“රාජපක්ෂගේ සාටකයට මුවා වෙලා වැඩකරන මේ හොරුන්ට දඬුවම් කෝ”

කුරුණෑගල නගරයේ පිහිටි තුන්වැනි බුවනෙකබාහු රාජසභා මණ්ඩපය විනාශ කිරීම සම්බන්ධයෙන් සොයා බැලීමට ඊයේ (19) එහි ගිය ගලගොඩ ඇත්තේ
ඥානසාර හිමි එම භුමියේ සිට මාධ්‍යට අදහස් දක්වමින් මෙසේ පැවසිය.

“සීගිරිය නරඹන්න ආපු දමිළ තරුණියක් හැට්ට කට්ටකින් බිත්තියේ කුරුටු ගෑවා කියලා අත්අඩංගුවට ගත්තා, පිදුරංගල විහාරස්ථානයේ කොල්ලො වගයක් කොලුකමට පස්ස පැත්ත පෙන්නුවා කියලා උන්ට නීතිය ක්‍රියා ක්‍රියාත්මක කළා. මේ රාජ සභාව බිමට සමතලා කරපු කවුරු හෝ අමනයන්ට කෝ මේ රටේ නීතිය ක්‍රියාත්මක වෙනවා. අපි අහන්නේ කෝ මේ රටේ නීතිය. පාලකයන්ට නීතිය බලපාන්නේ නැද්ද. උන්ගේ ගෝලයන්ට මේ රටේ නීතිය බලපාන නැද්ද?. අපි කියනවා ගෝඨාභය රාජපක්ෂ මහත්තයට කරුණාකරලා නිතිය ක්‍රියාත්මක කරන්න. කරුණාකරලා දැන් ඔහේගේ වැඩ පෙන්නන්න .
අරෙහෙන් නැගෙනහිර පුරාවස්තු ටික විනාශ කරනවා. මේ බහුතර සිංහලයො ඉන්න කුරුණෑගලත් මෙහෙම වෙනවා නම් අපට ඉතිං අබ සරණයි.
නගරාධිපති තොත්ත බබෙක්ද? නගරාධිපති මේවා දන්නැද්ද? එයාගේ අස් පොට්ට වෙලාද?”

“මේ මුග්ධ කටයුත්ත කරපු නගරාධිපති හෝ කවුරු හෝ මේක කළා නම් අවම තරමින් ඒ ධූරයෙන් අයින් වෙලා ආදර්ශ සපයන ඕන.
මේ තක්කඩි රැලක්. අපි හිතුවා ගෝඨ ගෝඨාභය වගේ කෙනෙක් ආවම මේ ප්‍රශ්න විසඳෙයි කියලා. දැන් අපට ආරංචියි අගමැතිවරයාට කියනවලු හාමුදුරුවරුන්ට කියලා මේක නිවැරදි කරන්න කියලා. මේක නිවැරදි කරන්න පුළුවන් අපරාධයක්ද?. සමහර සංඝයාවහන්සේලාට කියලා අපට එහෙම කියන්න කියල. මේ බොරු වැල් බයිලා කියලා මිනිස්සු හිනස්සන්නෙ නැතුව කරුණාකරලා නගරාධිපතිව ඉවත් කරලා සාධාරණය ඉෂ්ට කරන්න ඕනේ. දැන් කෝ පුරාවිද්‍යා පනත ක්‍රියාත්මක වෙනවා. අඩුම තරමින් පන්සලක වැසිකිළි වලක් හාරන්ට දෙන්නෑ පුරාවිද්‍යාත්මක බිමක. ඇවිල්ල කුදලාගෙන යනවා. එච්චරට බලවත් මේ පුරාවිද්‍යා පනත. ඒ නිසා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අපි කියනවා, මේකට නීතිය ක්‍රියාත්මක කරන්න. පුරාවිද්‍යා පනත ක්‍රියාත්මක කරන්න කියලා. පරපුරක උරුමය නසන මේ නරුමයන්ට වහාම නීතිය ක්‍රියාත්මක කරන්න.”

“මේ නරක පූර්වාදර්ශය දෙන්න එපා. ඉස්සරහට රාජපක්ෂගේ සාටකයට මුවා වෙලා වැඩකරන මේ හොරුන්ට, තක්කඩින්ට නුවණක් නැති මේ මුග්ධයන් ට ඉඩ දුන්නොත් හොඳට හිටියි. මේක දේශපාලන ප්‍රශ්නයක් නෙමෙයි. මේක නැවත් ඒ අපරාධකාරයන්ගේ මුදල් වලින්ම යතා තත්වයට පත්කරවන්න ඕනේ.”

“අද මේ රටේ නගරාධිපති කමක්, මන්ත්‍රීකම්ක් කියන්නේ එක්කෝ නිධන් හාරන්න, වැලි කපන්න, ගල් කඩන්න පෝමිට්, ගණිකා මඩම් ටික දාන්න, තැබෑරුම්ක් දාන්න පොයින්ට් එකක් මෙහෙම යන්න පුලුවන්ද රටකට.”

Leave A Reply

Your email address will not be published.

three × 2 =