දැරණියගල යට කරන රූකාෂල් ජලාශය යළිත් කරළියට !

34

 
පසුගිය ආණ්ඩුව සමයේ ජනතා විරෝධතාව හේතුවෙන් නවතා දැමූ දැරණියගල රූකාෂල් ජලවිදුලි බලාගාර ව්‍යාපෘතියේ කටයුතු ආරම්භ කිරීමට වර්තමාන ආණ්ඩුව සැලැසුම් සකස් කරමින් සිටී.
මෙම ජලවිදුලි බලාගාරය සඳහා වූ ජලාශය කැලණි ගඟේ අතු ගංගාවක් වන සීතාවක ගඟ දැරණියගල නගරයට පහළින් හරස් කර ඉදි කිරීමට සැලැසුම් කර තිබේ. මෙම ජලාශය ඉදි කිරීමේ තවත් ප්‍රධාන අරමුණක් වී ඇත්තේ, දැනට ඉදි කෙරෙමින් පවතින කොළඹ වරාය නගරය සඳහා ජලය සපයා ගැනීම සඳහා බවට තොරතුරු හෙළිව තිබේ. මෙම ජලාශය සඳහා සීතාවක ගඟ හරස් කිරීමෙන් පසුව දැනට පවතින දැරණියගල නගරය ඇතුළුව ඒ අවට ගම්මාන රැසක තේ, ගම්මිරිස් ඇතුළු වගා බිම් අක්කර දහස් ගණනක් ජලයෙන් යට වීමට නියමිත ය.
මේ සම්බන්ධයෙන් පරිසර අධ්‍යයන වාර්තාව පසුගිය ජුනි මස 22 නිකුත් කර ඇති අතර, මෙම ෑෂ් වාර්තාව මහජන ප්‍රදර්ශනය සඳහා ජුනි 13 වැනිදා සිට ජූලි 12 වැනිදා දක්වා දෙහිඕවිට හා දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල හා ප්‍රාදේශීය සභා කාර්යාලවල තැබිය යුතු අතර, තවමත් එය සිදු කර නොමැත.
පසුගිය දා ජාතික ජන බලවේගය විසින් සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවක දී මේ සම්බන්ධයෙන් අනාවරණය කරමින්, එහි කෑගල්ල දිස්ත්‍රික් අපේක්ෂක, ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෝසල නුවන් ජයවීර සඳහන් කළේ, කුඩා ජලවිදුලි බලාගාර හේතුවෙන් දැරණියගල පමණක් දිය ඇලි 15ක් මේ වන විට සිඳී ගොස් ඇති බවයි. මෙම ජලාශයට යට වන ඉඩම්වල ජනතාවගේ ඉරණම කුමක් දැයි එහි දී ඔහු ප්‍රශ්න කළේ ය.
ධම්මික ප්‍රියදර්ශන

Previous articleමෛත්‍රී – රොෂාන් මහවැලියට හැප්පෙති !
Next articleවියටිනාමයේ ICU තුළ සිටි අවසන් කොරෝනා රෝගියාද සුවය ලබයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here