“මහින්ද රාජපක්ෂගේ අධමතම, නින්දිතම ප්‍රකාශය”-හිරුනිකා

 

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පසුගියදා සජිත් ප්‍රේමදාසට දරුවන් නොමැති වීම උපහාසයට ලක් කරමින් සිදු කළ ප්‍රකාශය කියන්නෙ දේශපාලනඥයකුට කළහැකි අධමතම, නින්දිතම ප්‍රකාශයක් බවත් රටේ අග්‍රාමාත්‍යවරයා වශයෙන් ඔහු ඒ පිළිබඳ ලැජ්ජාවට පත්විය යුතු බවත් සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂිකා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පවසයි.

“මේ අග්‍රාමාත්‍යතුමාගෙ තක්කඩිම, අන්තිම අධම ප්‍රකාශයක් කළා ප්‍රසිද්ධ වේදිකාවක,ඔහු කියනවා රෑට මොනවා හරි කරනවා නම් ගෙවල්වල දොරවල් එහෙම වහගෙන කරන එකක් කරන්නලු, මොකද සජිත් එයිලු නැත්නම්. මිඩ්වයිෆ් එනවාලු කියනවා, හැබැයි සජිත්ගෙ ගෙදරට නම් ජීවිතේට මිඩ්වයිෆ් කෙනෙක් එන්නෙ නැහැලු. ඇත්තටම ලැජ්ජයි ! ”

“තාත්තා කෙනෙක්, මුණුපුරු මිනිපිරියන් ඉන්න සීයා කෙනෙක් කියනවා තව කෙනෙක්ට ළමයි නැති හින්දා මිඩ්වයිෆ් ඒගොල්ලොන්ගෙ ගෙදරට එන්නෙ නැහැලු. මේ තරම් අධම කතාවක් අගමැති කෙනෙකුට කියන්න පුළුවන්ද ? අගමැති කෙනෙක්ට තියා මනුස්සයෙක්ට කියන්න පුළුවන්ද ? ඒ කවුරුහරි දරුවෙක් නැති පුද්ගලයෙක් උදේ ඉඳන් රෑ වෙනතෙක් මොන තරම් මානසික වධයක් විඳිනවා ඇද්ද ? යම්කිසි සෞඛ්‍යමය හේතුවක් නිසා හෝ යම්කිසි හේතුවක් නිසා කවුරුහරි පවුලකට දරුවෙක් නැති එක මිනිස්සු පිරිසක් ඉස්සරහා විහිළුවට ලක් කරන්න තරම් අග්‍රාමාත්‍යතුමා අමනුස්සයෙක් වුණේ කොහොමද ? ”
මේවගේ ඉතාමත්ම මානුශීය දේවල් අල්ලාගෙනත් මිනිස්සුන්ව විහිළුවට ලක්කරන මේ වගේ අය දේශපාලනයෙන් අතුගා දැමිය යුතුයි” යනුවෙනුයි හිරුණිකා ප්‍රේමචද්‍ර සඳහන් කළේ.

“අපේ රටේ අගමැතිතුමා කියනවා ප්‍රසිද්ධ ප්‍රකාශයක් අපේ හාමුදුරුවනේ මේ රාජසභා මණ්ඩපය අයිති රජතුමා බිසෝවරුන් කීපදෙනෙක් විවාහ කරගෙන හිටියාලු, අන්තිමට හිටපු මුස්ලිම් ලු. දෙයියනේ මට හිතාගන්න බෑ රටේ අගමැතිතුමාගෙ වයසත් එක්ක තක්කඩිකම මතුවෙනවද, නැත්තම් කොහොමත් එයාගෙ විදිහ ඔය.

තමුන්ගෙ නෝනා කතෝලික. තමුන්ගෙ පොඩි පුතාගෙ නෝනාත් කතෝලික. පොඩි පුතාගෙ පුතාව බෞතීස්ම කළා මේ ළඟදි. තමුන්ගෙ මස්සිනා දෙමළ. බැසිල්ගෙ දුව සුද්දෙක් බැඳලා ඉන්නෙ. එහෙම ඔක්කොම තියාගෙන පපුවට ගහගන්නවා රට ජාතිය ආගම ශ්‍රී ලංකාව කිය කියා. ඔය වගේ සිය දහස් ගණනක අන්තඃපුරයක් හිටියා කාශ්‍යප රජතුමාට. එහෙනම් එයාගෙත් චරිතෙ හොඳ නෑ කියලා සීගිරියත් ඩෝසර් කරලා දාන්න කියයි.

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මේ බව පැවසුවේ ඊයේ (22) පැවති සමගි ජන බලවේගයේ මාධ්‍ය හමුවක් අමතමිනි.

Leave A Reply

Your email address will not be published.

8 − 2 =