ලොවපුරා මිලියන 265ක් සාගතයේ – එ.ජා. සංවිධානය අනතුරු අඟවයි

කොරෝනා වෛරස් වසංගතයට එරෙහිව සටන් කිරීම සඳහා වාර්තාගත ඩොලර් බිලියන 10.3ක අරමුදලක් (මෙතෙක්  ඉල්ලා සිටින ලද විශාලතම අරමුදල) ඇති කිරීමට උදවු කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉල්ලා සිටී.

එම සංවිධානය පවසන අන්දමට කොවිඞ් 19 වසංගතයේ බලපෑම නිසා මෙම වසර අවසානය වන විට ලොවපුරා මිලියන 265ක ජනතාවක් සාගතයෙන් පෙළීමේ අර්බුදයට මුහුණ දීමට නියමිත ය.

ධනවත් රටවල් තම තමන්ගේ ආර්ථිකයන් ආරක්‍ෂා කර ගනු පිණිස මූල්‍ය රීති පොත් ඉවත දමා කටයුතු කරනවා සේ ම දුප්පත් ජාතීන් සඳහා ද එසේ ආධාර කළ යුතුයි.

මෙහි අරමුදල් අඩු ආදායම් සහිත සහ ආර්ථික වශයෙන් දුර්වල රටවල් සඳහා වැය කිරීමට යොදවන බව පැවසේ.

මේ සඳහා පියවර ගැනීමට අපොහොසත් වුවහොත්, දශක ගණනාවක සංවර්ධනය සහමුලින් ඇනහිටින තතත්වයක් උද්ගත විය හැකි බව එම සංවිධානය අනතුරු අඟවයි. එම සංවිධානය මුල දී එනම්, පසුගිය මාර්තු මාසයේ දී ඉල්ලා සිටියේ, ඩොලර් බිලියන දෙකක අරමුදලක් සඳහා ආධාර කරන ලෙසයි.

මෙම සංශෝධිත අරමුදල් ඉල්ලීම වාර්තාගත එකක් වන නමුත්, ධනවත් රටවල් තම තමන්ගේ ආර්ථිකයන් ආරක්‍ෂා කර ගනු පිණිස මූල්‍ය නීති පොත් ඉවත දමා කටයුතු කරනවා සේ ම දුප්පත් ජාතීන් සඳහා ද එසේ ආධාර කළ යුතු බව පවසන එක්සත් ජාතීන්ගේ සංවිධානය දැඩි ලෙස කියා සිටින්නේ, එසේ නොකළහොත්, එය දසදහස් ගණනින් ජනතාව සාගතයට තල්ලු කර දැමීමෙන්, ලෝකය මුහුණ දෙන බරපතළම ඛේදවාචකය සිදු කිරීමක් වන බව ය.

‘බී.බී.සී. නිව්ස්’ ඇසුරිණි

Leave A Reply

Your email address will not be published.

3 × 4 =