ආණ්ඩුවට එරෙහිව කතෝලික සභාවත් උසාවි යයි

පාස්කු ප්‍රහාරය සිදු වූයේ ආණ්ඩුවේ නොසලකා හැරීම නිසා බවත් එමගින් මිනිස් අයිතිවාසිකම් කඩ වී ඇති බවටත් චෝදනා කරමින් ශ්‍රී ලංකා කතෝලික සභාව විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සමක් ගොණු කරනු ලැබීය. එහිදී අගමැති රනිල් වික්‍රමසිංහ ඇතුළු දේශපාලන අධිකාරිය, නීතිපතිවරයා, හිටපු පොලිස්පතිවරයා, වර්තමාන පොලිස්පතිවරයා, ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයා සහ වර්තමාන ලේකම්වරයා වගඋත්තරකරුවන් කර තිබේ.

කතෝලික සභාව නියෝජනය කරමින් සමාජ හා සාමයික කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ නීතිඥ අශෝක් ස්ටීවන් පියතුමා, ෂෙරාඩ් ජයවර්ධන පියතුමා සහ සරත් ඉද්මල්ගොඩ පියතුමා මෙම පැමිණිල්ල ඉදිරිපත් කළ අතර නීතිඥ සුනිල් වටගල මහතා පැමිණිලිකාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටියේය.

වීඩියෝව නරඹන්න

Leave A Reply

Your email address will not be published.

eighteen + sixteen =