ඉන්දු – චීන ගැටුම් මැද ඉන්දු – ඇමෙරිකා සම්මුති

දැනට වසර 50ක පමණ කාලයක සිට, එනම් 1967 සිට පවතින ඉන්දු – චීන දේශසීමා ගැටුම් මේ වන විට නැවතත් උත්සන්න වී ඇති අතර, ඊට ඉන්දියාව ප්‍රතිචාර දක්වා ඇත්තේ, චීනයට එරෙහිව ආර්ථික පළිගැනීම් සිදු කරමිනි. ඒ අනුව ඉන්දියාව පසුගිය ජුනි 29 වන දින මිලියන 100කට වඩා පරිශීලනය කරන චීන සමාගම් විසින් නිපදවනු ලබන ‘ටික්ටොක්’ වැනි ජංගම දුරකථන යෙදුම් 59ක් තහනම් කරනු ලැබී ය. එම යෙදුම් “ඉන්දියාවේ ස්වෛරීභාවයට හා අඛණ්ඩතාවට, ඉන්දියාවේ ආරක්ෂාවට, රාජ්‍යයේ ආරක්ෂාවට සහ මහජන සාමයට බලපාන අගතිගාමී කටයුතුවලට”  සම්බන්ධ වී ඇති බව ප්‍රකාශ කරමින්, තහනම සාධාරණීයකරණය කළේ ය.

එහෙත්, එය චීනයට එරෙහි ඉන්දියාවේ දේශපාලන ප්‍රහාරයේ කොටසක් බව අවධාරණය කරමින් පාලක භාරතීය ජනතා පක්ෂය විසින් ජූලි 2දා බටහිර බෙංගාලයේ  පවත්වන ලද රැළියක දී, ඉන්දියානු නීති, සන්නිවේදන, ඉලෙක්ට්‍රොනික හා තොරතුරු තාක්ෂණ අමාත්‍ය රවී ශංකර් ප්‍රසාද්, මෙම තහනම චීනයට එරෙහි ‘ඩිජිටල් ප්‍රහාරයක්’ ලෙස විස්තර කළේ ය. සිය චීන විරෝධය තවත් තහවුරු කරමින් “කවුරු හරි ඉන්දියාව දෙස නපුරු ලෙස බැල්ම හෙළුවොත්, අපි සුදුසු පිළිතුරක් ලබා දෙන්නෙමු” යැයි ද පැවසී ය.

දශක ගණනාවක් තිස්සේ පවතින ඉන්දු – චීන දේශසීමා ගැටලුවට පදනම වී ඇත්තේ තවත් දේශපාලන බල ව්‍යාපෘති ගණනාවක ප්‍රතිඵල ය. ඒ අතුරින් සියලුම ආර්ථික අංශවල තරගකරුවකු ලෙස චීනය ඉදිරියට ඒම වළක්වාලීම සඳහා එක්සත් ජනපදය විසින් දරනු ලබන දිනෙන් දින උත්සන්න වන උත්සාහය තීරණාත්මක ය. ඉන්දියාව ද කලාපයේ බල අරගලයේ සිය වුවමනාවන් වෙනුවෙන් මේ සමඟ නොනිල වශයෙන් අත්වැල් බැඳගෙන සිටියි.

ඊට පසු දින ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, ජෙනරාල් බිපින් රාවට් සහ යුද හමුදාපති ජෙනරාල් මනෝජ් මුකුන්ඞ් නාරවානේ සමඟ ලඩාක් වෙත සංචාරයක් කරමින් එහි හමුදා නිලධාරීන් හමු විය. භට පිරිස් අමතමින් එහි දී ඔහු කියා සිටියේ, “ව්‍යාප්ත වීමේ යුගය අවසන්” සහ “එවැනි බලවේග අතුගා දමා ඇති බවට හෝ ආපසු හැරවීමට බල කෙරී ඇති බවට ඉතිහාසය සාක්ෂි දරයි” යනුවෙනි.

දශක ගණනාවක් තිස්සේ පවතින ඉන්දු – චීන දේශසීමා ගැටලුවට පදනම වී ඇත්තේ තවත් දේශපාලන බල ව්‍යාපෘති ගණනාවක ප්‍රතිඵල ය. ඒ අතුරින් සියලුම ආර්ථික අංශවල තරගකරුවකු ලෙස චීනය ඉදිරියට ඒම වළක්වාලීම සඳහා එක්සත් ජනපදය විසින් දරනු ලබන දිනෙන් දින උත්සන්න වන උත්සාහය තීරණාත්මක ය. ඉන්දියාව ද කලාපයේ බල අරගලයේ සිය වුවමනාවන් වෙනුවෙන් මේ සමඟ නොනිල වශයෙන් අත්වැල් බැඳගෙන සිටියි.

ඊට අනුපූරකව 2006දී ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ් පරිපාලනය සමඟ කොන්ග්‍රස් පක්ෂය ප්‍රමුඛ පසුගිය ආණ්ඩුව විසින් ඇති කර ගන්නා ලද ඉන්දු-එක්සත් ජනපද ‘ගෝලීය මූලෝපායික හවුල්කාරිත්වය’ භාරතීය ජනතා පක්ෂ ආණ්ඩුවේ පසුගිය වසර හය තුළ ගුණාත්මකව ඉහළ මට්ටමකට ගෙන ගොස් තිබේ. එමෙන්ම මෝදි පාලනය යටතේ ඉන්දියාව චීනයට එරෙහි එක්සත් ජනපද මිලිටරි මූලෝපායික ප්‍රහාරයේ පෙරමුණු රාජ්‍යයක් බවට පත්ව ඇත. ඇමෙරිකානු හමුදාව සඳහා ගුවන් හා නාවික කඳවුරු විවෘත කර ඇති ඉන්දියාව එක්සත් ජනපදය සමඟ මූලික ගිවිසුමක් ඇති කරගෙන සිටින අතර, එක්සත් ජනපදය සහ එහි ප්‍රධාන ආසියා-පැසිෆික් අනුගාමිකයන් වන ජපානය හා ඕස්ටේ්‍රලියාව සමඟ චීන විරෝධී ද්විපාර්ශ්වික හා බහුපාර්ශ්වික මූලෝපායික හවුල්කාරිත්ව සහ ආරක්ෂක සංවාද මාලාවකට ද සම්බන්ධ වී තිබේ.

මෙසේ චීනයට එරෙහි එක්සත් ජනපද යුද මෙහෙයුම සමඟ ඉන්දියාව වඩ වඩාත් සමීපව සම්බන්ධ වී සිටීම නිසා එක්සත් ජනපදය ඉන්දියාවට සිවිල් න්‍යෂ්ටික ඉන්ධන සහ තාක්ෂණය සඳහා  ප්‍රවේශය, එහි න්‍යෂ්ටික අවි ගබඩාව සංවර්ධනය කිරීම පිණිස ඉන්දියානු න්‍යෂ්ටික වැඩපිළිවෙළ කෙරෙහි අවධානය යොමු කිරීම සහ ඊට අනුග්‍රහ රැසක් ලබා දීමට කටයුතු කර ඇත. එක්සත් ජනපදය විසින් ඉන්දියාව, තමන්ගේ ප්‍රධාන ආරක්ෂක හවුල්කරුවකු ලෙස නම් කර ඇති අතර, තමන්ගේ සමීපතම හවුල්කරුවන්ට පමණක් ලබා ගත හැකි අධි තාක්ෂණික එක්සත් ජනපද ආයුධ පද්ධති මිල දී ගැනීමට ඉන්දියාවට ඉඩ සලසා තිබේ.

මෝදි ලඩාක් සංචාරයේ දී කළ තවත් ප්‍රකාශයක් මේ සම්බන්ධයෙන් බෙහෙවින් වැදගත් ය. “ලෝක යුද්ධ දෙක ඇතුළුව ගෝලීය මිලිටරි මෙහෙයුම්වලින් හිමි කර ගත් නිර්භීතකම හා නිපුණතාවේ දීර්ඝ ඉතිහාසයක් ඉන්දියානු සොල්දාදුවන්ට ඇත” යනුවෙන් එහි දී ඔහු ප්‍රකාශ කළේ ය. ඉන්දියානු හමුදාව බි්‍රතාන්‍ය හමුදාවේ කොටසක් ලෙස බි්‍රතාන්‍ය අධිරාජ්‍යයේ අවශ්‍යතා තහවුරු කිරීම සඳහා 20 වන සියවසේ අධිරාජ්‍යවාදී ලෝක යුද්ධ දෙකෙහි දී සටන් කළේ ය. මෝදි එය ‘ගෝලීය මිලිටරි ව්‍යාපාර’වල ඉන්දීය සොල්දාදුවන්ගේ නිපුණතාවට සාක්ෂියක් ලෙස හුවාදැක්වූ අතර, එයින් අවධාරණය කළේ, චීනය සමඟ කෙරෙන ව්‍යසනකාරී යුද්ධයක් තුළ කලාපීය බලවතකු ලෙස එක්සත් ජනපදයට සේවය කිරීමට තම ආණ්ඩුව සූදානමින් සිටින බවයි.

චතුර දිසානායක

Leave A Reply

Your email address will not be published.

one × 2 =