PHI වරුන් වෘත්තීය ක්‍රියාමාර්ගය දැඩි කරයි

මහජන‌ සෞඛ්‍ය පරීක්ෂකවරුන් අද කොළඹදී පැවති කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වීමෙන් පසු සිය වෘත්තීය ක්‍රියාමාර්ගය දැඩි කිරීමට තීරණය කර තිබේ.
ඊයේ ආරම්භ කළ කොරෝනා පාලනයට අදාළ සියලු රාජකාරිවලින් ඉවත් වී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ක්‍රියාත්මක කරනු ලබන වැඩවර්ජනය අද (18) දෙවැනි දිනටත් පැවැත්වේ.

සෞඛ්‍ය අමාත්‍යවරිය සමග පැවති සියලු සාකච්ඡා අසාර්ථක වූ බවද මෙම වැඩවර්ජනය සිදුකරන්නේ සෞඛ්‍ය අමාත්‍යවරිය කළ ප්‍රකාශයකට විරෝධය දක්වමින් බවද ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය පවසයි.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඊයේ (17) දහවල් 12.30 සිට කොරෝනා හෙවත් Covid -19 පාලනයට අදාළ රාජකාරිවලින් ඉවත් විය.

Leave A Reply

Your email address will not be published.

1 × five =