ගම්පහ මහසේත්‍රාත් ඇතුළු 08ක් අද නිරෝධායනයට

ගම්පහ අංක දෙක දිසා අධිකරණයේ මහේස්ත්‍රාත්වරිය ඇතුළු 08 දෙනෙකු නිරෝධායනය සඳහා යොමු කර ඇති බව වාර්තා වේ.

පසුගිය 06 වනදා කොරෝනා වෛරසය ආසාදිත වූ අයෙකු එම අධිකරණයේ පැවති නඩුවක සාක්ෂි ලබාදී ඇත.

ඔහු කන්දකාඩු පුනරුත්ථාපන කඳවුර වෙත උපදේශකයන් රැගෙන ගොස් ඇති වාහනයක රියෙදුරා ලෙස කටයුතු කර ඇති අතර පසුගිය 13 වනදා ඔහුට කොරෝනා වෛරසය ආසාධනය වී ඇතැයි අනාවරණය වී තිබේ.

ඒ අනුව ඊයේ (14) සිට මහේස්ත්‍රාත් තුමිය ඇතුළු එම අධිකරණයේ සේවයේ නියුතු 06 දෙනෙකු සහ නීතිවේදීන් දෙදෙනෙකු මෙසේ නිරෝධායනය සඳහා යොමු කර ඇත.

ඔවුන් සම්බන්ධයෙන් PCR පරීක්ෂණ සිදු කිරීමට නියමිත ය.

Leave A Reply

Your email address will not be published.

nineteen − 13 =