“ඌරෝ අතර pork” අද ‘පුංචි තියටර්’ හීදී

අසංක සායක්කාරගේ නවතම වේදිකා නාට්‍ය “ඌරෝ අතර pork” මුල්ම වේදිකා දිගහැරුම අද සවස 3.30 ට සහ 6.45 ට බොරැල්ල ‘පුංචි තියටර්’ හීදී. ටිකට් එහිදී ලබාගත හැකි බවද සඳහන් කරන අතර සෞඛ්‍ය උපදෙස් අනුව පැවැත්වෙන බවද සංවිදායක මණ්ඩලය දන්වා සිටියි.

අසංක සායක්කාර මේ නාට්‍යය ගැන දැක්වුවේ මෙහෙම අදහසක්,
“ලංකාව කියන්නෙත් ඇනිමල් ෆාර්ම් එකක්ම තමයි. එක එක කාලවල විවිධ ඌරෝ මේ ෆාර්ම් එකේ පාලනය භාරගත්තා. හැබැයි හු`ගක් ඌරෝ එළිපිට පදක්කම් ගහගෙන පාලනය කරේ නෑ. පදක්කම් ටික තිබ්බෙ හංගලා. ඇනිමල් ෆාර්ම් එකේ අවසාන අධියරේදී නැපෝලියන් එළිපිට පදක්කම් ගහගෙන එළියට ආවා වගේම අපිත් දැන් ඉන්නෙ ඌරෝ එළිපිට පදක්කම් ගහගෙන පාලනය කරන යුගයක.”

“මේ නාට්‍ය එක්තරා විදියක අපිට පර්යේෂණාත්මක වැඩක්. මම මෙතෙක් කරපු නාට්‍යවලට වඩා මේක ටිකක් වෙනස්. සංගදාසගේ චූටිකලිසම, මං කෙළින් මිනිහෙක්, ශ‍්‍රී මත් සූමන වගේ නාට්‍ය කරමින් පහුගිය වසර හතක පමණ කාලය ගත කරද්දී අපි ගනුදෙනු කළේ සීමිත පේ‍්‍රක්ෂාගාරයක් එක්ක. අපේ නාට්‍යවල ගොඩනගන සංවාදය ගැන මේ පේ‍්‍රක්ෂාගාරයෙන් සාහිත්‍ය බහුතරය දැනුවත්. ඇත්තටම මේ සංවාදය ගොඩ නගා ගත යුත්තේ අපේ පේ‍්‍රක්ෂාගාරයට නොපැමිණෙන පේ‍්‍රක්ෂකයන් සමඟ. ඉතින් අපි දිගටම උත්සාහ කරපු දෙයක් තමයි, ඒ පේ‍්‍රක්ෂාගාරය සමඟ කොහොමද සවිඥානික දේශපාලන ගනුදෙනුවක් ගොඩ නගන්නේ කියන එක. ඒ ගැන විවිධ විවිධ මට්ටමින් පර්යේෂණ කරමින් ගොඩනැගුණු නාට්‍යයක් තමයි ‘ඌරෝ අතර පෝර්ක්’‍.”

Leave A Reply

Your email address will not be published.

15 − 13 =