වියටිනාමයේ ICU තුළ සිටි අවසන් කොරෝනා රෝගියාද සුවය ලබයි

 

වියටිනාමය ලෝකයේ බොහෝ ක්ෂේත්‍ර තුළ ඓතිහාසික ජයග්‍රහණයන්ට උරුම කම් කී රටකි. ලෝකයේ වර්තමාණ වෛරස් වසංගතයේදීත් ඇය එය මානව ජයග්‍රහනයකින්ම කෙලවරක් දකිනු ඇත. මීට මාස 4 කට පෙර වෛරසය වැළදුණු ප්‍රථම කොරා්නා වෛරස් ආසාධිතයාගේ සිට මෙි දක්වා රෝගය පැතිරුනු මිනිසුන්ගේ සංඛ්‍යාව ඔවුහු 370 කට සීමා කලහ. මාස 1ක් පුරාවට අලුත් වෛරස් ආසාදිතයන් නොමැත. කොරෝනා වෛරස් රෝගයෙන් මිය ගිය සංඛ්‍යාව බිංදුවකි. ජයග්‍රහනයේ ස්වාභාවය එබදුය.
අංක 91 යනු වියටිනාමයේ වෛරසය ආසාදිත 91 වැනි රෝගියාය. හේ වියටිනාමි ජාතික ගුවන් සේවයේ නියමුවකු ලෙස සේවය කල බ්‍රිතාන්‍ය ගුවන් නියමුවෙකි.

 

මාර්තු මාසයේ වියටිනාමයේ කොරෝනා වෛරස් පරීක්ෂනයකදී මෙි 42 හැවිරිදි Stephen Cameron, ධනාත්මක ලක්ෂන පෙන්නූ අතර වහා රෝහල් ගත කෙරිනි. නියමුවා වියට්නාමයේ ‘ 91 රෝගියා’ ලෙස හැඳින්වේ. ඔහු කොරෝනා වයිරසය ඇති බව තහවුරු කළ රටේ 91 වන පුද්ගලයා විය. COVID-19 සමඟ නියමුවා කොතරම් අසනීප වී ඇත්ද යත්, එක් අවස්ථාවක දී පෙනහළු බද්ධ කිරීමකට යාමට වෛද්‍යවරු සූදානමි විය. ඔහුගේ පෙනහළු වලින් 90% ක්ම හානිවී හා ක්‍රියාකාරී නොවීය. එහෙත් පෙනහලු බද්ධයකින් තොරව පුරා දින 65 කට පසු ඔහුව සුවපත් කරීමට වියටිනාමි වෛද්‍යවරු සමත්විය.ඒ වියටිනාමයේ දැඩි සත්කාර ඒකකයේ සිටි අවසන් කොරා්නා රෝගියාය.
ඔහු ඉකුත් 10 වන දා සිය මවුරටට පියාසර කිරීමට මොහොතකට පෙර රෝහලේ සිට වීඩියෝ හඩ පටයක් නිකුත් කර තිබිනි.
“මට මෙහි සිටින සෑම කෙනෙකුටම ස්තූති කළ හැක්කේ ඔවුන් කළ දේවල් ගැන මා විතර දන්නා කෙනෙක් නොමැති බැවිනි. . “මම ගෙදර යන නිසා මම සතුටින් හදවතින් ගෙදර යමි. නමුත් මම බොහෝ මිතුරන් මෙහි දමා යාම පිළිබදව කනගාටු වෙමි.. Cho Ray රෝහලේ සේවය කරන වෛද්‍යවරුන්ගේ සහ හෙදියන්ගේ කැපවීම සහ වෘත්තීයභාවය පිළිබඳවත් වියට්නාම ජනතාවගේ ත්‍යාගශීලීභාවය පිළිබඳවත් මා අතිශයින් සතුට පත්ව සිටිමි ‘‘

-උපාලි ජයසිංහ 

Leave A Reply

Your email address will not be published.

4 × two =