ඔබේ දරුවා සිබිල්ලන්තයට ඇතුළු කරන්න

1956 යනු ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්‍රයේ විශාල යුග පෙරළියක් සිදු වූ වසරක්. එය සරච්චන්ද්‍රගේ ‘මනමේ’ බිහි වූ වසරයි. ලෙස්ටර්ගේ රේඛාව බිහි වූ වසරයි. මාර්ටින් වික්‍රමසිංහගේ විශිෂ්ටතම නවකතාව වන ‘විරාගය’ බිහි වූ වසරයි. සිබිල් වෙත්තසිංහ ගේ ‘කුඩ හොරා’ බිහි වූ වසරයි. එහෙත්, කලා ක්ෂේත්‍රයේ සිදු වූ මේ දැවැන්ත භූ සලකුණු අතුරින් සිබිල් වෙත්තසිංහගේ ‘කුඩ හොරා’ හෙවත් ශ්‍රී ලංකාවේ පළමු ප්‍රශස්ත ළමා කතාව බිහි වීම මැකී ගියා. එය 1987දී හොඳම තුන්වන විදෙස් ළමා කතාව ලෙස ජාත්‍යන්තර සම්මාන ලැබූ අතර, ජපානයේ පළ වූ හොඳම ළමා කතාව ලෙස නම් කළා. එය 1987 වසරේ දී ශැ්ර දf ්පඉරුකක් එයසැf ලෙස නම් කෙරුණා. ජපානයේ පාසල් ළමුන් ඇයට තිළිණ ලෙස එවූ විවිධ හැඩයේ ඔරිගාමි කුඩ එකතුවක් ඇගේ කුටියේ සංරක්ෂණයවී තිබෙනවා. ඔවුන් ‘කුඩ හොරා’ කෘතිය සමාජගත කිරීම සඳහා ඒ ආශ්‍රිත සංස්කෘතියක් නිර්මාණය කළා. විවිධ කවර, සිතුවම් සහිතව මේ පොත නිර්මාණය කළා. පිඟන් කෝප්පවල මේ කතාව මුද්‍රණය කළා. ‘කුඩ හොරා’ කියවීම් කව සංවිධානය කළා. ‘කුඩ හොරා’ අත් පිටපත ජපානයේ ළමයින් සඳහා වූ සිහිවටන ගම්මානයේ සිබිල්ට වෙන් වූ කුටියක තැන්පත් කළා.

ඔබ දන්නවා ද? ඩෙන්මාර්කයේ මිනිස්සු සුරංගනා කතා ලෝකෙ රජු වන හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන්ට සලකපු විදිය ? ඔහුගේ අවමංගල්‍යය සංවිධානය කළ විදිය ! ඔහු ළමා ලෝකයේ රජු බවට පත් කළා.

ඔබේ දරුවාගේ පාසලේ ප්‍රථමික අංශය සිබිල්ලන්තයක් තැනීමට සුදුසුම ස්ථානයයි. එහි සිබිල් නැන්දාගේ 200කට වැඩි කෘති එකතුවෙන් කොටසක්, ඇගේ හඬ පට කීපයක්, ඡායාරූප එකතුවක් පිළියෙල කර ගැනීමට පුළු‍වන්. එමෙන්ම ඇගේ ජාත්‍යන්තර ප්‍රමිතියට නිර්මාණය වූ ඉංග්‍රීසි බසින් පළ වූ පොත් කීපයක් ද එකතු කර ගත හැකියි. මෙය ඔබේ දරුවා වෙනුවෙන් කළ හැකි අගනා ම ආයෝජනය වනු නොඅනුමානයි. මේ ඡායාරූපවල තියෙන්නෙ සිබිල් නැන්දාට ජාත්‍යන්තර ළමා සාහිත්‍යය තුළ හිමි තැන පිළිබඳ කතාවයි.

ජයන්ත කහටපිටිය

Leave A Reply

Your email address will not be published.

fourteen − 9 =