NDB ශ්‍රී ලංකාවේ සෞඛ්‍යසම්පන්න සේවා ස්ථානයක් වේ

NDB සිය විශිෂ්ටත්වය නැවත වරක් සහතික කරමින් ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම සේවා යෝජකයෙක් ලෙස පෙරට පැමිණ සිටී. ‘සෞඛ්‍යසම්පන්නම සේවක පිරිසක් සිටින සේවා ස්ථානය’ ලෙස AIA Healthiest Workplace Survey Awards 2019  (HWS) සම්මාන උලෙළේ දී දැවැන්ත පරිමාණ ව්‍යාපාරික ආයතන අංශයෙහි කැපී පෙනෙන ජයග්‍රහණයකට NDB හිමිකම් කීම එම වැදගත් සිදුවීමයි. මෙම සම්මාන උලෙළ සංවිධානය කරනු ලබන්නේ AIA Vitality විසිනි.

පිළිවෙළින් දෙවැනි වර්ෂයටත් පැවැත් වූ HWS සම්මාන උලෙළේ ප්‍රධානතම අරමුණ වන්නේ කිසියම් සේවා ස්ථානයක් සේවක පිරිසෙහි සෞඛ්‍යයට බලපෑම් කරන්නේ කෙසේ ද සහ ඔවුන්ගේ වෘත්තීය කාර්යසාධනයට හා වෘත්තීය කටයුතු සඳහා බලපාන්නේ කෙසේ ද යන කරුණු විග්‍රහ කර ගැනීමයි. මෙහි දී සිදු කරන සමීක්ෂණය මඟින් ඊට සහභාගීත්වය ලබා දෙන සමාගම්වලට සිය සේවක පිරිසෙහි සෞඛ්‍යය හා යහපැවැත්ම වෙනුවෙන් ඔවුන්ගේ අවශ්‍යතා අනුව ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව විශිෂ්ට අවබෝධයක් ලබා දීම සිදුවෙයි.

සෞඛ්‍යසම්පන්නතම සේවා ස්ථානය සමීක්ෂණය හා විශ්ලේෂණ කටයුතු සඳහා දායකත්වය AIA Vitality විසින් ලබා දෙන ලද අතර, මෙහෙයැවීම  විසින් සිදු කරන ලදී. මෙම සම්මාන උලෙළේ දී ‘Healthiest Employees’ සහ ‘New Entrant’ සම්මාන ද්විත්වය සඳහා ම හිමිකම් කීමට භෘඊ සමත් වීම තවත් සුවිශේෂී සිදුවීමක් විය.

මෙම සම්මාන ද්විත්වයට හිමිකම් කීමට හැකි වීම පිළිබඳව අදහස් දක්වමින් NDB බැංකුවේ නියෝජ්‍ය සභාපති (සමූහ මානව සම්පත් – ලසන්ත දසනායක මහතා මෙසේ පවසා සිටියේ ය: “සේවක පිරිසෙහි සෞඛ්‍යසම්පන්න බව ආයතනයකට කෙතරම් වැදගත් සාධකයක් දැයි NDB හොඳින් ම අවබෝධ කරගෙන සිටිනවා. අපි සෑම විටම උත්සාහ කරනවා සේවක පිරිසෙහි සෞඛ්‍යසම්පන්න බව සුරැකීමට අප විසින් වැඩිදියුණු කර ගත යුතු කරුණු අවබෝධ කර ගැනීමට. ඒ වගේම ඒවාට සුදුසු පිළිතුරු ලබා දෙමින් සෞඛ්‍යසම්පන්න සේවා පරිසරයක් නිර්මාණය කරන්නට අපි කටයුතු කර තිබෙනවා. බැංකුවක් වශයෙන් අපේ පරම යුතුකම හා අරමුණ විය යුත්තේ සේවක පිරිස වෙත මනා සෞඛ්‍යසම්පන්න ජීවන යහපැවැත්මක් ළඟා කර දීමයි.”

සේවා ස්ථානයක් යනු සාම්ප්‍රදායික අර්ථයෙන් බැලූ විට බොහෝ සේවක පිරිසක් තම දෛනික ජීවිතයෙහි වැඩි කාලයක් ගත කරන ස්ථානය හා පරිසරයයි. පරිගණක තිරයක් ඉදිරියේ අසුන්ගෙන සිටින ඔවුන්ට තම නිරෝගීභාවය හා සෞඛ්‍ය යහපැවැත්ම පිළිබඳව සිතීමටවත් අවශ්‍යතාවක් හෝ කාලයක් නොමැති තරම් ය. මේ බව මැනැවින් අවබෝධ කර ගත් භෘඊ, අනිකුත් සේවා ස්ථානයන්ට ඒ කරුණු කෙසේ අදාළ වුවත්, තම සේවක පිරිසෙහි ශාරීරික, ආර්ථික මෙන් ම මානසික යහපැවැත්ම වෙනුවෙන් අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග සමඟින් පෙරට පැමිණියේය.

Leave A Reply

Your email address will not be published.

ten − 5 =