බස්රථ ධාවනයට ඩුබායි කාන්තාවන්ට අවසර

ඩුබායිහි බස් රථ ධාවන වෘත්තිය සඳහා කාන්තාවන්ට පළමුවරට අවස්ථාව හිමිව තිබේ. ඒ අනුව මැදපෙරදිග කලාපයේ බස්රථ ධාවනය සඳහා කාන්තාවන්ට අවස්ථාව හිමි වූ පළමු අවස්ථාව මෙය වේ.

ඩුබායිහි මාර්ග හා ප්‍රවාහණ අධිකාරිය අනාවරණය කළේ අභ්‍යන්තර බස්රථ ජාලය තුළ යෙදැවීම සඳහා පළමු කණ්ඩායම වශයෙන් කාන්තා බස්රථ රියැදුරන් තිදෙනකු බඳවා ගත් බවත්, මෙම පියවර ගත් මැදපෙරදිග පළමු නගරය ඩුබායි බවට පත්ව ඇති බවත් ය.

එම බස්රථ රියැදුරන් තිදෙනා ජුලි 3වන දින සිට මඟී බස්රථ ධාවනය කිරීම ආරම්භ කර තිබේ.

“මෙම පියවර පිරිමින් විසින් ආධිපත්‍යය දරන ක්ෂේත්‍රයක කාන්තාවන්ට රැකියා අවස්ථා නිර්මාණය කරයි. එමෙන්ම විවිධ රැකියා හරහා ස්ත්‍රී – පුරුෂ සමතුලිතතාවය ළඟා කර ගැනීමේ මූලධර්මය සැලැකීමට ද අපේක්ෂිතයි” යනුවෙන් ඩුබායි හි පොදු ප්‍රවාහණ ඒජන්සියේ ප්‍රධාන විධායක නිලධාරී අහමඞ් හෂීම් බහරොසියන් පැවසී ය.

 

බිනෝලි සපුතන්ත්‍රි

Leave A Reply

Your email address will not be published.

9 − one =