තාජුඩීන් ඝාතන නඩුවත් වෙනත් පැත්තක යන ලකුණු !

ප්‍රකට‍ රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනය සම්බන්ධයෙන් ගොනු කර ඇති නඩුවේ එක් සැකකරුවෙකු වන හිටපු අධිකරණ වෛද්‍ය නිලධාරී මහාචාර්ය ආනන්ද සමරසේකර මියගොස් ඇති බවත් තවත් සැකකරුවෙකු වන බස්නාහිර පළාත් ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක දැඩි ලෙස රෝගාතුර වී ඇති බවත් නීතිපති දෙපාර්තමේන්තුව අද (16) අධිකරණයට දැනුම් දුන්නේය.

කොළඹ හිටපු අධිකරණ වෛද්‍ය ප්‍රධානී මහාචාර්ය ආනන්ද සමරසේකර සහ හිටපු ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනනායක හට වසීම් තාජුඩීන් නඩුවේ සාක්ෂි සැඟවීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබේ.

2012-05-17 දින රිය අනතුරකින් තාජුඩීන් මියගොස් තිබු අතර එය මුලින් හදිසි අනතුරක් ලෙස ප්‍රකාශයට පත් වූ නමුත් මේ වන විට එය මිනීමැරුමක් ලෙස විමර්ශනය කෙරෙමින් පවතියි.

Leave A Reply

Your email address will not be published.

five × 1 =