මැතිවරණය අවසන් වනතුරු පාසල් වසා දැමීමේ යෝජනාවක්

ලොව පුරා පවතින කොරෝනා වසංගත තත්වය මත ඉදිරි මහ මැතිවරණය අවසන් වනතුරු දිවයිනේ සියලු පාසල් වසා දැමීමට තීරණය කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශ ආරංචිමාර්ග මගින් දැනගන්නට ලැබේ.

මේ අනුව අගෝස්තු මස 5 වැනිදා පැවැත්වෙන මහ මැතිවරණය අවසන් වනතුරු පාසල් විවෘත නොකරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යාංශයට නිර්දේශ කර ඇති බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.

ඊට අදාළ නිල නිවේදනයක් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ඉදිරි පැය කිහිපය තුළ නිකුත් කරනු ඇතැයි වාර්තා වේ.

මේ අතර මැතිවරණ රාජකාරී කරගෙන යාම සඳහා අදාළ පාසැල් පමණක් විවෘත කෙරෙන බවද පැවසේ.

පියවර දෙකකට පාසල් විවෘත කළ ද කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් නව කොරෝනා වයිරස ආසාදිත පොකුරක් හමුවීමත් සමඟ ජූලි 13 වැනිදා සිට 17 වැනිදා දක්වා සතියක කාලයකට පාසල් වසා දැමිණි.

Leave A Reply

Your email address will not be published.

5 × 5 =