නොනිමි පසුතැවිල්ලක අරුමය

උගුරු දණ්ඩ හරහා ඇදෙන කුරිරු පිහි පහර වියරු ඝාතනයක් සනිටුහන් කරවයි. පසු පශ්චාත්තාපය මත ඝාතකයාගේ මනස ව්‍යාකූල වන අයුරු පෙනේ. එකිනෙකා නොහඳුනා ගත් විට විවාහය ගින්නකි. ඇවිලෙනසුලු බැඳුමකි. මොවුන්ගේ අනන්‍යතාව තහවුරු නොවුණ ද, හැඟීම්, ස්පර්ශය අපූරු ලෙස මිනිසාගේ ව්‍යාකූල මනෝභාවයන් සන්තර්පණය කරන්නට හැකි බව කීමට චින්තන ධර්මදාස හෝරාවක් පුරා ප්‍රේක්ෂකයන් අසුන් මත හිඳුවා දෑස් තිරය මතට හරවා ගනියි.

හේ මානසික ව්‍යාධියකින් පෙළෙන්නෙකු වැන්න. සිදු නොවිය යුතු එහෙත් යම් හේතුවක් මත ඝාතනය කළ තම බිරිඳගේ මළසිරුර කාරයේ ඩිකියෙහි සඟවාගෙන සාක්ෂි සැඟවීමේ ගමන අරඹයි. පුද්ගල මනෝභාව තුළ ඇති ගැඹුර විඳින්නට ප්‍රේක්ෂකයාට ඉඩහසර සලස්වන අධ්‍යක්ෂවරයා මොහොතින් මොහොත පසුබිමින් එකතු කරන ඉපැරණි ගීතය තුළින් එය ලඝු කරවයි. එය සරල මතුපිට කියවීමක් වැන්න.

“මැණිකෙ මම ආයෙ ගෙදර එනවා. මට හරියට කේන්ති යනවා”

ක්‍රියාකාරකමෙහි සියල්ල අවසන් කිරීමේ ප්‍රයත්නයක යෙදෙන ඝාතකයාට (කමල් සේනාධිලංකාර, බැංකු විධායක නිලධාරියාට) පළමුව මුණගැසෙන පිරවුම් හලේ සේවකයාගේ ප්‍රකාශය විනිවිද මැවෙන සංකලනයකි.

ඇවිළෙනසුලු ජීවිත. සන්තානය තුළ “ඇවිලෙන සුලුයි” සිනමා නිර්මාණයේ තමා විසින් ඝාතනය කරනු ලැබූ බිරිඳගේ මළසිරුර රැගෙන හුදෙකලා මාවතේ වේගයෙන් ගමන් කරන කාරය, ඊළඟ දවස උදාවත් සමඟ පෙට්ටි කඩයක් අසල දෙවනුව නතර කරවයි. එතැන දී ඝාතකයා කිරි තේ වීදුරුවක් පානය කරයි

“මහත්තය ෂූටින් නේ ද?”

ඇවිළෙනසුලු ජීවිත. සන්තානය තුළ “ඇවිලෙන සුලුයි” සිනමා නිර්මාණයේ තමා විසින් ඝාතනය කරනු ලැබූ බිරිඳගේ මළසිරුර රැගෙන හුදෙකලා මාවතේ වේගයෙන් ගමන් කරන කාරය, ඊළඟ දවස උදාවත් සමඟ පෙට්ටි කඩයක් අසල දෙවනුව නතර කරවයි. එතැන දී ඝාතකයා කිරි තේ වීදුරුවක් පානය කරන අතරතුර මිදුලේ සැරිසරන රතුලූනු ගෙඩිය බැගින් කෝටු තුනක අමුණා අතෙහි රඳවාගෙන කෙමක ඵල හොයන මිනිසා, එක අරමුණක සිටියි.

අනතුරුව, හෘදය සාක්ෂියේ අරමුණු දෙදරා යයි. “එපා කමල්” යැයි කියද්දීම සැණෙකින් උගුරු දණ්ඩ කපා දමන අවස්ථාවේ දී නමින් ඝාතකයා හඳුනා ගන්නා ප්‍රේක්ෂකයා හට අනන්‍යතා සියල්ල මතු කරවන්නේ කාරයේ පිටුපස අසුනින් මතුවන අමුත්තිය විසිනි.

මනසින් සිදුවන බන්ධනයක්, විනාශ කළ නොහැකි සනාතන දහම මෙහිලා විටින්විට මතු කරවයි. කමල්ගේ සිත තුළ සැඟවුණු මනෝභාවයන් යළි යළි පණගන්වයි. ඝාතකයා මුළාවනවා මිස ඝාතකයාට තමාගේ හෘදය සාක්ෂිය රවටා ගැනීමට නොහැකි වෙයි. සියල්ල විනාශ කිරීමේ අරමුණින් පලා යාමට දරන තැත වික්ෂිප්තයක් බවට පත්වන්නේ එබැවිනි. අධ්‍යක්ෂවරයා සියල්ල මනෝ කල්පිතයක අන්තර්ගතය අමුත්තියගේ හැසිරීමෙන් ඝාතකයා ලවා පාපොච්චාරණය කරවයි. ඝාතකයා නිර්මාංශකයෙකි. සන්තාපය පසුතැවීම මත මුග්ධ භීෂණකාරී ක්‍රියාකාරකමක යෙදුණු ඝාතකයා හෘදය සාක්ෂියේ කටුක වේදනාවෙන් පීඩා විඳිමින් සිටින අයුරු යථාර්ථයක් බවට පත්වෙයි. බත් කඩය අසල දී අඩ නිරුවත් වීමේ අවස්ථාවේ සිට ඉදිරි සිදුවීම් සමුදාය හරහා ය. උපැස් යුවළෙහි දකුණුපස කාචය විනාශ වන සේ පහරදීම කිසියම් සංකේතාර්ථයකි. අනතුරුව, තනි ඇසකින් බැලීමකි. හෘදය සාක්ෂිය නමැති ඇස අහිමි වීමක් වැන්න. හුදෙකලා වූ ඝාතකයාට තම හෘදය සාක්ෂිය අහිමි වීම වියරුවකි. විටෙක පිටුපස අසුනින්, ඉදිරිපස අසුනින්, කාරය ඉදිරිපිටින් පැමිණෙන්නේ එය විය හැකිය. එපමණක් ද නොව කාරය ඉදිරිපස ඒකාකාරී වේගයෙන් චලනය වන විහිළුකාර බෝනික්කාගේ කහ පැහැ පුංචි රූපය ඉඟි සැපයීමකි. කාරය පණ ගැහෙන තාලයටම පමණක් රඟන බැවිනි.

ඇතුළතින් ගිනි ගන්නා ඝාතකයා ඒ ගින්න නිවා දමා ගනු පිණිස ඉන්ධන ලබා ගන්නේ මළසිරුර ගිනි තබා අළු කිරීමේ පරමාර්ථයෙනි. එහෙත් ඝාතකයා තුළ ඉතිරි වන කම්පනය ගිනි තබා විනාශ කළ නොහැකි ය. එය මතු කරවන්නේ අතරමඟ දී රහසේ කාරයට ගොඩ වී ඇති අමුත්තියයි.

නිරර්ථක ගැටුමක අනිටු ප්‍රතිවිපාක ඝාතකයා ඇති තරමට විඳියි. විටෙක සිදු වන වේගවත් චලන උත්ප්‍රාස මවයි. උපැස් යුවළ බිඳෙන අන්දම සහ අවසානයේ කමල්ගේ උගුරු දණ්ඩ කැපී විවරව රුධිරය ගලා යාම නිදසුන් වේ. හිතන්නට නොහැකි පරිදි වහා ඇවිළෙනසුලු ය.

ඇවිළෙන තෙක් දිගහැරුම අධ්‍යක්ෂවරයා කෙටි පරිච්ඡේද කීපයක සංකලනයක් ලෙස ණබසfැ; පිහිය, ක්‍්කක; හමුවීමට පැමිණීම, ීඑර්බටැර; නාඳුනන්නී, ක්‍ර්ජන; පැල්ම, ීජ්ර; කැලල, ීඑදරප; ප්‍රචණ්ඩත්වය, ෘ්රන; අඳුර, ණසකකැර; ඝාතකයා, ඔයසැf; සොරා, ත්‍සරු; දැල්වීම යනුවෙන් පෙළගස්වා තිබේ.

“යමං මාත් එන්නම්”

කාරය තුළ ඉදිරි හරස් දර්පන තලයට මුසුවන සමීප රූප දිව යයි. අමුත්තිය ඉදිරිපස ආසනයට පැමිණීමත් සමඟ ඝාතකයා අරමුණෙහි අතරමං වෙයි.

“තමුසෙ මගෙ කසාද මිනිහ කියනවා”

“මිනී මරන එකද රස්සාව”

“ඇයි තමුසෙ ගෑනිව මැරුවෙ”

අමුත්තියගේ ග්‍රහණයට හසුවීම බිඳුණු කණ්ණාඩියේ සුන් වූ වීදුරු කොටස් ඉවත් කිරීම සිද්ධි චලනයකි. සමීප රූප විචිත්‍රව මතු වීමකි.

“ඇත්තටම ගෑනිව මැරුවෙ වැරදිලා ද?”

සිත; සිත සමඟ රැගෙන යාම වැනි ආවර්ජනය ඝාතනයෙන් අනතුරුව, ව්‍යාකූල මනස හැසිරෙන භාවමය තත්ත්වය ප්‍රකාශ වීමකි.

අධ්‍යක්ෂවරයාගේ පෙළ හා යා වන ගමනෙහි තවත් අවස්ථාවක දී පතොක් පඳුරුවලින් පිරුණු ශුෂ්ක, වියළි පරිසරයකට කාරය ප්‍රවිෂ්ට වෙයි. කාරය තුළ භීෂණය වෙනත් මඟකට යන කිසිදු යොමුවකට ඉඩහසරක් සම්පාදනය නොවේ. කාරය තුළ රේඩියෝව වුව ද අවශ්‍ය පරිදි සුසර නොවේ. ජීවිතය මෙනි.

“මං ඉස්සර වුණා විතරයි”

සමනලුන් කාරයෙහි හැපී ජීවිතක්ෂයට පත් වීමේ ක්ෂණික රූප පෙළ ජීවිතයෙහි අනියත බව පසක්වීමකැයි සිතේ.

“දන්න පාර මඟඇරිල ගොඩක් කල්”

එවර, පිරිත් ගායනාව පමණක් රේඩියෝවෙන් සුසර වී තිබේ.

“මං කළුවරට බයයි”

පෞරුෂයෙන් උද්දාමයට පත් නිර්භීත බොහෝ චරිත ශාරීරිකව මුළුගැන්වෙන අවස්ථා තිබේ.

“ගෑනියෙක්ව හැප්පුණා නෙ කාර් එකට”

ඝාතකයාගේ මනස ; මනස හා සිදුවන ගනුදෙනුව මානසික දෘෂ්ටාන්තයක අරගලයකි. මනස නිද්‍රාවෙන් මුදාගැනීමේ අරමුණ සාක්ෂාත් වෙයි. තේරවිල්ලෙන් පසු නොවිසඳෙන පිළිතුර සමඟ අමුත්තිය කාරයෙන් බැසීම සිදුවේ.

“මං කිව්වෙ නෑ කියන්න එපා”

නැවත නැවත ඝාතකයාගේ මුවින් ප්‍රකාශිත නොනිමි පසුතැවිල්ල රූපණ භාවිතයේ සෙවණැලි බඳු ය.

අමුත්තිය කාරයට යට කිරීම, කලිසම ඇඳ ගැනීම, පෙට්‍රල් සිරුරට දැමීම, ලයිටරය සෙවීම කළ ද නොලැබීම නිසා නොසන්සුන් වන ඝාතකයා කලබලකාරයකු බවට පත් වෙයි.

“මං දන්නවා උඹ ඔතන හැංඟිලා ඉන්නව කියල”

එහෙත්, ඒ වන විට අමුත්තිය කාරයෙහි පිටුපස අසුනට ගොසිනි. කාරය තුළ සමීප රූපය මතුවෙයි. අන්තර්ගතය හා සම්බන්ධ තුලනය දුරස්ථය. ගැළපීම, නොගැළපීමක බැඳීමක් වැන්න. අතරතුර පටිගත වන කැමරා මාන කිසියම් නොමනා ගැළපීමකි.

නිශ්චල ඝාතකයාගේ උගුරු දණ්ඩ කැපී විවරව තිබේ. කාරයේ ඇන්ජිම ද නතර වී තිබේ. භාවමය සංසිද්ධියක මුළා වූ අරුතට පණ ගැහෙන රිද්මයක් අධ්‍යක්ෂවරයා සපයයි. මේ වන විට පෙට්‍රල්වලින් පෙඟී වියළී සිටින අමුත්තිය සිගරට්ටුවක් දල්වා ගැනීම පිණිස සාක්කුවෙහි වූ ලයිටරය සිගරැට්ටුව සමීපයට ගෙන දල්වයි. සියල්ල ක්ෂණිකව දැවෙයි. සමස්තයෙහි රංගන හසුරුව පණගන්වමින් සමනලී ෆොන්සේකා සහ ශ්‍යාම් ප්‍රනාන්දු දැවී නොයද්දී, පූර්ව දෙස් විදෙස් ආභාස මතක ඉවතලමින් චින්තන ධර්මදාසගේ කුළුදුල් සිනමා නිර්මාණය දැවී යයි.

 

ශාන්ත කුමාර අපොන්සු

Leave A Reply

Your email address will not be published.

nine + 14 =