නාකොටික් නිලධාරීන් 13 දෙනා යලි රිමාන්ඩ්

අත්අඩංගුවේ තිබු මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් 13 දෙනෙකු අගෝස්තු 04 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද (21) නියෝග කළේය.

අද දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමග අධිකරණය හමුවේ කරුණු දැක්වූ රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මෙම මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ සිද්ධියට අදාළව දැනට සිදුකර තිබෙන විමර්ශනවල ප්‍රගතිය අධිකරණය හමුවේ වාර්තා කළේය.

අනතුරුව සැකකරුවන් මෙලෙස අගෝස්තු මස 4 වන දා දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට මහෙස්ත්‍රාත්වරිය නියම කර තිබේ.

Leave A Reply

Your email address will not be published.

2 × 3 =