කොරෝනා ආසාදිත දෙපිරිසක ගැටුමකින් 05 කට තුවාල

කන්දකාඩුව කොවිඩ් 19 විශේෂිත ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටින කොරෝනා ආසාදිතයින් දෙපිරිසක් අතර
අද(22)අලුයම ඇතිවූ ගැටුමකින් 05 දෙනකු තුවාල ලබා ඇති බව වැලිකන්ද පොලීසිය පවසයි.

මොවුහු ප්‍රතිකාර ඒ මොහොතේම වැලිකන්ද කොවිඩ් 19 විශේෂිත ප්‍රතිකාර මධ්‍යස්ථානයට ඇතුළත්කර තිබේ.

මෙම ගැටුම කන්දකාඩුව සහ සේනපුර පිහිටි මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීමේ මධ්‍යස්ථානවලින් හමුවූ කොරෝනා ආසාදිතයින්ගෙන් දෙපිරිසක් අතර ඇතිවී තිබේ. තුවාල කරුවන්ගේ තත්ත්වය එතරම් බරපතල නොවන බව පොලොන්නරුව මහ රෝහලේ අධ්‍යක්‍ෂවරයා පවසයි.

කන්දකාඩුව හී මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන්ගේ ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් 279 දෙනෙක් සහ වැලිකන්ද සේනපුර මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන්ගේ ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් ආසාදිතයින් 84 දෙනෙකු මෙහි ප්‍රතිකාර ලබයි.

එහෙදී ආරක්ෂාවට සිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ භට පිරිස් පැමිණ ගැටුම සමථයකට පත්කර තිබෙන බවද පොලීසිය සඳහන් කරයි.

Leave A Reply

Your email address will not be published.

20 + 12 =