිම රෝගීන් සහ වැඩිම මරණ අද(23)
ඉන්දියාවෙන් මේ දක්වා දිනයකදී වාර්තා වූ ඉහළම රෝගීන් සංඛ්‍යාව මෙන්ම මරණ සංඛ්‍යාවද අද (23 වැනිදා) වාර්තා වූ අතර ඒ කොවිඩ් 19 රෝගීන් සංඛ්‍යාව 45,720 ක් සහ මරණ සංඛ්‍යාව 1,129 ලෙසය.
මේ දක්වා ඉන්දියාවේ සමස්ත කොරෝනා රෝගීන් සංඛ්‍යාව 12,38,635 මෙන්ම 29,861 ක් මියගොස් තිබේ. මේ දක්වා පුද්ගලයින් 7,82,607 ක් සුවය ලබා ඇත.
ඉන්දියාවේ වැඩිම කොරොන වයිරස් රෝගීන් සිටින්නේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ වන අතර දෙවන ස්ථානය තමිල්නාඩුවට හිමිවී තිබේ.
පසුගිය පැය 24 තුළ මහාරාෂ්ට්රය 10,576, ආන්ද්‍ර ප්‍රදේශය 6,045, තමිල්නාඩුව 5,849, කර්ණාටක ප්‍රාන්තය 4,764 සහ උත්තර් ප්‍රදේශය 2,300 ලෙස කොවිඩ් -19 රෝගීන් වාර්තාවී තිබේ.
මේ අතර එම කාලය තුළ වැඩිම මරණ වාර්තා වූ ප්‍රාන්ත වන්නේ තමිල්නාඩුව 518ක්, මහාරාෂ්ට්රය 280 ක් , ආන්ද්‍ර ප්‍රදේශය 65 ක් , කර්ණාටක ප්‍රාන්තය 55 ක් සහ බටහිර බෙංගාලය 39 ක් ලෙසය.
මේ වන විට ප්‍රාන්ත කිහිපයක්ම ඔවුන්ගේ නගරවල පූර්ණ අගුළු දමා ඇත. එක්සත් ජනපදයට හා බ්‍රසීලයට පසුව තුන්වෙනුව වැඩිම කොවිඩ්-19 වයිරස් රෝගීන් වාර්තා වන්නේ ඉන්දියාවෙනි.