මෙසී, රොනාල්ඩෝට සම වෙයි

ආජෙන්ටිනාවෙන් බිහි වූ විශිෂ්ටතම පාපන්දු ක්‍රීඩකයකු වන ලයනල් මෙසී සිය පාපන්දු තරග දිවියේ 700 වැනි ගෝලය පසුගිය දා වාර්තා කළේ ය. බාසිලෝනා ක්‍රීඩා සමාජය නියෝජනය කරන මෙසී ස්පාඤ්ඤ පාපන්දු ලීග් තරගාවලිය යටතේ පසුගිය දා ඇටලෙටිකෝ මැඞ්රිඞ් පිලට එරෙහිව දඬුවම් පහරක් මඟින් ලබා ගත් ගෝලයත් සමඟින් සිය 700වන ගෝලයට හිමිකම් කීය. 

ස්පාඤ්ඤ පාපන්දු තරග පිටියේ වැඩිම ගෝල සංඛ්‍යාවක් හිමි මෙසී එතෙක් මෙතෙක් ගෝල 700 කඩඉම පසු කළ ලොව 7වැනි ක්‍රීඩකයා ය. මීට පෙර චෙක් රාජ්‍ය පිලට සහ ඔස්ට්‍රියානු පිලට ක්‍රීඩා කළ ජෝසෆ් බිකන් ගෝල 805ක් රැස් කර තිබේ. බ්‍රසීලයේ රොමාරියෝ වාර්තා කර ඇති ගෝල සංඛ්‍යාව ගෝල 772කි. බ්‍රසීලයේ පේලේ සිය තරග දිවියේ දී ගෝල 767ක් වාර්තා කර තිබේ. එමෙන්ම හංගේරියානු ක්‍රීඩක ෆෙරෙන්ස් පුස්කාස් ගෝල 746ක් ද, ජර්මානු ක්‍රීඩක ජර්ඩ් මුලර් ගෝල 735ක් ද රැස් කර ‘ගෝල හත් සියයේ සමාජය’ට එක්ව තිබේ.

මෙසීගේ සමකාලීන තරගකරුවා වන පෘතුගාලයේ ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ ද ගෝල 700ක් ලබා ඒ අතර සිටීම විශේෂයකි.

Leave A Reply

Your email address will not be published.

five × five =